කබීර් බේඩි
කබීර් බේඩි | |
---|---|
උපත | 16 ජනවාරි 1946 |
රැකියාව | නළුවකු, රූපවාහිනී නිවේදකයකු |
සක්‍රීය වසර | 1963–වර්තමානය |
කලත්‍රයා(යන්) | ප්‍රොතිමා ගෞරි (1969–199?) සුසෑන් හම්ෆ්‍රීස් නිකී මූලගඕකාර් (වි. 1992–2005) ප්‍රවීන් දුසාන්ජ් (වි. 2017) |
දරුවන් | 3, පූජා ද ඇතුළුව |
කබීර් බේඩි (උපත 16 ජනවාරි 1946) යනු ඉන්දියානු රූපවාහිනී සහ චිත්‍රපට නළුවෙකි. ඔහුගේ වෘත්තිය ඉන්දියාව, එක්සත් රාජධානිය සහ බොහෝ යුරෝපීය රටවල් ඇතුළු මහාද්වීප තුනක පැතිර පවතියි. ඔහු ප්‍රධාන වශයෙන්ම චිත්‍රපට, රූපවාහිනී සහ වේදිකා යන ක්ෂේත්‍රවල කටයුතු කරයි.[1] ඔහු වඩාත් ප්‍රකට වූයේ ටාජ් මහල්: ඇන් එටර්නල් ලව් ස්ටෝරි චිත්‍රපටයේ ෂා ජහාන් අධිරාජයාගේ චරිතය නිරූපණය කිරීම හේතුවෙනි. යුරෝපය තුළ ඔහු වඩාත් ප්‍රචලිත වූයේ සැන්ඩෝකන් සුප්‍රකට රූපවාහිනී කෙටි කතාමාලාවේ මුහුදු කොල්ලකරුවාගේ චරිතය සහ 1983 ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් වූ ඔක්ටොපසිහි ගෝබින්දා නැමැති දුෂ්ට චරිතය නිරූපණය කිරීම නිසායි. ඉතාලිය තුළ ද ජනප්‍රිය මොහුට චතුර ලෙස ඉතාලි බස හැසිරවිය හැක. ඉන්දියාව පාදක කරගත් කබීර් බේඩි වාසය කරන්නේ මුම්බායිහි ය.[2] 2017දී, ඔහු තෙලිඟු ඓතිහාසික චිත්‍රපටයක් වූ ගෞතමීපුත්‍ර සාතකර්ණි චිත්‍රපටයේ නාහපාන නැමැති බටහිර ක්ෂත්‍රප පාලකයාගේ චරිතය නිරූපණය කළේ ය.
චරිතාපදානය
[සංස්කරණය]මුල්කාලීන දිවිය
[සංස්කරණය]බේඩි බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ඉන්දියාවේ නිදහස දිනා ගැනීම වෙනුවෙන් සටන් වැදුණු සික් පවුලක, උපන් දරුවන් තිදෙනකු අතුරින් අයෙකි. ඔහුගේ පියා වූ බාබා ප්‍යාරේ ලාල් සිං බේඩි පන්ජාබි සික් කතුවරයකු සහ දාර්ශනිකයකු විය. ඔහුගේ මව වූ ෆ්‍රේඩා බේඩි එංගලන්තයේ ඩර්බිහි උපන් බ්‍රිතාන්‍ය කාන්තාවකි. ඇය ප්‍රකට වූයේ ටිබෙට් බුදු දහම වැළඳගෙන පැවිදි වූ ප්‍රථම බටහිර කාන්තාව ලෙසිනි. කබීර් බේඩි සිය අධ්‍යාපනය හදාළේ උත්තරඛාන්ද්හි නයිනිතාල්හි ෂර්වුඩ් විද්‍යාලයෙනි. ඔහු සිය උපාධිය හදාළේ දිල්ලියේ ශාන්ත ස්ටීවන් කොලීජියෙනි.
පෞද්ගලික දිවිය
[සංස්කරණය]බේඩි සිව් වරක් විවාහ වී ඇති අතර, ඔහුට දරුවන් තිදෙනකු වේ. පූජා, සිද්ධාර්ත් (මියගිය) සහ ඇඩම් එම දරුවන් තිදෙනා වේ. පළමුව ඔහු ඕදිසි නර්තන ශිල්පිනියක වූ ප්‍රොතිමා බේඩි සමග විවාහ විය. ඔවුනගේ දියණිය වන පූජා බේඩි සඟරා/ පුවත්පත් තීරු ලේඛිකාවකි. ඔවුන්ගේ පුත්‍රයා වූ සිද්ධාර්ත් එක්සත් ජනපදයේ කාර්නෙජී මෙලන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලද අතර, දිගු කාලයක සිට භින්නෝන්මාදයෙන් පෙළුණු ඔහු 1997 සියදිවි හානි කරගන්නා විට වයස 26කි.[3]
ප්‍රොතිමා සමග ඔහුගේ විවාහය දෙදරා යාමත් සමග, ඔහු පර්වීන් බාබි සමග ප්‍රසිද්ධියේ සම්බන්ධයක් පැවැත්වී ය. ඔවුන් කිසිදින විවාහ වූයේ නැත. පසුව ඔහු බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති මෝස්තර නිර්මාණ ශිල්පිනියක වූ සුසෑන් හම්ෆ්‍රීස් සමග විවාහ විය. ඔවුනගේ පුත්‍රයා වන ඇඩම් ජාත්‍යන්තර මෝස්තර නිරූපණ ශිල්පියකු වන අතර,[4] හෙලෝ? කෝන් හේ! චිත්‍රපටය ඔස්සේ ඔහු හින්දි සිනමාට ද පිවිසියේ ය.[5] මෙම විවාහය ද දික්කසාදයකින් කෙළවර විය.
1990 දශකයේ, බේඩි රූපවාහිනී සහ ගුවන්විදුලි නිවේදිකාවක වූ නිකී බේඩි හා විවාහ විය. ඔවුනට දරුවන් නොවූ අතර, 2005දී ඔවුහු දික්කසාද වූහ. ඉන් පසුව බේඩි බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත පර්වීන් දුසාන්ජ් සමග සම්බන්ධයක් පැවැත්වී ය.[6][7][8][9]
2016 ජනවාරි 15 දින එනම්, ඔහුගේ 70වන උපන්දිනයට දිනකට පෙර කබීර් සිය දිගු කාලීන පෙම්වතිය වූ 41 හැවිරිදි පර්වීන් දුසාන්ජ් හා විවාහ විය.[10] කපීර් බේඩි මියන්මාර රජයට එරෙහි අරගලවලට සහාය දක්වන අතර, එක්සත් රාජධානියේ බුරුම ව්‍යාපාරයේ සාමාජිකයකු ද වේ.[11]මීට අමතරව රොටරි ඉන්ටර්නැෂනල් සවුත් ඒෂියා සංගමයේ ඉගැන්වීම් වැඩසටහන සහ ඉන්දියාවේ හා දකුණු ආසියාවේ සමස්ත සාක්ෂරතා මෙහෙයුම සඳහා සන්නාම තානාපතිවරයකු ලෙස කටයුතු කරයි.[12]
වෘත්තිය
[සංස්කරණය]කබීර් බේඩි සිය වෘත්තිය ඇරඹූයේ ඉන්දියානු වේදිකාව තුළින් වන අතර, අනතුරුව ඔහු හින්දි චිත්‍රපට සමග සම්බන්ධ විය. හොලිවුඩ් චිත්‍රපට වෙනුවෙන් දායක වූ ප්‍රථම ඉන්දියානු අන්තර්ජාතික නළුවන්ගෙන් අයකු ලෙස ද බේඩි සැලකේ.
වේදිකා රංගනය
[සංස්කරණය]වේදිකා නළුවකු ලෙස කබීර් ෂේක්ස්පියර්ගේ ඔතලෝ මෙන්ම, ඓතිහාසික ඉන්දියානු රජකු පිළිබඳ කියැවෙන ටුඝ්ලක්, ද වල්චර්ස් වැනි වේදිකා නාට්‍යවල රංගනයෙන් දායක වී තිබේ. ලන්ඩනයේ දී ඔහු ෂැෆ්ටස්බරි රඟහලේ දී එම්. එම්. කේයිගේ නවකථාවේ බටහිර අන්ත සංගීතමය අනුවර්තනයක් වූ ද ෆා පැවිලියන්ස් සඳහා ද දායක විය. 2011දී කබීර් ජෝන් මරල් නම් කැනේඩියානු නාට්‍ය රචකා යිසින් රචිත ‘තාජ්’ වේදිකා නාට්‍යයේ ෂා ජහාන් අධිරාජයාගේ චරිතය නිරූපණය කළේ ය. මෙය ටොරන්ටෝවේ ලුමිනේටෝ උත්සවය සඳහා ඉදිරිපත් විය. 2013දී මෙම නාට්‍යය නැවත සලකා බැලීමට ලක්වූ අතර, කැනඩාවේ සති 8ක් බහු-නගර සංචාරයක් සඳහා ද යොදාගැනිණි.[13]
චිත්‍රපට වෘත්තිය
[සංස්කරණය]ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් වන ඔක්ටොපසි තුළ ඔහු රොජර් මුවර් සමග අවසානය තෙක්ම සටන් වදින දුෂ්ට චරිතයක් වූ ගෝබින්දාගේ චරිතය නිරූපණය කළේ ය. කබීර් 60කට අධික ඉන්දියානු චිත්‍රපට සංඛ්‍යාවක රංගනයේ යෙදී ඇත. ඓතිහාසික වීරකථා චිත්‍රපටයක් වූ ටාජ් මහල්: ඇන් එටර්නල් ලව් ස්ටෝරි තුළ කබීර් විසින් ෂා ජහාන් අධිරාජයාගේ චරිතය නිරූපණය කරන ලදී. ඔහු විසින් ප්‍රධාන චරිත නිරූපණය කළ සෙසු හින්දි චිත්‍රපට අතර රාජ් ඛෝස්ලාගේ කච්චේ ධාගේ, රාකේෂ් රෝෂන්ගේ ඛූන් භාරි මාන්ග් සහ ෆාරා ඛාන්ගේ මේන් හූන් නා යන චිත්‍රපට ප්‍රධාන වේ.
කබීර් බේඩි රිතික් රෝෂන් (කයිට්ස්), ගෝවින්දා (ෂෝමෑන්), සහ අක්ෂේ කුමාර් (බ්ලූ) සමග චිත්‍රපට රූගත කොට ඇත.[14] මීට අමතරව ඔහු දීපා මෙහ්තාගේ චිත්‍රපටයක් වූ කාමගාත මාරු චිත්‍රපටයේ රංගනයේ යෙදුණේ අමිතාබ් බච්චන් සහ ජෝන් ඒබ්‍රහම් සමග ය. ඔහු වසන්තබාලන් විසින් අධ්‍යක්ෂණය කළ අරවාන් චිත්‍රපටයේ ද රැඟුවේ ය.
කබීර් කොලුම්බියා පික්චර්ස් විසින් ඇෆ්ගනිස්ථානයේ රුසියානු යුද්ධය අලලා නිර්මිත ද බීස්ට් ඔෆ් වෝ චිත්‍රපටයේ ද රංගනයේ යෙදුණේ ය. මෙය අධ්‍යක්ෂණය කළේ කෙවින් රෙනෝල්ඩ්ස් විසිනි. මීට අමතරව ඔහු ඩේවිඩ් ඩි ඩොනැටෙලෝ සම්මානලාභී මාර්කෝ පොන්ටිගේ Andata Ritorno නම් ඉතාලි චිත්‍රපටය සමග ද සම්බන්ධ විය.
රූපවාහිනී වෘත්තිය
[සංස්කරණය]කබීර් ඇමරිකානු රූපවාහිනිය තුළ ද චරිත නිරූපණය කොට ඇති අතර, හෝල්මාර්ක්ගේ අප්‍රිකානු වීර කතාවක් වන ෆෝර්බිඩ්න් ටෙරිටරි, සහ කෙන් ෆොලට්ගේ ඔන් වින්ග්ස් ඔෆ් ඊගල්ස් මෙන්ම රෙඩ් ඊගල් කතාමාලාවන්ට ඔහු දායක වී ඇය. ඔහු NBC නාළිකාවේ ද ලොස්ට් එම්බයර් කතාමාලාවේ ෆ්‍රයර් සෑන්ඩ්ස් නම් චරිතය නිරූපණය කළේ ය. මීට අමතරව කබීර් ඩයිනාස්ටි, මර්ඩර්, ෂී රෝට්, මැග්නම් පී. අයි., හන්ටර්, නයිට් රයිඩර් සහ හයිලෑන්ඩර්: ද සීරීස් යන කතාමාලා සඳහා ද සිය රංගන දායකත්වය සැපයී ය.
යුරෝපය තුළ, ඔහුගේ විශිෂ්ටතම සාර්ථකත්වය වූයේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ විසූ සරාගී ආසියානු කොල්ලකරුවකුගේ ප්‍රේමයක් පිළිබඳ කියැවෙන සැන්ඩෝකන් නැමැති ඉතාලි-ජර්මන්-ප්‍රංශ රූපවාහිනී කතාමාලාවයි. මෑතක දී, කබීර් ඉතාලි රූපවාහිනී කතාමාලාවක් වූ RAI ටීවී නාළිකාවේ Un Medico in Famiglia කතාමාලාවේ ද රංගනයේ යෙදුණේ ය.
වසරකට අධික කාලයක් කබීර් ප්‍රධාන චරිත නිරූපණයෙහි යෙදුණු ද බෝල්ඩ් ඇන්ඩ් ද බියුටිෆුල් කතාමාලාව රටවල් 149ක බිලියනයකට අධික පිරිසක් නරඹා ඇත. මෙය ලොව දෙවන වඩාත් නැරඹූ රූපවාහිනී වැඩසටහන වේ.
ඉන්දියානු රූපවාහිනියේ ඔහු සතුව ඔහුගේම සිනමා සංවාද වැඩසටහනක් වන"Director's Cut" නැමැති කොටස් 13කින් යුත් විශේෂ වැඩසටහන තුළින් රටේ ප්‍රමුඛ අධ්‍යක්ෂකවරුන් සමග සම්මුඛ සාකච්ඡා ඉදිරිපත් කෙරෙයි. රූපවාහිනියේ ඔහු ලද සාර්ථකත්වය 2013දී ඉන්දියාවේ හෙඩ්ලයින්ස් ටුඩේ සහ ආජ් තක් යන පුවත් කාළිකාවන්හි සම්මාන ලද වැඩසටහන් වූ “Guns and Glory: The Indian Soldier” සහ “වන්දේමාතරම්” තුළින් පෙනේ.[15]
ඉන්දියානු බයිබල් රූපවාහිනී කතාමාලාවක් වන 'බයිබල් කි කහානියා' තුළ බේඩි විසින් යොවුන් සහ වියපත් ඒබ්‍රහම්ගේ චරිතය නිරූපණය කරන ලදී.
ගුවන්විදුලි වෘත්තිය
[සංස්කරණය]2007දී ඔහු RAI රේඩියෝ2 නාළිකාවෙන් විකාශය වූ "Chat" වැඩසටහනේ සැන්ඩෝකන් චරිතය නිරූපණය කළේ ය. 2012දී ඔහු රේඩියෝ වන් වෙනුවෙන් ඉන්දියාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ශූරයන් වෙනුවෙන් 'Women of Gold' සහ 'Men of Steel' යන වැඩසටහන් මෙහෙයවී ය.
රචනය
[සංස්කරණය]ටයිම්ස් ඔෆ් ඉන්ඩියා සහ ටෙහෙල්කා වැනි පුවත්පත්වල රටේ සමාජ සහ දේශපාලන විෂයයන් පිළිබඳ දායකත්වයක් සපයන රචකයෙකි, බේඩි. මීට අමතරව ඔහු ඉන්දියානු ජාතික රූපවාහිනියේ එවැනි විෂයයන් පිළිබඳ විවාදයන්ට ද සහභාගී වේ.[16]
සුබසාධන
[සංස්කරණය]2017 පෙබරවාරි මස, අනර්තර්ජාතික සංවර්ධන සංවිධානයක් වූ Sightsavers වෙනුවෙන් බේඩි නව ‘සන්නාම තානාපති’ ලෙස කටයුතු කරන බැව් නිවේදනය කෙරිණි. මෙහි කටයුතු භාර ගනිමින් බේඩි පැවසූයේ, "වර්තමානයේ ඉන්දියාව තුළ අක්ෂි සෞඛ්‍යය පිළිබඳ පුළුල් දැනුවත්භාවයක් පවතියි. සයිට්සේවර්ස් විසින් සුවිසල් රටක ජනයාට අක්ෂි ප්‍රතිකාර ක්ෂේත්‍රයේ ලද ජයග්‍රහණයන් වෙත මග පෙන්වයි" යනුවෙනි.[17]
සම්මාන සහ නිර්දේශ
[සංස්කරණය]1982 සිට, කබීර් සල රූ කලා සහ විද්‍යා ඇකඩමියේ (ඔස්කා සම්මාන ප්‍රදානය කරන) සහ ස්ක්‍රීන් ඇක්ටර්ස් ගිල්ඩ් යන මණ්ඩලවල සාමාජිකයෙකි.
යුරෝපය සහ ඉන්දියාව තුළ ඔහු චිත්‍රපට, වෙළඳ දැන්වීම් සහ ජනප්‍රියතා සම්මාන ගණනාවක් දිනා ඇත.[18]
ඉතාලි ජනරජයේ ජනාධිපතිගේ ආඥාව අනුව, 2010 ජූනි 2 දින කබීර් බේඩි හට නිල වශයෙන් නයිට් පදවියක් ප්‍රදානය කෙරිණි.[19]
චිත්‍රපට නාමාවලිය
[සංස්කරණය]චිත්‍රපට තේමාව | නිකුත් වූ වර්ෂය | චරිතය |
---|---|---|
හල්චල් | 1971 | මහේෂ් ජෙට්ලි |
සීමා | 1971 | |
රාඛ් ඕර් හත්කාඩි | 1972 | සුරාජ් |
සෂා | 1972 | |
අනෝඛා දාන් | 1972 | |
කච්චේ ධාගේ | 1973 | රූපා |
යෞවන් | 1973 | ජුම්රු |
මාන්සිලේන් ඕර් භි හේන් | 1974 | |
මා බහෙන් ඕර් බිවි | 1974 | |
ඉෂ්ක් ඉෂ්ක් ඉෂ්ක් | 1974 | |
අනාරි | 1975 | |
නාගින් | 1976 | උදය |
දාකු | 1976 | |
හර්ෆාන් මෞලා | 1976 | |
විශ්වාස්ඝාත් | 1976 | උදය |
Bullet | 1976 | දුර්ගා ප්‍රසාද්/D.P. |
The Black Corsair| | 1976 – ඉතාලිය | |
දාකු ඕර් මහත්මා | 1977 | |
The Thief of Baghdad | 1978 | |
අශාන්ති | 1979 | මලික් |
ආඛ්රි කසම් | 1979 | කිෂාන්/ බදාල් |
යුව්රාජ් | 5 ඔක්තෝබර් 1979 | |
40 ඩේස් ඔෆ් මුසා දාඝ් | 1982 | ගේබ්‍රියල් බැග්‍රේඩියන් |
Satan's Mistress | 1982 | ආත්මය |
Octopussy | 1983 | ගෝබින්දා |
Counterforce | 1988 | කෞරා |
ඛූන් භාරි මාන්ග් | 12 අගෝස්තු 1988 | සංජේ වර්මා |
මේරා ෂිකර් | 1988 | |
Police Public | 11 මැයි 1990 | ජ්‍යෙෂ්ඨ පරීක්ෂක ෂා නවාස් ඛාන් |
හාර් ජීත් | 1990 | |
ෂේරා ෂාම්ෂේරා | 1990 | |
කුර්බාන් | 31 මැයි 1991 | ඉන්ස්පෙක්ටර් සුරාජ් සිං |
යේ ආග් කබ් බුජේගි | 19 අප්‍රේල් 1991 | |
විෂකන්‍යා | 1991 | වන නිලධාරී වික්‍රම් සිං |
දිල් ආෂ්නා හේ | 25 දෙසැම්බර් 1992 | දිග්විජේ සිං |
යල්ගාර් | 23 ඔක්තෝබර් 1992 | රාජ් ප්‍රතාප් සිංහාල් |
Beyond Justice | 1992 | මෞලෙත් |
ලම්බු දාදා | 1992 | |
ක්ෂත්‍රිය | 29 මාර්තු 1993 | ඨාකූර් ගංගා සිං (පොලිස් නිලධාරී) |
යුගන්ධාර් | 1993 | කෝල් කනීර් |
සලාමි | 18 මාර්තු 1994 | කැප්ටන් |
Lie Down with Lions | 12 ජූනි 1994 | කබීර් |
The Maharaja's Daughter | 1994 | චන්ද්‍රගුප්ත |
OP Centre | 26 පෙබරවාරි 1995 | අබ්දුල් |
කිස්මත් | 16 ජූනි 1995 | රාජන් |
ආතන්ක් කි ආතන්ක් | 4 අගෝස්තු 1995 | පොලිස් පරීක්ෂක |
Mashamal - Ritorno al Deserto | 19 ජූනි 1998 | එක්සාම්පල් |
Figlio di Sandokan, II | 1998 | සැන්ඩෝකන් |
කෝහ්රාම් | 13 අගෝස්තු 1999 | බ්‍රිගේඩියර් බේඩි |
The Lost Empire | 11 මාර්තු 2001 | ෆ්‍රයර් සෑන්ඩ් |
ක්‍රාන්ති | 15 අප්‍රේල් 2002 | මහේන්ද්‍ර ප්‍රතාප් රාණා |
මේන් දිල් තුජ්කෝ දියා | 23 අගෝස්තු 2002 | වර්මා මහතා (අයේෂාගේ පියා) |
තලාෂ්: ද හන්ට් බිගින්ස්... | 3 ජනවාරි 2003 | ඡෝටේ පතන් |
The Hero: Love Story of a Spy | 11 අප්‍රේල් 2003 | සකාරියා මහතා |
Father | 2004 | කාල්, පියා (වයලීන් වාදකයෙකි) |
රුද්‍රාක්ෂ් | 13 පෙබරවාරි 2004 | වේද් පූජන් |
අසම්භාව් | 23 ජූලි 2004 | |
කිස්මත් | 2004 | රාජ් මාල්යා |
A/R Andata & Ritorno | 2 අප්‍රේල් 2004 | ටොල්ස්ටෝජ් |
මේන් හූන් නා | 30 April 2004 | ජනරාල් අමර්ජීත් බක්ෂි |
බෙවාෆා | 2005 | අංජලීගේ පියා |
Taj Mahal: An Eternal Love Story | 2005 | ෂා ජහාන් අධිරාජයා |
දෝ රහා | 2006 | |
ජාන්ලේවා | 2006 | රාකේශ් ඛුලාර් |
A All About Her | 2006 | |
Take 3 Girls | 2006 | මෝ |
Showman | 2008 | |
Blue | 2009 | කැප්ටන් ජගත් මල්හෝත්‍රා |
Kites | 2010 | බොබ් ග්‍රෝවර් |
යාරා ඕ දිල්දාරා | 2013 | |
අරවාන් | 2012 | |
චක්‍රව්‍යූහ | 2012 | මහන්තා, කර්මාන්තකරුවකු සහ රජයේ ගනුදෙනුකරුවෙකි. |
දිල්වාලේ | 2015 | දේව් මලික් |
අනර්කලි | 2015 | ජෆාර් ඉමාම් |
බසෝදී | 2016 | රාම් පංචෞරි |
මොහෙන්ජො දාරෝ | 2016 | මහම් |
ගෞතමීපුත්‍ර සාතකර්ණි | 2017 | නාහපාන |
Edict of Expulsion 1492 | 2017 | සුල්තාන් බායිසිද් |
රූපවාහිනිය
[සංස්කරණය]රූපවාහිනී තේමාව | මුදාහළ වර්ෂය | තත්ත්වය | චරිතය |
---|---|---|---|
Sandokan | 1976 | යුරෝපීය රූපවාහිනී කෙටි කතාමාලාව | සැන්ඩෝකන් |
La Tigre è Ancora Viva: Sandokan alla Riscossa | 1977 | යුරෝපීය රූපවාහිනී කෙටි කතාමාලාව | සැන්ඩෝකන් |
Dynasty | 1982 | රූපවාහිනී කතාමාලාව | ෆාරූක් අහමද් |
General Hospital | 1983 | රූපවාහිනී කතාමාලාව | රාමා |
Knight Rider | නොවැම්බර් 1985 | රූපවාහිනී කතාමාලාව | වැස්කූන් |
Dynasty | 1986 | රූපවාහිනී කතාමාලාව | ෆාරූක් අහමද් |
On Wings of Eagles | 1986 | රූපවාහිනී කතාමාලාව | මොහම්මද් |
The Days and Nights of Molly Dod | මැයි 1987 | රූපවාහිනී කතාමාලාව | බිල් |
Misteri della Giungla Nera, I (හෙවත් The Mysteries of the Dark Jungle) | 1991 | රූපවාහිනී කෙටි කතාමාලාව | කම්මාමුරි |
Il Principe del Deserto (හෙවත් Desert Law) | 1991 | රූපවාහිනී කතාමාලාව | මෞලෙත් බෙනී-සාහීර් |
The Bold and the Beautiful | සැප්තැම්බර් 1994 | රූපවාහිනී කතාමාලාව | ඕමාර් කුමරු |
Maharaja's Daughter | 1994 | රූපවාහිනී කතාමාලාව | චන්ද්‍රගුප්ත |
Highlander: The Series | 20 නොවැම්බර් 1995 | රූපවාහිනී කතාමාලාව | කාමිර් |
බයිබල් කි කහානියාන් | 1995 | රූපවාහිනී කතාමාලාව | ඒබ්‍රහම්, කුලදෙටුවා |
Ritorno di Sandokan, II | 6 ඔක්තෝබර් 1996 | රූපවාහිනී කතාමාලාව | සැන්ඩෝකන් |
Noi siamo angeli (හෙවත් We are Angel) | 16 පෙබරවාරි 1997 | රූපවාහිනී කෙටි කතාමාලාව | ජනරාල් නැපෝලියන් ඩුරාට් |
Forbidden Territory: Stanley's Search for Livingstone | 7 දෙසැම්බර් 1997 | රූපවාහිනී කතාමාලාව | ඛාමිස් බින් අබ්දුල්ලා |
Team Knight Rider | 9 පෙබරවාරි 1998 | රූපවාහිනී කතාමාලාව | ඇරිස්ටෝටල් ඩ්‍රාගෝ |
Murder She Wrote | පෙබරවාරි 1988 | රූපවාහිනී කතාමාලාව | වික්‍රම් සිං |
Magnum, P.I. | 10 පෙබරවාරි 1988 | රූපවාහිනී කතාමාලාව | මැල්කම් |
L'isola dei famosi | 2004 | ඉතාලි රියැලිටි වැඩසටහන | ඔහු ලෙසම |
The Bold and the Beautiful | 4 මැයි 2005 | රූපවාහිනී කතාමාලාව | ඕමාර් කුමරු |
Vivere | මැයි 2006 | ඉතාලි රූපවාහිනී කතාමාලාව | එමීර් ඊබ්‍රාහීම් |
Director's Cut | 2007 | රූපවාහිනී විශේෂ වැඩසටහන් මාලාව | ඔහු ලෙසම |
Un medico in famiglia 5 | 2007 | ඉතාලි රූපවාහිනී කතාමාලාව | කබීර් |
ගංගා කී ධීජ් | 2010–2011 | හින්දි රූපවාහිනී කතාමාලාව | දාදා බායි |
බුද්ධා | 2013 | හින්දි රූපවාහිනී කතාමාලාව | අසිත මුණිවරයා (පසුබිම් රංගනය) |
වන්දේමාතරම් | 2013 | රූපවාහිනී විශේෂ පුවත් වැඩසටහන් මාලාව | ඔහු ලෙසම |
Guns & Glory: The Indian Soldier | 2013 | රූපවාහිනී විශේෂ පුවත් වැඩසටහන් මාලාව | ඔහු ලෙසම |
ජයි හෝ | 2014 | රූපවාහිනී විශේෂ පුවත් වැඩසටහන් මාලාව | ඔහු ලෙසම |
ගුවන් විදුලි
[සංස්කරණය]ගුවන්විදුලි තේමාව | මුදාහළ වර්ෂය | තත්ත්වය | චරිතය |
---|---|---|---|
Ch@t (ඉතාලි ප්‍රබන්ධයI) | 2007 | RAI Radio2 | සැන්ඩෝකන් |
'Women of Gold' | 2012 | RadioOne | ඔහු ලෙසම |
'Men of Steel' | 2012 | Radio One | ඔහු ලෙසම |
හඬකැවීම් චරිත
[සංස්කරණය]සජීවී ක්‍රියාදාම චිත්‍රපට
[සංස්කරණය]චිත්‍රපටයේ නම | නළුවා | චරිතය | හඬකැවුම් භාෂාව | සැබෑ භාෂාව | මුදාහැරුණු සැබෑ වර්ෂය | හඬකවා මුදාහළ වර්ෂය | සටහන් |
---|---|---|---|---|---|---|---|
Prince of Persia: The Sands of Time | බෙන් කිංස්ලි | නිසාම් | හින්දි | ඉංග්‍රීසි | 2010 | 2010 | |
Fantastic Four | රෙග් ඊ. කැතී | ආචාර්ය. ෆ්‍රෑන්ක්ලින් ස්ටෝර්ම් | හින්දි | ඉංග්‍රීසි | 2015 | 2015 |
කථන
[සංස්කරණය]ව්‍යාපෘතිය | වර්ගය | භාෂාව | වර්ෂය |
---|---|---|---|
The Keeper of the Flame - The History of TATA | වාර්තා වැඩසටහන | ඉංග්‍රීසි | 2007 |
චයිල්ඩ්ලයින් ඉන්ඩියා සඳහා හැඳින්වීමක් | මහජන දැනුවත් ව්‍යාපාරය - කථික | ඉංග්‍රීසි | 2008 |
එයාර්සෙල් ව්‍යාඝ්‍රයන් රැකගනිමු ව්‍යාපාරය | මහජන දැනුවත් ව්‍යාපාරය - කථික | ඉංග්‍රීසි | 2009 |
Ford Motors launch Figo, India | සජීවී ඉසව් | ඉංග්‍රීසි | 2010 |
සෝම්නාත් දේවාලය, ගුජරාත් | ශ්‍රව්‍ය සහ ආලෝක වැඩසටහන | ඉංග්‍රීසි | 2010 |
රතු බලකොටුව, නව දිල්ලි | ශ්‍රව්‍ය සහ ආලෝක වැඩසටහන | ඉංග්‍රීසි | 2011 |
විරාසාත්-ඉ-ඛල්සා - ඛල්සා උරුම අනුස්මරණ සංකීර්ණය, පන්ජාබ් | කථික | ඉංග්‍රීසි | 2011 |
ඇපලෝ ටයර් | වෙළඳ දැන්වීම | ඉංග්‍රීසි | 2013 |
ජින්දල් පැන්තර් | වෙළඳ දැන්වීම | ඉංග්‍රීසි | 2014 |
බන්දා සිං බහදූර් - යුධ ස්මාරකය, පන්ජාබය | ශ්‍රව්‍ය සහ ආලෝක වැඩසටහන | ඉංග්‍රීසි | 2014 |
TAJ හෝටල්, සේව්‍යස්ථාන සහ මන්දිර | වෙළඳ දැන්වීම | ඉංග්‍රීසි | 2014 |
DHL | වෙළඳ දැන්වීම | හින්දි | 2015 |
යමහා | වෙළඳ දැන්වීම | හින්දි | 2015 |
Mount of Excellence | වාර්තා කථනය | ඉංග්‍රීසි | 2015 |
පාර්ලේ | වෙළඳ දැන්වීම | හින්දි සහ ඉංග්‍රීසි | 2016 |
තනිෂ්ක් | වෙළඳ දැන්වීම | ඉංග්‍රීසි | 2016 |
සාමාජිකත්වය
[සංස්කරණය]සල රූ කලා සහ විද්‍යා ඇකඩමිය |
---|
Screen Actors Guild |
රූපවාහිනී සහ ගුවන් විදුලි කලාකරුවන්ගේ ඇමරිකානු ෆෙඩරේෂනය |
බ්‍රිතාන්‍ය නළුවන්ගේ සාධාරණ සංවිධානය |
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "Internationally acclaimed Indian actor". IMDb. 1971–2016.
- ^ "Residence of Kabir bedi".
- ^ Kabir Bedi Misses Late Son on Father's Day සංරක්ෂණය කළ පිටපත 18 ජනවාරි 2014 at the Wayback Machine
- ^ "Archived copy". 25 June 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 6 August 2013.
{{cite web}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (help)CS1 maint: archived copy as title (link) - ^ Adam Bedi baptised[භින්න වූ සබැඳිය]
- ^ "Let's keep it a surprise: Parveen Dusanj - The Times of India". The Times Of India. 2013-01-26 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
{{cite news}}
: Unknown parameter|dead-url=
ignored (|url-status=
suggested) (help) - ^ "When Dad likes them young! - The Times of India". The Times Of India.
- ^ Ahmed, Afsana; Sharma, Smrity (6 May 2007). "Another Parveen is Kabir Bedi's love". The Times of India.
- ^ "I'm closest to Prateik". Filmfare.com. 10 February 2012. සම්ප්‍රවේශය 22 April 2013.
- ^ "Kabir Bedi ties knot with Parveen Dusanj on 70th birthday". Ibnlive.com. 17 January 2016. සම්ප්‍රවේශය 17 January 2016.
- ^ "Kabir Bedi's voice for Burma's Mandela". Daily News & Analysis.
- ^ http://sagarmediainc.wordpress.com/2013/12/14/rotary-international-come-up-with-the-t-e-a-c-h-programme/ සංරක්ෂණය කළ පිටපත 29 ජනවාරි 2015 at the Wayback Machine
- ^ Kabir Bedi & Lisa Ray Discuss ‘TAJ’
- ^ Collection of articles on Kabir Bedi සංරක්ෂණය කළ පිටපත 29 ජූනි 2009 at the Wayback Machine
- ^ The NT Awards - 2014 Winners
- ^ Bedi, Kabir. "Kabir Bedi Blog".
- ^ http://www.indiantelevision.com/mam/marketing/brands/kabir-bedi-is-sightsavers-brand-ambassador-170228
- ^ Kabir Bedi: Awards page, http://www.kabir-bedi.com/facts/awards/awardsmain.asp, ප්‍රතිෂ්ඨාපනය 2017-11-25
- ^ "Knight in shining armour". The Times of India. 11 December 2010.
බාහිර සබැඳි
[සංස්කරණය]- කබීර් බේඩි සඳහා IMDb හි ඇති තොරතුරු
- නිල වෙබ් අඩවිය
- විශේෂ තොරතුරු – "ගෝලීය ඉල්ලීම – කබීර් බේඩි" වේදිකාව මත
- 1976 සැන්ඩෝකන් කෙටි කතාමාලාවේ පින්තූර
- 2007 කබීර් බේඩි සමග කෙළින් සම්මුඛ සාකච්ඡාව
- 2001 ඔක්තෝබර් ෆිල්ම්ෆෙයාර් සමග සම්මුඛ සාකච්ඡාවක්
- 1999දී ඉන්ඩියන් එක්ස්ප්‍රස්හි සම්මුඛ සාකච්ඡාවක්
- කබීර් බේඩි 2013 තාජ් රඟහල් සංචාරය පිළිබඳ සාකච්ඡා කරමින්