කිරි වෙහෙර, කතරගම

විකිපීඩියා වෙතින්
(කතරගම පන්සල වෙතින් යළි-යොමු කරන ලදි)
කිරිවෙහෙර දාගැබ

කිරි වෙහෙර යනු, මහසෙන් රජ විසින් තැනුණු [1] සහ ශ්‍රී ලංකාවේ කතරගම පිහිටි, පුරාතන ස්ථූපයකි. අඩි 95 ක උසකින් යුතු එය අඩි 280 ක වට ප්‍රමාණයකින් යුතුය. මෙම ගොඩනැගිල්ල බොහෝ දුරට ක්‍රි.පූ. 3 වන සියවස තරම් පැරණි වෙයි.[2]

අති පූජ්‍ය ආචාර්යය කොබවක ධම්මින්ද නායක හිමියන්, කතරගම කිරිවෙ‍හෙර විහාරයෙහි විහාරාධිකාරි තනතුර හොබවති.

කිරි වෙහෙර, කතරගම සිද්ධස්ථානය සංකීර්ණය වෙත දිවෙන මාර්ගය

ක්‍රි.පූ. 580දී බුදුන්වහන්සේගේ තුන්වන සහ අවසන් ලංකාගමනයේදී කතරගම ප්‍රදේශය හෝ කතරගම උද්‍යානය පාලනය කළ මහාසෙන් නම් රජු බුදුන්වහන්සේ මුණගැසී බුද්ධ දේශනාවට සවන්දී ඊට කළගුණ සැලකීමේ සංකේතයක් ලෙස දාගැබ ඉදිකර ඇත. මෙලෙස මෙරට සිංහල බෞද්ධයන් කතරගම බුදුන්වහන්සේගේ පහසින් ග්පවිත්‍රත්යට පත්විය. දැනට හමුවී ඇති පුරාවිද්‍යා සාක්ෂි වලට අනුව පිළිගන්නා පරිදි "කිරි වෙහෙර" ක්‍රි.පූ.1 වන සියවසේදී පමණ ඉදිකර අති අතර පසුව මහාසේන රජතුමා විසින් දැනට පවතින තත්වයට ප්‍රතිසංස්කරණය කොට ඇත. මෙම ප්‍රදේශයේ විශාල වශයෙන් නටබුන් පවතින අතර ශිලා ලේඛනද හමු වී ඇත.

සෙල්ලිපි[සංස්කරණය]

ක්‍රිස්තු වර්ෂ 2 වැනි සියවසට අයත් සෙල්ලිපි දෙකක් කිරි වෙහෙර ස්තූප භූමියෙන් හමුව තිබෙන අතර ඉන් එක් සෙල්ලිපියක මහදලි මහන රාජ නම් රුහුණු ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලකයෙකු වූ පිළිබද සටහන් කර ඇත.[3] මෙම සෙල්ලිපියෙ හි කිරි වෙහෙර ස්තූපය සඳහන් වන්නේ කජරගාම රාජමහා වෙහෙරෙ හි මංගලමහාසෑය නමින් වේ.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "හවු ගෝඩ් ස්කන්ධ හෙල්ප්ස් ද ෆේත්ෆුල්". සම්ප්‍රවේශය 2007-03-05.
  2. "කිරි වෙහෙර". සම්ප්‍රවේශය 2007-03-05.
  3. Manjula, HAKL (14 අප්‍රේල් 2020). "කිරිවෙහෙර (කතරගම)". ලංකා ප්‍රදීප. සම්ප්‍රවේශය 8 ජූලි 2023.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කිරි_වෙහෙර,_කතරගම&oldid=591751" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි