ඔස්කා ෂින්ඩ්ලර්

විකිපීඩියා වෙතින්
ඔස්කා ෂින්ඩ්ලර්
උපත28 අප්‍රේල් 1908
මියගිය දිනය9 October 1974(1974-10-09) (වයස 66)
සතපවන ලද තැනමවුන්ට් සයන් කතෝලික සුසාන භූමිය
ජෙරුසලෙම, ඊශ්‍රායෙලය
31°46′13″N 35°13′50″E / 31.770164°N 35.230423°E / 31.770164; 35.230423
රැකියාවකර්මාන්තකරුවා
දේශපාලන පක්ෂය
කලත්‍රයා(යන්)
දරුවන්එමිලි ෂ්ලීග්ල්, ඔස්කාර් කණි. ෂ්ලීග්ල්
දෙමව්පියන්(s)
  • හෑන්ස් ෂින්ඩ්ලර්
  • ෆන්සිස්කා ලූසර්
වෙබ් අඩවියoskarschindler.com/
ආගමරෝමානු කතෝලික ආගම


ඔස්කා ෂින්ඩ්ලර් (28 අප්‍රේල් 1908 – 9 ඔක්තොම්බර් 1974) යනු, වාර්ගික ජර්මානු කර්මාන්තකරුවෙක්, චරපුරුෂයෙක් සහ, නාසි පක්ෂයෙහි සාමාජිකයෙක් වන අතර, හොලෝකාස්ට් වර්ගඝාතය තුලදී, අධිවාසිත පෝලන්තය සහ බොහීමියා සහ මොරේවියා ආරක්ෂිත රාජ්‍යය තුල පිහිටි ඔහුගේ එනැමල් භාණ්ඩ සහ ඩෙඩි බෙහෙත් කම්හල් තුල සේවයේ යෙදවීමෙන්, යුදෙව්වන් 1,200 දෙදෙනෙකුගේ ජීවිතය බේරා ගැනීම පිළිබඳ ගෞරවය ඔහුට හිමි වෙයි.[1] ෂින්ඩ්ලර්ස් ආර්ක් නමැති 1982 නවකතාවෙහි සහ, ඉන්පසුව පැමිණි ෂින්ඩ්ලර්ස් ලිස්ට් නම් 1993 චිත්‍රපටයෙහි වස්තු විෂයය වූයේ ඔහු වන අතර, පළමුව ලාභ උපැයීම වෙතින් පොළඹවනු ලැබූ අවස්ථාවාදියෙක් වූ සහ පසුව ඔහුගේ යුදෙව් සේවායුක්තයන්ගේ ජීවිත බේරා ගැනීමට අසාමාන්‍ය උපනයනය, මුරණ්ඩුබව සහ, කැපකිරීම යෙදවූ ඔහුගේ ජීවිත කතාව ඒවායින් පිළිබිඹු වෙයි.

ස්විටෝ, මොරේවියාව හී ඇතිදැඩිවුනු ෂින්ඩ්ලර්, නාසි ජර්මනියේ චරපුරුෂ සේවාව වන අබ්වෙයා සමගින් 1936 වසරෙහිදී එක් වන තුරු රැකියාවන් කිහිපයක යෙදිණි. 1939 වසරෙහිදී, ඔහු නාසි පක්ෂයට එක් විය. චෙකොස්ලොවේකියාවෙහි ජර්මානු අධිවාසයට පෙර 1938 වසරෙහිදී, දුම්රිය ගමනාගමනය හා හමුදා සේනාංක ගමනය පිළිබඳ තොරතුරු ජර්මානු රජය සඳහා ඔහු විසින් රැස් කරන ලදි. ඔත්තු බැලීමේ චෝදනා පිට චෙක් රජයෙන් ඔහු අත්අඩංගුවට ගත් නමුදු, 1938 වසරෙහි මියුනික් ගිවිසුමෙහි කොන්දේසි මත නිදහස් කෙරිණි. 1939 දී පෝලන්තයේ ක්‍රියාත්මක වෙමින්, දෙවන ලෝක යුද්ධය ඇරඹීමත් සමගම පෝලන්තය ආක්‍රමණය කිරීමට පෙර, නාසිවරුන් වෙනුවෙන් තොරතුරු රැස්කිරීම ෂින්ඩ්ලර් විසින් දිගටම කරගෙන යන ලදි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. ඔස්කා ෂින්ඩ්ලර් - Yad Vashem official site (ඉංග්‍රීසි)
"https://si.wikipedia.org/w/index.php?title=ඔස්කා_ෂින්ඩ්ලර්&oldid=425792" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි