Jump to content

ඔටෝ වම්බියර්

විකිපීඩියා වෙතින්
ඔටෝ වම්බියර්
Born
ඔටෝ ෆ්‍රෙඩ්රික් වම්බියර්

දෙසැම්බර් 12, 1994(1994-12-12)
Diedජූනි 19, 2017(2017-06-19) (වයස 22)
සින්සිනැටි, ඔහයියෝ
Education වයෝමිං උසස් විද්‍යාලය (2013)
Alma materවර්ජිනියා විශ්වවිද්‍යාලයය
Known forඋතුරු කොරියාවෙහිදී
අත්අඩංගුවට ගැනීම හා සිපිරිගෙයි ලෑම

ඔටෝ ෆ්‍රෙඩ්රික් වම්බියර් (දෙසැම්බර් 12, 1994 – ජූනි 19, 2017) යනු, 2016 ජනවාරි මාසයෙහිදී සංචාරකයෙක් වශයෙන් උතුරු කොරියාවෙහි සංචාරය කරමින් සිටියදී, ඔහුගේ හෝටලයෙහිදී සම්ප්‍රචාරණ පෝස්ටරයක් සොරකම් කිරීම වෙනුවෙන් අත්අඩංගුවට ගෙන, වැරදිකරු බවට ඔප්පු කරනු ලැබ, බරපතල වැඩ සහිතව වසර 15 ක සිර දඬුවමක් නියමව සිටි ඇමරිකානු විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයෙකි.[1][2]

ඔහු සිරගත කිරීමෙන් මාස දෙකකට පසුව, නොදන්නා හේතුවක් නිසාවෙන් ඇතිවූ දරුණු ස්නායුවේදීය පීඩාවකින් වම්බියර් පෙලීමට පටන් ගති. වම්බියර්ගේ අධිමූර්ච්ඡාව ඇතිවූයේ බොතුලිනියාව සහ නිදි පෙත්තක් නිසා බවක් උතුරු කොරියානු බලධාරීන් පැවසුවද, එ.ජ. වෛද්‍යවරුන් විසින් බොතුලිනියාව පැවති බවට සාක්ෂ්‍ය සොයා නොගත්හ. වම්බියර්ගේ නිදහස සාක්ෂාත් කරගැනුමට එක්සත් ජනපදය විසින් රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් දැරූ අතර, සිරගතවී මාස 18 ක් පමණ පසුව 2017 ජූනි මාසයෙහිදී වම්බියර් නිදහස් කෙරිණි.[3] සින්සිනැටි, ඔහයියෝ වෙත ජූනි 13 වන දින වම්බියර් පැමිණි අතර, ඉක්මන් ඇගැයීම සහ ප්‍රතිකාර සඳහා සින්සිනැටි විශ්වවිද්‍යාලයීය වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ඔහු රැගෙන යන ලදි.

එක්සත් ජනපදයට ඔහු යළි-පැමිණ දින සයකට පසුව, 2017 ජූනි 19 දිනදී වම්බියර් මිය ගියේය.[4] සමහරක් එ.ජ. නිලධාරින් විසින් ඔහුගේ මරණය පිළිබඳව උතුරු කොරියාවට චෝදනා කලහ.[5] තවමත් අත්අඩංගුවෙහි සිටින තිදෙනෙකුද ඇතුළුව, 1996 වසරෙහි සිට උතුරු කොරියාව විසින් සිරගත කෙරුණු ඇමරිකානු පුරවැසියන් 16 දෙනෙකු අතරින් ඔහු එක් අයෙකු විය.[6]


සටහන්

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; hotelvideo නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; NYT නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. ^ "කෝමා-ස්ට්‍රිකන් ස්ටූඩන්ට් රිලීස්ඩ් ෆ්‍රොම් නෝර්ත් කොරියා අරයිව්ස් බෑක් ඉන් යූඑස්", එබීසී නිවුස්, ජූනි 12, 2017
  4. ^ ස්වර්ලූගා, සූසන් (ජූනි 19, 2017). "ඔටෝ වම්බියර් ඩයිස් ආෆ්ටර් රිලීස් ෆ්‍රොම් නෝර්ත් කොරියන් ඩිටේන්මන්ට්". ද වොෂිංටන් පෝස්ට්. https://www.washingtonpost.com/news/grade-point/wp/2017/06/19/otto-warmbier-dies-days-after-release-from-north-korean-detainmen. (ග්‍රාහක මුදල අවශ්‍ය වෙයි)
  5. ^ "ජෝන් මැක්කේන්: ඔටෝ වම්බියර් 'මර්ඩර්ඩ් බයි ද කිම් ජොං-උන් රෙජීම්'", වොෂිංටන් එග්සැමිනර්, ජූනි 19, 2017
  6. ^ "ඔටෝ වම්බියර් ගොට් ඇන් එක්ස්ට්‍රා ඩෝස් ඔෆ් බෲටෑලිටි ෆ්‍රොම් නෝර්ත් කොරියා. ද මිස්ට්‍රි ඊස් වයි.", ද නිව්යෝර්ක් ටයිම්ස්, ජූනි 14, 2017
"https://si.wikipedia.org/w/index.php?title=ඔටෝ_වම්බියර්&oldid=400680" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි