එවැනසෙන්ස්

විකිපීඩියා වෙතින්
එවැනසෙන්ස් (Evanescence)
සම්භවයලිට්ල් රොක්, ආකැන්සාස්, එක්සත් ජනපදය
සක්‍රීය වර්ෂ1995–2012 [1][2]
ලේබලBicycle / Concord, Wind-up, EMI
වෙබ් අඩවියevanescence.com
සාමාජිකයින්ඒමි ලී
ටෙරී බැල්සාමෝ
ටිම් මැකෝඩ්
විල් හන්ට්
ට්‍රෝයි මැක්ලෝහොම්
අතීත සාමාජිකයින්බෙන් මූඩි
ඩේවිඩ් හොජ්ස්
රොකී ග්‍රේ
ජෝන් ලි කොම්ට්
විල් බොයිඩ්

එවැනසෙන්ස් (Evanescence) යනු ගායිකා/පියානෝ වාදක ඒමි ලී හා ගිටාර් වාදක බෙන් මූඩි විසින් 1995දී ලිට්ල් රොක්, ආකැන්සාස් හිදී පිහිටුවාගනු ලැබූ ඇමරිකානු රොක් සංගීත කණ්ඩායමකි. [1][3] තනි තනි ඇල්බම් පටිගත කිරීමෙන් අනතුරුව, ඔවුහු ඔවුන්ගේ පළමු ප්‍රධාන ඇල්බමය වන ෆෝලන්, Wind-up Records මගින් 2003 දී ඉදිරිපත් කළහ. ෆෝලන් ලෝක ව්‍යාප්තව පිටපත් මිලියන 17 කට අධික සංඛ්‍යාවක් විකිණුනු අතර සංගීත කණ්ඩායමට විශාල කීර්තියක් හා ග්‍රැමී සම්මාන 2 ක් දිනා දීමට සමත්විය.[4] [5] වසකට පසු, එවැනසෙන්ස් ඔවුන්ගේ පළමු සජීව ඇල්බමය වන, එනිවෙය' බට් හෝම් (Anywhere but Home), නිකුත්කළ විට මිලියනකට අධික පිටපත් සංඛ්‍යාවක් ලොව පුරා විකිණුනි. 2006 වසරේදී , දෙවන ස්ටූඩියෝ ඇල්බමය වන දි ඕපන් ඩෝර් (The Open Door), පිටපත් මිලියන පහකට වැඩියෙන් විකිණුනි.[4]

ඉතිහාසය[සංස්කරණය]

1995–2001: ඇරඹුම සහ මුල් කාලය[සංස්කරණය]

පියානොවාදක ගායිකා ඒමි ලී හා ගිටාර් වාදක බෙන් මූඩි විසින් එවැනසෙන්ස් අරඹන ලදී. 1994දී තරුණ කඳවුරකදී දෙදෙනා මුණගැසුණේ, ලී විසින් I'd Do Anything for Love (But I Won't Do That)- Meat Loaf ගීතය පියානෝවේ වයනු අසා ය.[6] ඔවුන්ගේ ප්‍රථම ගීත වූයේ ඒමි ලී ලියූ "Solitude" සහ "Give Unto Me", හා මූඩි ලියූ "Understanding" සහ "My Immortal" ය . ඔවුන් දෙදෙනාම එම ගීත සංස්කරණය කර ඇති නිසා දෙදෙනාම සමාන ප්‍රශංසා ලැබූහ.

ලීගේ හා මූඩිගේ සින්දු 2ක් ප්‍රාදේශීය ගුවන් විදුලියේ විකාශය වූයෙන් ප්‍රදේශයේ ජනතාවට මෙම කණ්ඩායම පිලිබඳ අසන්නට ලැබුණි. ඉන්පසු ඔවුහු සජීවීව සංදර්ශන කල අතර ප්‍රදේශයේ ජනප්‍රියම කණ්ඩායමක් බවට පත්වූහ. ඔවුන් තම කණ්ඩායමට "Evanescence" යැයි නම් තැබුවේ "නැතිවෙමින් යන" නොහොත් "අතුරුදන් වන" යන අරුත එහි ගැබ් ව ඇති බැවිනි. ( evanesce, යන වදනින් ).[7]

අන් මාධ්‍යවල[සංස්කරණය]

2005 දී තිරගත වූ The Chronicles of Narnia: The Lion, the Witch and the Wardrobe චිත්‍රපටයට ගීතයක් ලියූ බවට ඒමි ලී කියා ඇති අතර, එහි වූ භයංකර නාදය නිසා එය ඉවත්කළ බවටත් පවසා තිබුණි.[8] මොzසාට්(Mozart) ආභාෂය ලැබූ "Lacrymosa" ද Narnia චිත්‍රපටයට ලියා ඇතැයි මතයක් පැවතුනි.[9] කෙසේ නමුත්, Narnia අධ්‍යක්ෂකවරුන් නම් පවසා තිබුනේ කිසිදු එවැනසෙන්ස් ගීතයක් තම නිර්මාණයට යොදාගැනීමට අදහස් නොකළ බවයි.[10]

2010දී , එවැනසෙන්ස් විසින් දි ඕපන් ඩෝර් ඇල්බමයට ලියා පසුව ඉවත්කළ "Together Again" ඩිජිටල් බාගතමනාවක් ලෙස දුණි. එම ගීතය 2010 හයිටි භූමිකම්පා ප්‍රතිසංස්කරණ කටයුතුවලට එක්සත් ජාතීන්ගේ සංවිධානය ට ආධාරයක් වශයෙන් නිකුත්කෙරුණු අතර[11] පසුකාලීනව 2011 මැදින් මස 23දා දක්වා ඉහල ප්‍රතිචාර මැද බාගතකෙරුණි.

ආශ්‍රේය[සංස්කරණය]

  1. 1.0 1.1 "Amy's Story". OutoftheShadows.com. November 8, 2006 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය July 4, 2008.
  2. "Evanescence Set to Go on Hiatus". Revolver. September 21, 2012. සම්ප්‍රවේශය August 12, 2013.
  3. Berelian, Essi (2005). The Rough Guide to Heavy Metal. London: Rough Guides. pp. 114–115. ISBN 1-84353-415-0.
  4. 4.0 4.1 "News: Heading Into the Studio". Evanescence.com. 2011. May 18, 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  5. "Second Cup Cafe: Amy Lee Of Evanescence". CBS News. November 10, 2007. සම්ප්‍රවේශය August 20, 2008.
  6. D'Angelo, Joe (February 27, 2004). "Evanescence: The Split". MTV.
  7. "Evanescence". Encyclopedia of Arkansas. සම්ප්‍රවේශය August 20, 2008.
  8. Lee, Amy (December 2, 2005). "EvBoard – A Bunch Of Stuff!!!". EvBoard.com.
  9. Reesman, Bryan (2006). "The Essence of Evanescence". Metal Edge. 52 (11): 5–10. April 21, 2008 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය January 2, 2014. {{cite journal}}: Unknown parameter |month= ignored (help)
  10. "Wardrobe closed to Evanescence singer". The New Zealand Herald. November 27, 2007. September 29, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය August 20, 2008.
  11. "Evanescence Teams Up With the United Nations Foundation to Raise Money for Victims of the Earthquake in Haiti" (Press release). United Nations Foundation. January 22, 2010. February 8, 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය January 22, 2010.
"https://si.wikipedia.org/w/index.php?title=එවැනසෙන්ස්&oldid=591553" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි