එර්ජෙ
| එර්ජෙ | |
|---|---|
| උපත | ජෝර්ජ් ප්‍රොස්පේර් රෙමි 22 මැයි 1907 එටර්බීච්, බෙල්ජියමය |
| මරණය | 3 මාර්තු 1983 (වයස 75) වොලුවේ-සන්-නෙම්බෙ, බෙල්ජියමය |
| ජාතිකත්වය | බෙල්ජියානු |
| ප්‍රදේශය(න්) | Cartoonist |
| ආරූඪ නාමය(න්) | එර්ජෙ |
සංගණ්‍ය කෘති | |
| ප්‍රදාන | සම්මාන ලැයිස්තුව |
| කලත්‍රයා(යන්) |
|
| අත්සන | |
| http://en.tintin.com/herge | |
එර්ජෙ ([ɛʁʒe]) යන ලේඛක අන්වර්ත නාමය වෙතින් හැඳින්වුනු ජෝර්ජ් ප්‍රොස්පේර් රෙමි (ප්‍රංශ උච්චාරණය: [ʁəmi]; 22 මැයි 1907 – 3 මාර්තු 1983) යනු, බෙල්ජියානු කාටුන් ශිල්පියෙකි. ඔහු වඩාත් පසිඳු වන්නේ, 20වන සියවසෙහි වඩාත් ජනප්‍රිය යුරෝපියානු කොමික්ස් කිහිපය අතරින් එකක් ලෙස සැලකෙන දි ඇඩ්වෙන්චර්ස් ඔෆ් ටින්ටින් නම් කොමික් ඇල්බම මාලාවක් නිමැවීම වෙනුවෙනි. ක්වික් ඇන්ඩ් ෆ්ලූප්කේ (1930–40) සහ දි ඇඩ්වෙන්චර්ස් ඔෆ් ජෝ, සෙට්ටේ සහ ජෝකෝ (1936–57) යන තවත් පසිඳු කතාමාලා දෙකක් සඳහාද ඔහු ප්‍රචලිත වී තිබුණි. ලීංඤෙ ක්ලෙයා නමැති ඔහුගේ ප්‍රභින්න ඇඳීම් ශෛලීය භාවිතයෙන් ඔහුගේ කෘති නිමවා තිබුණි.
බ්‍රසල්ස්හී, එටර්බීච්හී පහළ මධ්‍යම-පංති පවුලකට උපත ලද එර්ජෙ විසින් ඔහුගේ අභිවෘත්තිය ඇරඹුවේ, බාලදක්ෂ සඟරාවන්ට සන්නිදර්ශන සපයමින් වන අතර, 1926 වසරෙහිදී ලෙ බෝයි-ස්කවුට් බෙල්ජ් සඟරාවට ඔහුගේ පළමුවන කොමික් චිත්‍රකතා මාලාව වන දි ඇඩ්වෙන්චර්ස් ඔෆ් ටොටෝ සැපයීය. ලෙ වැන්ටිවෙම් සියෙක්ලෙ නමැති ගතානුගතික කතෝලික පුවත්පතට සේවා සපයමින් සිටි විට, එහි සංස්කාරක නොර්බෙර් වැලේස් ගේ උපදෙස් මත, 1929 වසරෙහිදී ඔහු විසින් දි ඇඩ්වෙන්චර්ස් ඔෆ් ටින්ටින් නිර්මාණය කෙරිණි.
- ^ ගොඩින් 2011, p. 85.