එම්. පී. ද ඉසෙඩ්. සිරිවර්ධන

විකිපීඩියා වෙතින්

මයිකල් පෝල් ද සොයිසා සිරිවර්ධන (1906 සැප්තැම්බර් 6- 1978 ඔක්තෝබර් 15) යනු ලංකා දේශපාලනඥයෙකි. [1] ඔහු කැබිනට් අමාත්‍යවරයෙකු සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විය. ඔහු 1960 සිට 1977 දක්වා මිනුවන්ගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළේය.

සිරිවර්ධන 1960 මාර්තු මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී මිනුවන්ගොඩ මැතිවරණ කොට්ඨාශයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් [2] පසුව එම වසරේ ජූලි මාසයේ පැවති මැතිවරණවලදී ආසනය රැක ගනිමින්. [3] ඔහු 1960 දී කම්කරු හා ජනසතු සේවා අමාත්‍යවරයා ලෙස පත් කරන ලද අතර 1963 දී ඔහු පොදු වැඩ සහ තැපැල් අමාත්‍යවරයා ලෙස පත් කරන තෙක් සේවය කළේය. 1964 දී ඔහු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පත් විය. [4] 1965 පාර්ලිමේන්තු මැතිවරණයෙන් සහ 1970 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔහු නැවත තේරී පත් විය.

ඔහු මුදල් අමාත්‍ය ස්ටැන්ලි ද සොයිසාගේ ඥාති සහෝදරයෙක්. [5]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Hon. Siriwardena, Michael Paul de Zoysa, M.P." Directory of Past Members. Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 9 December 2019.
  2. "Result of Parliamentary General Election 19 March 1960" (PDF). Department of Elections, Sri Lanka. සම්ප්‍රවේශය 24 May 2017.[permanent dead link]
  3. "Result of Parliamentary General Election 20 July 1960" (PDF). Department of Elections, Sri Lanka. සම්ප්‍රවේශය 24 May 2017.[permanent dead link]
  4. "Chief Government Whips". parliament.lk. Parliament of Sri Lanka. සම්ප්‍රවේශය 9 December 2019.
  5. "King of Cheerleading, Percy is not out 79 today". Island. සම්ප්‍රවේශය 9 December 2019.