ඌනෝ

විකිපීඩියා වෙතින්
ඌනෝ
වර්ගයShedding-type
ක්‍රීඩකයන් ගණන2 – 10[1]
අවැසි කුසලතාවන්වැදගත් කාඩ් ඉතුරු කිරීම; අතේ ඇති කාඩ් ගැන මනා අවබෝධයකින් සිටීම
ගැලපෙන වයස්7+[1]
කාඩ් ගණන108
අහඹු සම්භාවිතාවසරල

ඌනෝ යනු කාඩ් ක්‍රීඩාවක් වන අතර ඌනෝ කාඩ් කුට්ටමක කාඩ් 108 අඩංගු වේ. මෙම ක්‍රීඩාව 1971දී නිර්මාණය කරඇත. 1992 පටන් මෙම කාඩ් කුට්ටම් නිපදවීම මාටෙල් නම් ඇ.එ.ජ. සමාගම මගින් සිදුකරයි. ක්‍රීඩාව සඳහා ක්‍රීඩකයින් දෙදෙනෙක් අවම වශයෙන් අවැසි අතර 10දෙනෙකුට පමණ එකවර ක්‍රීඩා කල හැකි වෙයි. තවද මෙම ක්‍රීඩාව වයස අවුරුදු 7න් ඉහල අය සඳහා නිර්දේශ කර ඇත.

කාඩ් කුට්ටම[සංස්කරණය]

ඌනෝ කාඩ් කුට්ටමක කාඩ් 108 අඩංගු වේ. එය පහත පරිදි වේ.

  • රතු පැහැති කාඩ් 19යි.
  • කොළ පැහැති කාඩ් 19යි.
  • නිල් පැහැති කාඩ් 19යි.
  • කහ පැහැති කාඩ් 19යි.
  • දෙකක් ගන්න(ඩ්‍රො-ටූ) යනුවෙන් සඳහන් වුනු කාඩ් 8යි. මෙම කාඩ් 8 ඉහත සඳහන් එක් වර්ණයකින් 2 බැගින් වේ.
  • මග හරින්න(ස්කිප්) යනුවෙන් සඳහන් වුනු කාඩ් 8යි. මෙම කාඩ් 8 ඉහත සඳහන් එක් වර්ණයකින් 2 බැගින් වේ.
  • ආපසු හැරෙන්න(රිවර්ස්) යනුවෙන් සඳහන් වුනු කාඩ් 8යි. මෙම කාඩ් 8 ඉහත සඳහන් එක් වර්ණයකින් 2 බැගින් වේ.
  • වයිල්ඩ් යනුවෙන් සඳහන් වුනු කාඩ් 4යි.
  • වයිල්ඩ් හතරක් යනුවෙන් සඳහන් වුනු කාඩ් 4යි.

විශේෂ කාඩ් වල අර්ථයන්[සංස්කරණය]

  • දෙකක් ගන්න - මෙම කාඩ් පත ක්‍රීඩා කල අවස්ථාවේ මීළඟට ක්‍රීඩා කරන ක්‍රීඩකයා විසින් සංවෘත ගොඩෙන් කාඩ් දෙකක ගත යුතු වෙයි. එසේම ඔහුගේ ක්‍රීඩා වාරයද අහිමි වෙයි.
  • මග හරින්න - මෙම කාඩ් පත ක්‍රීඩා කල අවස්ථාවේ මීළඟට ක්‍රීඩා කරන ක්‍රීඩකයාසේ ක්‍රීඩා වාරය අහිමි වෙයි. දෙදෙනෙක් ක්‍රීඩා කරන අවස්ථාවේදී ක්‍රීඩා කල තැනැත්තාටම යළි අවස්ථාව ලැබේ.
  • ආපසු හැරෙන්න - මෙම කාඩ් පත ක්‍රීඩා කල අවස්ථාවේ මීළඟට ක්‍රීඩා කරන පැත්ත මාරු වේ. වාමාවර්ථව ක්‍රීඩව සිදු වූයේ නම් දක්ෂිණාවර්ථ වේ. මීළඟට ක්‍රීඩා කිරීමට සිටි ක්‍රීඩයාගේ අවස්ථාව නොලැබී අනෙක් පැත්තේ සිටි ක්‍රීඩකයාට අවස්ථාව ලැබේ. දෙදෙනෙක් ක්‍රීඩා කරන අවස්ථාවේදී මෙය මග හරින්න ලෙසින් ක්‍රියාත්මක වෙමින් ක්‍රීඩා කල තැනැත්තාටම යළි අවස්ථාව ලැබේ. මෙය ආරම්භක කාඩ්පත වූයේ වී නම් කාඩ් බෙදූ තැනැතාට අවස්ථාව ලැබේ.
  • වයිල්ඩ් - මෙම කාඩ් පත ක්‍රීඩා කල අවස්ථාවේ එම ක්‍රීඩකයාට විසින් නව වර්ණයක් නම් කිරීමේ අවථාවක් ලැබේ. ඔහුට කැමති නම් පෙර වර්ණයම උවද පැවසිය හැකිය. ර්‍ර්ළඟ ක්‍රීඩකයා අලුතෙන් නම් කරණ වර්ණයෙන් යුතු කාඩ් පතක් ඉතිරිපත් කල යුතු වෙයි. නැතහොත් සංවෘත ගොඩෙන් එකක් ගත යුතු වෙයි. ඕනෑම අවස්ථාවකදී ක්‍රීඩා කල හැකි කාඩ් පතකි.
  • වයිල්ඩ් හතරක් - කාඩ් කුට්ටමේ ඇති වැදගත්ම කාඩ් පත් මෙය වේ. මෙම කාඩ්පත් ක්‍රීඩා කල විට මීළඟට ක්‍රීඩා කරන ක්‍රීඩකයා විසින් සංවෘත ගොඩෙන් කාඩ් 4ක් ගත යුතු වන අතර ඔහුගේ ක්‍රීඩා වාරයද අහිමි වේ. සාමාන්‍යයෙන් මෙම කාඩ්පත භාවිතා කරනුයේ පාට ගැලපීම හෝ අංක ගැලපීම කිරීමට නොහැකි අවස්ථාවකදීය. ක්‍රීඩාව ආරම්භයේදී පෙරලනු ලබන පළමු කාඩ්පත මෙය වී නම් එය නැවතත් සංවෘත ගොඩට එක කර මිශ්‍ර කර නව කාඩ්පතක් ගනු ලැබේ. ඕනෑම අවස්ථාවකදී ක්‍රීඩා කල හැකි කාඩ් පතකි.

ක්‍රීඩාව කරන ආකාරය[සංස්කරණය]

පළමුව එක අයෙකුට කාඩ් 7 බැගින් ක්‍රීඩකයින් ක්‍රීඩකයින් සියළු දෙනාටම කාඩ් බෙදනු ලැබේ. ඉතිරි කාඩ් අන් අයට ගත හැකිවන අයුරින් කාඩ්වල අගය නොපෙනෙන පරිදි සංවෘතව මැදින් තබයි. උඩින්ම ඇති කාඩ්පත ගෙන එය අන් අයට පෙනෙන අනාවෘත කරමින් පරිදි පසෙකින් තබයි. මෙය ආරම්භක කාඩ් පත වන අතර එය විවෘත ගොඩ නමින් හැඳින්වේ. පළමුව කාඩ්පත ලැබුණු ක්‍රීඩකයා විසින් ක්‍රීඩාව ඇරඹිය යුතු වෙයි. ඔහුගේ අතේ ඇති කාඩ් වල වර්ණය හෝ අංකය ආරම්භක කාඩ්පත එනම් සංවෘත ගොඩේ උඩින්ම ඇති කාඩ් පත හා සසැඳිය යුතුයි. එම කාඩ් පතේ වර්ණය හෝ අංකය ගැලපෙන කාඩ් පතක් තමා සතු නම් එම කාඩ්පත පළමු කාඩ් පත උඩින් තබයි. එනම් විවෘත ගොඩේ උඩින්ම ඇති කාඩ් පත වෙනස් වෙයි. දැන් ඔහුගේ අතේ ඉතිරිව ඇත්තේ කාඩ් 6ක් පමණි. යම් හෙයකින් ඔහුට ගැලපෙන කාඩ්පතක් නොමැති වූයේ නම් සංවෘත ගොඩේ කාඩ්වලින් එකක් ගත යුතු වෙයි. එවිට ඔහුගේ අතේ කාඩ් 8ක් ඉතිරිව ඇත. පලමු කාඩ් පත විශේෂ වර්ගයේ එකක් වී නම් ඊට අදාල ක්‍රියාවට පළමු ක්‍රීඩකයා අනුගත යුතු වෙයි. එනම් පළමු කාඩ් පත දෙකක් ගන්න එකක් වී නම් ඔහුට විවෘත කාඩ් ගොඩෙන් උඩින්ම ඇති කාඩ් 2 ලබා ගත් යුතු වන අතර තමා අතේ ඇති කාඩ් සසඳමින් ක්‍රීඩා ක්‍රිරීමේ අවස්ථාව මග හැරී යයි. එවිට ඔහු සතුව කාඩ් 9 (7+2) ක් වෙයි. මෙසේ පළමු ක්‍රීඩකයා ක්‍රීඩා කිරීමෙන් අනතුරුව දෙවැනි ක්‍රීකඩයාගේ අවස්ථාව ලැබේ. ඔහුද අතේ ඇති කාඩ් විවෘත ගොඩේ උඩින්ම ඇති කාඩ් පත හා සසඳා බලයි. ගැලපෙන එකක් වෙතොත් එය තබයි. නැත්නම් සංවෘත ගොඩෙන් කාඩ් පතක් ලබා ගනියි. මෙලෙස තුන්වැනි ක්‍රීඩකයාද ක්‍රීඩා කරයි. මේ ආකාරයෙන් අවසන් ක්‍රීඩකයාගෙන් පසුව නැවතත් පළමු ක්‍රීඩකයා ක්‍රීඩා කරයි. මෙසේ සංවෘත ගොඩේ කාඩ් අවසන් වූ විට විවෘත ගොඩ මුනින් නවා සංවෘත බවට පත් කරයි. ක්‍රීඩාව අවසන් වන්නේ එක් ක්‍රීඩකයෙක් හෝ තමා අතේ ඇති කාඩ් සියල්ලම අවසන් වූ විටදීය. අවසන් කාඩ් 2ක් ඇති අවස්තාවේ එක් කාඩ් පතක් පමණක් ඉතිරිවන පරිදි ක්‍රීඩා කරන්නේ නම් ඔහු විසින් ඌනෝ යනුවෙන් පැවසිය යුතු වෙයි. නැතහොත් අන් සියළු දෙනාගෙන්ම එක කාඩ් පත් බැගින් ඔහුට දඬුවමක් ලෙසින් ලැබේ.

නීති[සංස්කරණය]

  • ඔබ සතුව එක් කාඩ් පතක් පමණක් ඇති අවස්ථාවේදී ඔබ විසින් අන් අයට ඇසෙන් පරිදි ඌනෝ ලෙසින් පැවසිය යුතු වේ.
  • අවසන් කාඩ්පත් 2 ඇති අවස්ථාවේ එක් කාඩ්පතක් විවෘත කාඩ් ගොඩේ තබීමට ප්‍රථම ඌනෝ ලෙසින් පවසිය යුතු වේ. එසේ නොකල අවස්ථාවේ දඬුවමක් ලෙසින් අන් සියළුම ක්‍රීඩකයින්ගෙන් එක් කාඩ් පත් බැගින් දෙයි.
  • විශේෂ කාඩ්වල අගයට අනුව කාඩ් ලබා ගැනීම හෝ නොගැනීම කල යුතු වෙයි.
  • ගැලෙපෙන කාඩ්පතක් නොමැති අවස්ථාවේ සංවෘත ගොඩෙන් කාඩ්පතක් ගත් යුතු වෙයි. එම කාඩ්පත ක්‍රීඩාකල හැකි එකක් නම් එවේලේම ක්‍රීඩා කල හැකි වෙයි.
  • එක් ක්‍රීඩකයෙන් තමා අතේ ඇති කාඩ් අවසන් වූ විට ඔහු තරඟය ජයග්‍රහණය කර අතර ඔහුව තරඟයෙන් ඉවත් කරයි.

ප්‍රයෝගයන්[සංස්කරණය]

  • එක් ක්‍රීඩකයෙක් ඌනෝ යනුවෙන් පැවසුවහොත් ඔහුට තවත් කාඩ් එක්වන පරිදි දෙකක් ගන්න හෝ මග හරින්න හෝ වෙනත් විශේෂ කාඩ් පතක් ක්‍රීඩා කිරීම
  • විශේෂ කාඩ් පත් ඉතුරු කර ගනිමින් ක්‍රීඩා කිරීම
  • එකම පාට සහිත කාඩ් පත් ඉතුරු නොකර ගැනීම
  • එකම අංකය සහිත කාඩ් පත් ඉතුරු නොකර ගැනීම
  • විවෘත ගොඩේ කලින් තැබූ කාඩ් ගැන යම් අවබෝධයකින් සිටීම.
  • අවසන් කාඩ් පත ලෙස ඕනෑම එකක් සඳහා වලංගු කාඩ් පත ඉතුරු කර ගැනීම

ඌනෝ ලෝක ශූරතාව[සංස්කරණය]

වාර්ෂිකව පවත්වන ඌනෝ ලෝක ශූරතාව රුසියාවේ මොස්කව් නගරයේ පැවැත්වේ. මෙම තරඟය සඳහා රටවල් 70 වඩා වැඩි ප්‍රමාණයක් සහභාගී වේ.[2]

තේමාවන්[සංස්කරණය]

ඌනෝ කාඩ් කුට්ටම් නොයෙකුත් තේමා යටතේ නිපදවා තිබේ. සමහර කුඩ් කුට්ටම්වල විශේෂ කාඩ්පත් එක කර තිබේ.

  • බැට් මෑන් ඌනෝ - මෙම කාඩ් කුට්ටමේ ජෝකර් එක කර තිබේ. ඔබ ජෝකර් ක්‍රීඩා කල විට ක්‍රීඩකයින් තුන් දෙනෙකුට හෝ අඩු ගණනකට කාඩ් තුනක් හෝ අඩු ගණනක් ගන්න යැයි විදාන කල හැකි වෙයි.
  • කාර් ඌනෝ
  • කාර්-ගෝ ඌනෝ - මෙම කාඩ්පත් රවුමට සාදා ඇත. එය කිසියම් කෝප්පයක වැනි දෙයක රඳවා තැබිය හැකිය.
  • බාබි ඌනෝ- මෙම කාඩ් කුට්ටමේ මිතුදම නමින් කාඩ්පත් ඇත. එය මගින් තවත් ක්‍රීඩකයෙක් සමග කාඩ් පත් හුවමාරු කිරීම කල හැකිය.
  • ස්පයිඩර් මෑන් ඌනෝ

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 UNO instruction sheet, 1983, International Games Ltd.
  2. "ඌනෝ ලෝක ශූරතාව".

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඌනෝ&oldid=269493" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි