ඉන්දියාවෙහි දේශපාලනමය සමෝධානය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
1909 වසරෙහිදී බ්‍රිතාන්‍ය ඉන්දියාව සහ කුමාර රාජ්‍යයන් පැවැති අයුරු

1947 වසරෙහිදී ඉන්දියානු නිදහස ලැබුනු වකවානුව වත්ම, බල ප්‍රදේශ යුගලයකට ඉන්දියාව බෙදී තිබුණු අතර, පළමුවැන්න වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ පාලනය වූ බල ප්‍රදේශ වන අතර,දෙවැන්න වූයේ කිරීටය විසින් එය වෙත ආධිපත්වය දැක්වූ මුත්, එහි පාරම්පරික පාලකයන්ගේ පාලනය යටතේ පැවැති බල ප්‍රදේශ වෙති. මෙයට අමතරව, ප්‍රංශය සහ පෘතුගාලය විසින් පාලනය කෙරුණු යටත්විජිත පරිවෘතයන් කිහිපයක්ද වූහ. මෙම බල ප්‍රදේශයන්හී දේශපාලනමය සමෝධානය, ඉන්දියානු ජාතික කොංග්‍රසය විසින් ප්‍රකාශිත පරමාර්ථයක් වූ අතර, ඊළඟ දශකය තුලදී මෙය සාක්ෂාත් කර ගැනුමට ඉන්දියාවෙහි රජය යුහුසුළු විය. සාධකයන් කිහිපයක සංකලනයක් උපයෝගී කරගනිමින්, සර්ඩාර් වල්ලබ්භායි පටේල් සහ වි. පී. මෙනන් විසින් විවිධ කුමාර රාජ්‍යයන්ගේ පාලකයන් වෙත ඉන්දියාවට එකතු වීමේ ධනාත්මක ආදිනව ඒත්තු ගන්වන ලදි. මෙම රාජ්‍ය්‍යන් ඈඳා ගැනුම සාක්ෂාත් කර ගැනුමෙන් පසුව, ඔවුන් මීලඟට ක්‍රියාත්මක වූයේ, පියවරෙන් පියවර මධ්‍යම රජයෙහි බලාධිකාරිය මෙම රාජ්‍යයන් මෙත බලපවත්වමින් සහ පතුරවාලමින් ඒවායේ පරිපාලනය වෙනස් කර ලීමට වන අතර, 1956 වසර වන විට, පෙරදී බ්‍රිතාන්‍ය ඉන්දියාවෙහි කොටස් වශයෙන් පැවති සහ කුමාර රාජ්‍යයන්හී කොටස් වශයෙන් පැවති බල ප්‍රදේශ අතර පැවතියේ කුඩා වෙනස්කම් පමණි. මෙයට සමගාමීව, ඉන්දියානු රජය විසින්, රාජ්‍ය තාන්ත්‍රික සහ හමුදාමය ක්‍රමවේදයන්ගේ සංකලනයක් අනුගමනය කරමින්, ඉතිරි යටත්විජිත පරිවෘතයන් වෙත තත්වාකාර සහ නීති ප්‍රකාර අධිකාරය බල පවත්වා ගනිමින්, ඒවාද ඉන්දියාව වෙත සමෝධානය කර ගැනුණි.

කුමාර රාජ්‍යයන්ගෙන් අති බහුතරයක් මෙම ක්‍රියාවලිය නිසා සාර්ථක ලෙසින් ඉන්දියාව හා සමෝධානය වුවද, රාජ්‍යයන් කිහිපයක් අරභයා එය එතරම් සාර්ථක නොවූ අතර, සක්‍රීය බෙදුම්වාදී ව්‍යාපාර පවත්නා ජම්මු සහ කාශ්මීරය, ත්‍රීපුර සහ මනිපූර්, විශේෂිත වශයෙන් සඳහන් කල හැක.

ඉන්දියාවේ කුමාර රාජ්‍යයෝ[සංස්කරණය]

ඉන්දියාව තුල බ්‍රිතාන්‍ය ව්‍යාප්තියෙහි මුල් ඉතිහාසයෙහි ලාක්ෂණික ගුණාංගයක් වූයේ, පැවති කුමාර රාජ්‍යයන් කෙරෙහි උපගමනයන් දෙකක් සමපැවතීම වෙයි.[1] මෙයින් පළමුවැන්න වූයේ ඈඳාගැනීමේ ප්‍රතිපත්තිය වන අතර, එහිදී වූයේ ඔවුන්ගේ ඉන්දියාවෙහි අධිරාජ්‍යය සමන්විත වූ පළාත් වලට ඉන්දියානු කුමාර රාජ්‍යයන් අන්තර්ග්‍රහණය කිරීමට බ්‍රිතාන්‍යයන් උත්සුක වීමයි. දෙවැන්න වූයේ අනියම් පාලන ප්‍රතිපත්තියක් වන අතර, එහිදී බ්‍රිතාන්‍යයන් විසින් කුමාර රාජ්‍යයන් මත ආධිපත්‍යය සහ පරමතමත්වය ආරූඨ කර ගෙන සිටි මුත්, විවිධ මට්ටමෙහි අභ්‍යන්තර ස්වයං-පාලන ක්‍රමවේදයන් පවත්වාගෙන යෑමට එම රාජ්‍යයන්ට අවකාශ සලසා තිබුණි.[2] 19වන සියවසෙහි මුල් භාගයෙහිදී, බ්‍රිතාන්‍යයන්ගේ ප්‍රතිපත්තිය නැඹුරු වූයේ ඈඳාගැනීම වෙත වූ මුත්, 1857 ඉන්දියානු කැරැල්ල මෙම උපගමනයෙහි වෙනසක් සිදු කිරීමට බල කෙරුණේ, ඈඳාගත් රාජ්‍යයන් අන්තර්ග්‍රහණය සහ අභිභවනය කිරීම යන කෘත්‍යයන් දෙකෙහිම දුෂ්කරතා සහ, කුමාර රාජ්‍යයන් උපකාර සපයන මූලාශයන් ලෙසින් පවත්වාගෙන යෑමේ වැදගත් කම ප්‍රදර්ශනය වීම නිසාවෙනි.[3] 1858 වසරෙහිදී, ඈඳාගැනීමේ ප්‍රතිපත්තිය විධිගත ලෙසින් අත්හැර දමන ලද අතර, ඉන්පසුව, ඉතිරි කුමාර රාජ්‍යයන් හා බ්‍රිතාන්‍යයන්ගේ සබැඳියාව, පරිපාලිත සාමග්ගියන් මත පදනම් වූ අතර, මෙහිදී, අත්‍යන්ත ආධිපත්‍යය ලෙසින් පැවතියේ බ්‍රිතාන්‍ය කිරීටය මත වන පරිදී බ්‍රිතාන්‍යයන් විසින් සියළු කුමාර රාජ්‍යයන් මත පරමතමත්වය පවත්වා ගත් මුත්, ඒ අතරම ඔවුන් මිත්‍ර පාක්ෂිකයන් ලෙසින් සැලකීම සහ සුරැකීම සිදු කෙරුනේ, ඔවුන්ගේ බාහිර සබඳතා පිළිබඳ පාලනය නතු කර ගනිමිනි. [4]ප්‍රත්‍යෙක සම්මුති විසින්, බ්‍රිතාන්‍යයන් සහ එක් එක් කුමාර රාජ්‍යය අතර තථ්‍ය සම්බන්ධතා පාලනය කෙරුනු අතර, සමහරක් රාජ්‍යයන් වෙත සම්පූර්ණ අභ්‍යන්තර ස්වරාජ්‍යය පවතින ආකාරයටද, අනෙකුන් ඔවුන්ගේ අභ්‍යන්තර කටයුතු මත සැලකිය යුතු පාලනයක් පැනවෙන ආකාරයටද සහ, සමහරක් පාලකයන් ඉතා ස්වල්ප ස්වාධිපත්‍යයක් සහිතව, වතු පිටි වල අයිතිකාරයන්ට වඩා මඳක් ඉහලින් සිටින ආකාරයකටද වන පරිදී මෙම සම්බන්ධතා ඉතා විවිධ වූහ.[5]

20වන සියවස තුලදී, බ්‍රිතාන්‍ය ඉන්දියාව හා සමගින් කුමාර රාජ්‍යයන් වඩාත් කිට්ටුවෙන් සමෝධානය කෙරුමට බ්‍රිතාන්‍යයන් විසින් දැරූ උත්සාහයන් අතර, උපදේශක හා අනුශාසනාත්මක ව්‍යුහයක් ලෙසින්, 1921 වසරෙහිදී කුමාරවරුන්ගේ මණ්ඩලය තැනීම,[6] සහ 1936 වසරෙහිදී, කුඩා රාජ්‍යයන් අධීක්ෂණය කිරීමේ වගකීම, ප්‍රාන්තයන් වෙතින් මධ්‍යම රජයට පවරාගැනුම සහ දේශපාලන අනුයෝතයන් සමාලෝපනය කරමින් ඉන්දියාවේ රජය සහ වඩාත් විශාල කුමාර රාජ්‍යයන් අතර සෘජු සම්බන්ධතා නිමැවීම දැක්විය හැක.[7] වඩාත් මහේච්ඡ අරමුණක් ලෙසින් ඉන්දියානු රජය පණත 1935 තුල අඩංගුවූ සන්ධියන උපක්‍රමයක් තිබූ අතර, එය විසින් බලාපොරොත්තු වූයේ, කුමාර රාජ්‍යයන් සහ බ්‍රිතාන්‍ය ඉන්දියාව, ෆෙඩරල් රජයක් යටතේ එක්සත් වීමයි.[8]

සටහන්[සංස්කරණය]

  1. රැමුසැක් 2004, පිටු. 57–59
  2. රැමුසැක් 2004, පිටු. 55–56; ෆිෂර් 1984, පිටු. 393–428
  3. කොප්ලන්ඩ් 1997, පිටු. 15–16
  4. ලී-වෝනර් 1910, පිටු. 48–51
  5. ලම්බි 1954, පිටු. 202–204
  6. ඇෂ්ටන් 1982, පිටු. 29–57
  7. මැක්ලියඩ් 1999, පි. 66
  8. කීත් 1969, පිටු. 506–514

ආශ්‍රිත[සංස්කරණය]

  • කොප්ලන්ඩ්, ඉයන් (1987), "කෙග්‍රෙස් පැටර්නලිස්ම්: ද "හයි කමාන්ඩ්" ඇන්ඩ් ද ස්ට්‍රග්ල් ෆො ෆ්‍රීඩම් ඉන් ප්‍රින්ස්ලි ඉන්ඩියා"", in මැසලූස්, ජිම් (ed.), ස්ට්‍රග්ලිං ඇන්ඩ් රූලිං: දි ඉන්ඩියන් නැෂනල් කොංග්‍රස් 1885–1985, නවදිල්ලිය: ස්ටර්ලිං ප්‍රකාශකයෝ, pp. 121–140, ISBN 81-207-0691-9
  • කොප්ලන්ඩ්, ඉයන් (1993), "ලෝඩ් මවුන්ට්බැටන් ඇන්ඩ් දි ඉන්ටිග්‍රේෂන් ඔදෙි ඉන්ඩියන් ස්ටේට්ස්: අ රිඇප්‍රේස්ල්", ද ජර්නල් ඔෆ් ඉම්පීරියල් ඇන්ඩ් කොමන්වෙල්ත් හිස්ට්‍රි, 21 (2): 385–408, doi:10.1080/03086539308582896
  • කොප්ලන්ඩ්, ඉයන් (1997), ද ප්‍රින්සර්ස් ඔෆ් ඉන්ඩියා ඉන් ද එන්ඩ්ගේම් ඔෆ් එම්පයර්, 1917–1947, කේම්බ්‍රිජ්, එංගලන්තය: කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, ISBN 0-521-57179-0
  • ෆිෂර්, මාග්‍රට් ඩබ්. (1962), "ගෝවා ඉන් වයිඩර් පර්ස්පෙක්ටිව්", ඒෂියන් සර්වේ, 2 (2): 3–10, doi:10.1525/as.1962.2.2.01p1537e
  • ෆිෂර්, මයිකල් එච්. (1984), "ඉන්ඩිරෙක්ට් රූල් ඉන් ද බ්‍රිටිෂ් එම්පයර්: ද ෆවුන්ඩේෂන්ස් ඔෆ් ද රෙසිඩන්සි සිස්ටම් ඉන් ඉන්ඩියා (1764–1858)", මොඩ්ර්න් ඒෂියන් ස්ටඩීස්, 18 (3): 393–428, doi:10.1017/S0026749X00009033
  • කරන්, ප්‍රාඩ්යුම්නා පී. (1960), "අ ෆ්‍රී ඇක්සස් ටු කොලෝනියල් එන්ක්ලේව්ස්", ඇන්ල්ස් ඔෆ් දි ඇසෝෂියේෂන් ඔෆ් ඇමරිකන් ජියෝග්‍රෆර්ස්, 50 (2): 188–190, doi:10.1111/j.1467-8306.1960.tb00345.x
  • රැමුසැක්, බාබරා එන්. (1978), ද ප්‍රින්සර්ස් ඔෆ් ඉන්ඩියා ඉන් ද ට්වයිලයිට් ඔෆ් එම්පයර්: ඩිසලූෂන් ඔෆ් අ පේට්‍රන්-ක්ලයන්ට් සිස්ටම්, 1914–1939, කොළොම්බස්, ඔහියෝ: ඔහියෝ ජනපද විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, ISBN 0-8142-0272-1
  • රැමුසැක්, බාබරා එන්. (1988), "කොංග්‍රස් ඇන්ඩ් ද පීපල්ස් මූව්මන්ට් ඉන් ප්‍රින්ස්ලි ඉන්ඩියා: ඇම්බිවේලන්ස් ඉන් ස්ට්‍රැටජි ඇන්ඩ් ඕර්ගනයිෂේසන්", in සිසන්, රිචඩ්; වොල්පර්ට්, ස්ටැන්ලි (eds.), කොංග්‍රස් ඇන්ඩ් ඉන්ඩියන් නැෂනලිස්ම්, බර්ක්ලි: කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, pp. 377–403, ISBN 0-520-06041-5
  • රැමුසැක්, බාබරා එන්. (2004), දි ඉන්ඩියන් ප්‍රින්සර්ස් ඇන්ඩ් දෙයා ස්ටේට්ස්, ද නිවු කේම්බ්‍රිජ් හිස්ට්‍රි ඔෆ් ඉන්ඩියා III.6, කේම්බ්‍රිජ්, එංගලන්තය: කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, ISBN 0-521-26727-7
  • රයිට්, ක්වින්සි (1962), "ද ගෝවා ඉන්සිඩන්ට්", දි ඇමරිකන් ජර්නල් ඔෆ් ඉන්ටර්නැෂනල් ලෝ, ඇමරිකන් සොසයිටි ඔෆ් ඉන්ටර්නැෂනල් ලෝ, 56 (3): 617–632, doi:10.2307/2196501, JSTOR 2196501