කතක්

විකිපීඩියා වෙතින්
(ඉන්දියානු නර්ථන කතක් වෙතින් යළි-යොමු කරන ලදි)
tiny globe
ශර්මිලා ශර්මා සහ රාජේන්ද්‍ර කුමර් ගංගනි කතක් නර්ථනයක යෙදෙමින්

කතක් (හින්දි:कथक) යනු ඉන්දියාවෙන් පැවත එන ඉන්දීය සම් භාව්‍ය නර්තන අට අතුරින් එක් නර්තනයකි.මෙම නර්තන විලාශය කථකාර් නැතහොත් කථාකියන්නා ලෙසින් හැඳින්වෙන ආදිකාලීන දකුණු ඉන්දීය සංචාරක වන්දිභට්ටයන් ඇසුරෙන් පැවත එන්නකි. එය පකිස්ථානයේ ජාතික නර්තනයයි. එය කෙටි ආකාරයේ නර්තනයක් වන අතර විශේෂ වන්නේ වේගවත් පාද ක්‍රියාකාරීත්වය, කැරකීම(spin) සහ නව්‍යකරණය වු අභිනයන්ය. වර්තමානයේ එහි අංගයන් පුරාතනයේ වෘත්තාන්තයක් වන කතකාස්, පන්සල් රැඟුම්, භක්ති චලන සහ 16 වන ශතවර්ෂයේ සිට පැවත එන පර්සියානු බලපෑම් නිසා නවීකරණය වී ඇත. වර්තමානයේ රංගන ශිල්පීන් ඔවුන්ගේ පෙළපත මූලිකව ඉගැන්වෙන කතක් පාසල් වන ජයිපුර් ගරනා, ලක්නව් ගරනා සහ බරණැස් ගරනා තුලින් පැවත එයි. මුලික නොවන ඒකාංග‍නාවක් වන රයිගා ඉහත ගරනා තුනේම ශිල්ප ක්‍රම එකතු කොට රඟ දක්වන අතර ඔවුන්ට ආවේණික වු විශේෂ ශිල්ප ක්‍රමයකින් ප්‍රචලිතව පවතී. කතක් නම පැවත එන්නේ සංස්කෘත වචනයක් වන කතාව නොහොත් 'කතා' යන අරුත දෙන පදයෙනි. සංස්කෘත භාෂාවෙන් කතකා යනු කථාවක් කියන තැනැත්තා යන අර්ථයයි. වර්තමානයේ මෙය සරල ලෙස කතක් යනුවෙන් හඳුන්වයි.හින්දු හා මෝගල් ආභාෂය ද පවතී . නර්තනාංග ලෙස බොල්,තත්,ගත්,පරන්,තත්කාර් යන ඒවා වේ...

"https://si.wikipedia.org/w/index.php?title=කතක්&oldid=606404" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි