ඉංජිනේරු තාක්ෂණ ආයතනය

විකිපීඩියා වෙතින්
ඉංජිනේරු තාක්ෂණ ආයතනය
- Institute of Engineering Technology -

ඉංජිනේරු තාක්ෂණ ආයතනය යනු ශ්‍රී ලංකා රජය මගින් මෙහෙයවනු ලබන, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය යටතේ පවතින ඉංජිනේරු ක්ෂේත්‍රයේ ඉහල පිලිගැනීමක් පවතින, ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලොමාව (NDES) පිරිනමන උසස් අධ්‍යාපන ආයතනයකි. ‍ඉංජිනේරු තාක්ෂණ ආයතනය පිහිටා ඇත්තේ කටුනායක ප්‍රදේශයේය.

කටුනායක, ඉංජිනේරු තාක්ෂණ ආයතනය 1985දී පිහිටුවන ලද්දේ ශ්‍රී ලංකා රජය සහ ලෝක කම්කරු සංවිධානය - එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සම්බන්ධ ව්‍යාපෘතිය යටතේ තාක්ෂණඥයින් පුහුණුකිරීමේ ආයතනය (TTI) ලෙසය.පසුව 2006 වසරේදී ඉංජිනේරු තාක්ෂණ ආයතනය (IET) ලෙස වෙනස් කරන ලදි෴

පාඨමාලා[සංස්කරණය]

ඉංජිනේරු තාක්ෂණ ආයතනය මගින් ප්‍රධාන වශයෙන් පවත්වනු ලබන පාඨමාලාව වනුයේ ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලොමාවයි (NDES).මෙම පාඨමාලාව ප්‍රධාන ක්ෂේත්‍රයන් 3ත් යටතේ පවත්වනු ලබන අතර එම ක්ෂේත්‍රයන් තවදුරටත් අනු ක්ෂේත්‍රයන් 9ක් දක්වා විහිදෙයි.

ඇතුලත් වීම[සංස්කරණය]

ඉංජිනේරු තාක්ෂණ ආයතනය සඳහා වසරකට වරක් සිසුන් බඳවාගනු ලබයි. පෙර වසර තුල උසස් පෙළ ගණිත අංශයෙන් පෙනීසිට සමත් සිසුන්හට ගැසට් මගින් හා නිල වෙබ් අඩවිය[2] තුලින් අයදුම්පත් කැඳවීම් සිදුකරනු ලබයි. අනතුරුව ආයතනය විසින් පවත්වන් ලබන ලිඛිත පරීක්ෂණයකින් සමත්වන සිසුන් අතරින් 400 පමන ප්‍රමාණයක් එක් වසරකදී ආයතනයේදී පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව බඳවාගනු ලබයි.

යොමුව[සංස්කරණය]

  1. නාවික ඉංජිනේරු වෙබ් අඩවිය සංරක්ෂණය කළ පිටපත 2012-04-24 at the Wayback Machine,ඉංජිනේරු තාක්ෂණ ආයතනය
  2. ආයතනයේ නිල වෙබ් අඩවිය - http://www.iet.edu.lk

බාහිර යොමු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඉංජිනේරු_තාක්ෂණ_ආයතනය&oldid=591432" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි