ලෝක කම්කරු සංවිධානය

විකිපීඩියා වෙතින්
ලෝක කම්කරු සංවිධානය
පිහිටුවන ලද්දේ1919
වර්ගයඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාංශයකි
නෛතික තත්ත්වයක්‍රියාකාරී
මූලස්ථානයජිනීවා
වෙබ් අඩවියilo.org/

ළමා මෙහෙකාරිත්වය[සංස්කරණය]

ILO (International labor Organization - ජාත්‍යන්තර කම්කරුවන්ගේ සංවිධානය) විසින් ළමා මෙහෙකාරිත්වය පිටුදැකීමට IPEC වැඩමුළුව ක්‍රියාවට නංවා ඇත. ජාත්‍යන්තර පුහුණු මධ්‍යස්ථානය ILO විසින් මෙය ඉතාලියේ, ටියුරින් (Turin) හි පවත්වයි. බලහත්කාරයෙන් වැඩ ගැනීම ILO හි විශේෂ වැඩමුළුවක් මගින් ළමුන් බලහත්කාරයෙන් සේවයේ නිරත කර ගැනීම ගැන සොයා, එවැනි ක්‍රියා ලෝකයට නිවේදනය කරයි. HIV/AIDS ILO AIDS නමින් HIV පිළිබඳ හා එහිදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ව්‍යවස්ථාවක් (Code), ILO විසින් සකසා ඇත. සේවකයන් අතර HIV ආසාධිතයන් ඇති වීම වැළැක්වීමට ක්‍රියා කළ යුතු අයුරු මෙහි දක්වා ඇත. පහත කරුණු ගැන මෙහි ඇතුළත්ව ඇත.

• දේශීයව, ආයතනිකව HIV සමඟ ක්‍රියා කළ යුතු අයුරු
• HIV වළකා ගැනීම.
• HIV ආසාදිත සේවකයන්ට රැකවරණය දීම.
• HIV ආසාදිත බව අනුව වෙනස් කම් නොකිරීම.

සාමාජිකත්වය

රටක් වශයෙන් පිළිගැනෙන රටවලට මෙහි සාමාජිකත්වය ලබා ගත හැකිය. මෙයට 1945 නොවැම්බර් 1 දිනයේදී සිටි සාමාජිකයන්ද අයත් වේ. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සාමාජිකයන්ටත්, ILO සාමාජිකත්වය ගත හැක. නමුත් අනෙක් රටවලට මෙහි සාමාජිකත්වය සඳහා ඇතුළත්වීමට ILO ව්‍යවස්ථාවට අනුව වැඩි ඡන්දයෙන් සම්මත වීම අවශ්‍ය වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ලෝක_කම්කරු_සංවිධානය&oldid=470040" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි