පාරිසරික ඉංජිනේරු විද්‍යාව

විකිපීඩියා වෙතින්

පරිසරය වඩා යහපත් බවට පත් කිරීමට (වාතය, ජලය සහ/ හෝ භූ සම්පත්) මිනිස් වාසස්ථාන සඳහා හා වෙනත් ජීවීන් සඳහා සෞඛ්‍ය සම්පන්න ජලය, වාතය සහ භූමිය සැපයීමට සහ දූෂිත ප්‍රදේශ ප්‍රකෘතිමත් කිරීමට, විද්‍යාවේ සහ ඉංජිනේරු ශිල්පීය මූලධර්මවල භාවිතය, පාරිසරික ඉංජිනේරු විද්‍යාව වේ.

පාරිසරික ඉංජිනේරු විද්‍යාව, ජල හා වායු දූෂණය පාලනය ‍කිරීම, ප්‍රතිචක්‍රීයකරණය, අපද්‍රව්‍ය කළමනාකරණය සහ ම‍තභේදයට වාදයට, විනිශ්චයට පාදක වන පොදු සෞඛ්‍ය ගැටළු මෙන්ම පාරිසරික ඉංජිනේරු නීතිය පිළිබඳ දැනුමක් යනාදිය සම්බන්ධ කරගෙන ඇත. එහි තවදුරටත්, යෝජිත නිර්මාණ ව්‍යාපෘතිවල පාරිසරික බලපෑම පිළිබඳ අධ්‍යයනයන් ද අන්තර්ගත වේ.

පාරිසරික ඉංජිනේරුවෝ, එවැනි උපද්‍රවවල වැදගත්කම අගය කිරීම සඳහා අන්තරාය කර අපද්‍රව්‍ය කළමනාකරණ අධ්‍යයනයන් මෙහෙයවති. පිළියම් සහ විරුද්ධ මතයක පැතිරීම වළක්වාලීමේ පිළිවෙත පිළිබඳ උපදෙස් දෙති. එමෙන්ම ප්‍රමාද දෝෂ වැළැක්වීමට නීති රීති වැඩි දියුණු කරති. පාරිසරික ඉංජිනේරුවන් නාගරික ජල සැපයුම් සහ කාර්මික අප ජලය පිරියම් කිරීමේ පද්ධති සැලසුම් කිරීමත් සිදු කරයි. එමෙන්ම අම්ල වැසිවල බලපෑම, ඕසෝන් වියන ක්ෂය වීම, මෝටර් රථවලින් පිටවන දුමාරයෙන් සහ කාර්මික ප්‍රභවවලින් සිදුවන ජල දූෂණය හා වායු දූෂණය වැනි දේශීය හා ලෝකයටම බලපාන පාරිසරික ගැටළු පිළිබඳව සැලකිල්ලෙන් ද පසු වෙති.