Jump to content

ඇම්බර් හර්ඩ්

විකිපීඩියා වෙතින්
ඇම්බර් හර්ඩ්
හර්ඩ් 2011 නොවැම්බරයේ දී
උපත
ඇම්බර් ලෝරා හර්ඩ්

අප්‍රේල් 22, 1986 (1986-04-22) (වයස 40)
වෘත්තියනිළියක
සක්‍රීය වසර2004–වර්තමානය
වල්ලභජොනී ඩෙප් (වි. 2015; දික්කසාදය 2017)

ඇම්බර් ලෝරා හර්ඩ් (උපත 1986 අප්‍රේල් 22)[1] යනු ඇමරිකානු නිළියකි. ඇය චිත්‍රපට ක්ෂේත්‍රය වෙත පිවිසියේ 2004 ක්‍රීඩා නාට්‍යයක් වූ Friday Night Lights තුළිනි. North Country සහ Alpha Dog චිත්‍රපටවල සුළු චරිත නිරූපණයෙන් පසුව, හර්ඩ් සිය ප්‍රථම ප්‍රධාන චරිතය නිරූපණය කළේ All the Boys Love Mandy Lane (2006) චිත්‍රපටයේ ය. අනතුරුව ඇය ද සීඩබ්ලියු රූපවාහිනී වැඩසටහනක් වූ Hidden Palms (2007) හි පෙනී සිටියා ය.

හර්ඩ්ව ජනයා විසින් හඳුනාගත්තේ 2008 Never Back Down සහ Pineapple Express චිත්‍රපටවලිනි. ඇය යොවුන් හොලිවුඩ් සම්මාන උළෙලේ දී, පාරවේධන සම්මානය හිමි කරගත්තා ය. The Informers, The Stepfather, Zombieland, සහ The Joneses චිත්‍රපට හේතුවෙන් ඇය කෙරෙහි තවදුරටත් අවධානය යොමු විය. අනතුරුව ඇය ජෝන් කාපෙන්ටර්ගේ The Wardහි ප්‍රධාන චරිත නිරූපණය කළා ය. එසේම ඇය නිකොලස් කේජ් සමග Drive Angry චිත්‍රපටයේත්, ජොනී ඩෙප් සමග The Rum Diary චිත්‍රපටයේත් රංගනයෙහි යෙදුණා ය. The Rum Diaryහි රංගනය වෙනුවෙන් ඇය හොලිවුඩ් චිත්‍රපට උළෙලේ ස්පොට්ලයිට් සම්මානය හිමි කරගත්තා ය. 2014දී ඇය 3 Days to Kill චිත්‍රපටයේත්, 2015දී Magic Mike XXL සහ The Danish Girl චිත්‍රපයවලත් රැඟුවා ය. ඉදිරියේ තිරගත වීමට නියමිත වීරකථා චිත්‍රපටයක් වන Justice League චිත්‍රපටයේ මීරාගේ චරිතය ඇය විසින් නිරූපණය කරනු ඇත.

මුල්කාලීන දිවිය

[සංස්කරණය]

හර්ඩ් උපත ලැබූයේ ටෙක්සාස්හි ඔස්ටින් ප්‍රදේශයේ ය. ඇගේ මව වූ ප්‍රැට්‍රීෂියා ප්‍රේජ් (විවාහයට පෙර පාර්සන්ස්) අන්තර්ජාල සමීක්ෂකවරියක වූ අතර, ඇගේ පියා වූ ඩේවිඩ් ක්ලින්ටන් හර්ඩ් කොන්ත්‍රාත්කරුවකු විය.[1][2][3] ඇයට විට්නි නම් සොයුරියක වේ.[1] උසස් පාසලෙන් ඉවත් වූ ඇය, පසුව නිවසේ සිට අධ්‍යන පාඨමාලාවක් හදාරා ඩිප්ලෝමාවක් හිමි කරගත්තා ය.[4] හර්ඩ්ගේ වයස 16 වන විට ඇගේ හොඳම මිතුරා මෝටර් රථ අනුතරකින් මරණයට පත් විය. කතෝලිකයකු ලෙස හැදීවැඩුණු ඇම්බර් පසුව, තමන් අදේවවාදියකු බැව් ප්‍රකාශයට පත්කළා ය.[4] ඇගේ එකල පෙම්වතා විසින් ඇයව දාර්ශනික-නවකථාකාරිණියක වූ ඒන් රෑන්ඩ් හට හඳුන්වා දෙන ලදී.[4]

නිර්මාණ දායකත්වය

[සංස්කරණය]

චිත්‍රපට

[සංස්කරණය]
හර්ඩ් 2009 ටොරන්ටෝ අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ දී
වර්ෂය චිත්‍රපටය චරිතය සටහන්
2004Friday Night Lightsමාරියා
2005Side FXෂේ
2005Drop Dead Sexyකැන්ඩි
2005North Countryලාබාල ජොසී ඒම්ස්
2006Price to Payට්‍රිෂ්
2006The Princeසෙරීනා
2006Alpha Dogඇල්මා
2006All the Boys Love Mandy Laneමැන්ඩි ලේන්
2007Spinඇම්බර්
2007Day 73 with Sarahමේරිකෙටි චිත්‍රපටය
2007Remember the Dazeජූලියා ෆෝර්ඩ්
2008Never Back Downබාජා මිලර්
2008Pineapple Expressඇන්ජී ඇන්ඩර්සන්
2008The Informersක්‍රිස්ටී
2009ExTerminatorsනිකී
2009The Jonesesජෙන් ‍‍ජෝන්ස්
2009Zombieland406
2009The Stepfatherකෙලී පෝටර්
2010And Soon the Darknessස්ටෙෆනීසම-නිෂ්පදකවරිය ද වේ.
2010The River Whyඑඩී
2010The Wardක්‍රිස්ටින්
2011Drive Angryපයිපර්
2011The Rum Diaryචෙනෝල්ට්
2013Syrupසික්ස්
2013Paranoiaඑමා ජෙනිංස්
2013Machete Killsසැන් ඇන්ටෝනියෝ මෙනවිය
20143 Days to Killනියෝජිත විවී
2015The Adderall Diariesලැනා එඩ්මන්ඩ්
2015One More Timeජූඩි
2015Magic Mike XXLසූ
2015The Danish Girlඅලා පෝල්සන්
2017I Do...Until I Don'tෆැනී
2017Justice Leagueමීරාපශ්චාත්-නිෂ්පාදනයේ
2017London Fieldsනිකොලා සික්ස්සම්පූර්ණ කළ
2018Aquamanමීරාරූගත කෙරෙමින් පවතියි

රූපවාහිනිය

[සංස්කරණය]
වර්ෂය වැඩසටහන චරිතය කථාංග(ය)
2004Jack & Bobbyලීස්1×01 – "Pilot"
2004The Mountainරයිලී1×08 – "A Piece of the Rock"
2005The O.C.අලෙවිකාරිණිය2×15 – "Mallpisode"
2006Criminal Mindsලයිලා ආචර්1×18 – "Somebody's Watching"
2007Californicationඇම්බර්1×08 – "California Son"
2007Hidden Palmsග්‍රේටා මැතිව්ස්කථාංග 8
2011Top Gearඇය ලෙසම16×05
2011The Playboy Clubබනී මොරීන්කථාංග 7 (විකාශය නොවූ 4)[5][6]
2015Overhaulin'ඇය ලෙසම9×01 – "In Too Depp"

ඇගයුම්

[සංස්කරණය]
වර්ෂයනිර්දිෂ්ට කෘතියසම්මාන උළෙලසම්මානයප්‍රතිඵලය
2008ඇය ලෙසමයොවුන් හොලිවුඩ් සම්මානවසරේ සොයාගැනීමදිනාගති
2009සොම්බීලන්ඩ්ඩිට්‍රොයිට් චිත්‍රපට විචාරක සමාජ සම්මානයහොඳම වෘන්දයනිර්දේශිත
2010සොම්බීලන්ඩ්ස්ක්‍රීම් අවෝඩ්ස්හොඳම වෘන්දයදිනාගති
2010ඇය ලෙසමඩලස් අන්තර්ජාතික චිත්‍රපට උළෙලඩලස් තරු සම්මානයදිනාගති
2011ද රම් ඩයරිහොලිවුඩ් චිත්‍රපට උළෙලස්පොට්ලයිට් සම්මානයදිනාගති
2014ඇය ලෙසමටෙක්සාස් ෆිල්ම් හෝල් ඔෆ් ෆේම්ප්‍රේරිකාදිනාගති

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. 1 2 3 "Amber Heard". TVGuide.com. සම්ප්‍රවේශය February 1, 2015.
  2. "Person Details for Amber Laura Heard, "Texas Birth Index, 1903-1997" — FamilySearch.org". සම්ප්‍රවේශය April 18, 2016.
  3. "Five things you need to know about Amber Heard". NewsComAu. සම්ප්‍රවේශය April 18, 2016.
  4. 1 2 3 William Keck (May 30, 2007). "Amber Heard will be heard". USA Today.
  5. Hodge, Chad T. (October 10, 2011). "7 episodes including the pilot". Twitter. Source confirmed to be Chad Hodge by NBC's official Twitter.
  6. Benanti, Laura (October 10, 2011). "Only 7. There are 2 endings. One of which is more final". Twitter.

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ඇම්බර්_හර්ඩ්&oldid=407573" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි