ඇමරිකානු සන්ධාන ජනපදය

විකිපීඩියා වෙතින්
ඇමරිකානු සන්ධාන ජනපදය

1861–1865
ඇමරිකානු සන්ධාන ජනපදය හී කොඩිය
ධජය (1863–65)
උද්යෝග පාඨය: "ඩියෝ වින්ඩිකේ" (ලතින්)
"අපට හිමිකම දෙන දෙවියන්වහන්සේ යටතේ"
ජාතික ගීය: 
තත්ත්වය නොපිළිගත් රාජ්‍යය[1]
ඉතිහාසය 
• ස්ථාපිත කළේ
1861
• අහෝසි කළේ
1865

ඇමරිකානු සන්ධාන ජනපදය (ඇසජ හෝ ස.ජ.) —සන්ධානය ලෙසින් පොදුවේ ව්‍යවහාර වන— යනු, 1861 වසරෙහි සිට 1865 වසර දක්වා උතුරු ඇමරිකාවෙහි පිහිටා තිබුණු නොපිළිගැනුණු ජනරජයකි[1].[2] වහලුන්-සන්තකත්වය සහිතවූ, එක්සත් ජනපදයෙහි පහළ දකුණු පෙදෙසෙහි පිහිටි, කෘෂිකර්මය මත, විශේෂයෙන් කපු වගාව මත, ඔවුන්ගේ ආර්ථිකය බෙහෙවින් රඳා පැවැති සහ අප්‍රිකානු-ඇමරිකානු වහලුන්ගේ ශ්‍රමය මත යැපුනු වතු වගා ක්‍රමයක් සහිත වූ බෙදුම්වාදී ජනපද හතක් —දකුණු කැරොලයිනා, මිසිසිපි, ෆ්ලොරිඩා, ඇලබාමා, ජෝර්ජියා, ලුවීසියෑනා, සහ ටෙක්සාස්—විසින් මුලින්ම සන්ධානත්වය අරඹන ලදි.[3] එ.ජ. ජනාධිපති ධූරය සඳහා නොවැම්බර් 1860 මැතිවරණයෙහි රිපබ්ලිකානු අපේක්ෂක ඒබ්‍රහම් ලින්කන්ගේ මැතිවරණ ව්‍යාපාරයෙහිදී, බටහිර ප්‍රදේශ වලට වහල් සේවය පැතිර යෑමට විරුද්ධ වීමේ තත්ත්වය මත, වහල් සේවයෙහි පැවැත්ම තර්ජනයකට ලක්ව ඇති බව [4][2] සැක හැර දැනගත් සන්ධානය විසින් එක්සත් ජනපදයට කැරලි ගසමින් බෙදී වෙන්වීම ප්‍රකාශයට පත් කල අතර, ඉක්බිතිව සිදුවූ ඇමරිකානු සිවිල් යුද්ධයෙහිදී එක්සත් ජනපදයට පක්ෂපාතිවූ ජනපද හැඳින්වුනේ සංගමය ලෙසිනි. සන්ධාන උප ජනාධිපති ඇලෙක්සැන්ඩර් එච්. ස්වීවන්ස් විසින් සන්ධානයේ මතවාදය පැහැදිලි කරමින් එහි මධ්‍යගත පදනම විස්තර කලේ " නිග්‍රෝවරුන් සුදු මිනිසුන් හා සමාන නොවන බව දැක්වෙන මහා සත්‍යය පදනම්ව, උත්තරීතර ජාතියට ගැති කම් කිරීමට වහලුන් අනුගත වීම ස්වභාවික මෙන්ම සාමාන්‍ය තත්ත්වයකි " යනුවෙනි. [5]

ග්‍රාමීය සහ නාගරික ජනගහනය[සංස්කරණය]

අ හෝම් ඔන් ද මිසිසිපි, කරියර් ඇන්ඩ් අයිව්ස්, 1871

ඇසජ අතිමහත් ලෙසින් ග්‍රාමීය විය. සුළුනගර කිහිපයක ජනගහනය 1,000 ට වැඩි විය– ආකෘතික ග්‍රාම කොට්ඨාශයක ජනගහනය 500 කට වඩා අඩු විය. නගර ඉතා විරල විය. 1860 වසරෙහි පැවැත්වූ සංගණනය අනුව විශාලතම එ.ජ. නගර විස්ස අතරින්, සන්ධාන බලප්‍රදේශය තුල වූයේ නිව් ඕර්ලියන්ස් පමණක්[6] – වූ අතර 1862 වසරෙහිදී සංගමය විසින් නිව් ඕර්ලියන්ස් අත්පත් කර ගති. සන්ධාන-පාලනය යටතේ පැවැති නගර 13ක් පමණක්, 1860 වසරෙහිදී ඉහළතම එ.ජ. නගර 100 අතරට අනුස්ථිතිය ලැබූ අතර, වරාය නගර වූ ඒවායින් බොහෝමයක ආර්ථික ක්‍රියාකාරකම් සංගමය යෙදූ අවරෝධය හමුවේ වියැකී යෑමට හෝ අතීශය පීඩාවට හෝ ලක් විය. සන්ධාන අගනගරය බවට පත් වීමෙන් පසුව, රිච්මන්ඩ් හී ජනගහණය අධික ලෙස ඉහළ නැගුණු අතර, 1864 වසර වන විට ඇස්තමේන්තු ගත 128,000 ක් විය.

සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 "ප්‍රිවෙන්ටිං ඩිප්ලොමැටික් රෙකග්නිෂන් ඔෆ ද කන්ෆෙඩරසි, 1861–65". එ.ජ. රාජ්‍ය දෙපාර්තමේන්තුව. අගෝස්තු 28, 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  2. 2.0 2.1 සංස්කාරකවරු (ජූලි 20, 1998). "කොන්ෆර්ඩරේටඩ් ස්ටේට්ස් ඔෆ් ඇමරිකා". එක්සයික්ලොෆිඩියා බ්‍රිටැනිකා. සම්ප්‍රවේශය June 25, 2019.
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; IndEcon නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. එම්. මැක්පර්සන්, ජේම්ස් (1997). ෆො කෝස් ඇන්ඩ් කොම්රේඩ්ස්: වයි මෙන් ෆෝට් ඉන් ද සිවිල් වෝ. නිව්යෝර්ක් නගරය: ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. p. 106. ISBN 978-0195124996. අනෙකුත් අය වහලුන් වශයෙන් තබා සිටියදී තම නිදහස වෙනුවෙන් සටන් කිරීම පිළිබඳව වහලුන් සහිත පවුල් වලින් පැමිණි සන්ධාන සොල්දාදුවන්ට කිසිම චකිතයක් හෝ අසංගතාවයක් සහිත හැඟීමක් ඇති නොවීය. ඇත්තෙන්ම සන්ධාන සොල්දාදුවන් සටන් වැදීමට තුඩු දුන් මතවාදයෙහි අරටුව වූයේ සුදු පැහැ සම ඇති අයගේ ශ්‍රේෂ්ඨත්වය සහ වහලුන් සම්පතක් ලෙස භාවිතා කිරීමට ඇති අයිතිය යන්න විය.
  5. ස්ටීවන්ස්, ඇලෙක්සැන්ඩර් (ජූලි 1998). "කෝර්නර්ස්ටෝන් ස්පීච්". ෆෝඩම් විශ්වවිද්‍යාලයය. සම්ප්‍රවේශය ජූනි 25, 2019.
  6. "යූ.එස්. බියුරෝ ඔෆ ද සෙන්සස්, පොපියුලේෂන් ඔෆ් ද 100 ලාජස්ට් අර්බන් ප්ලේසස්: 1860, ඉන්ටර්නෙට් රිලීස් ඩේට්: ජූනි 15, 1998". සම්ප්‍රවේශය අගෝස්තු 29, 2010.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඇමරිකානු_සන්ධාන_ජනපදය&oldid=605129" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි