Jump to content

ඇඩම් ස්මිත්

විකිපීඩියා වෙතින්
ඇඩම් ස්මිත්
A sketch of a man facing to the right
උපත5 ජූනි 1723
මියගිය දිනය17 July 1790(1790-07-17) (වයස 67)
යුගයClassical economics
(Modern economics)
ප්‍රදේශයWestern philosophy
ගුරුකුලයClassical economics
ප්‍රධාන ලැදිකම්
Political philosophy, ethics, economics
සංගණ්‍ය අදහස්
Classical economics,
modern free market,
division of labour,
the "invisible hand"
Influenced
අත්සන
Inquiry into the nature and causes of the wealth of nations, 1922

ආචීර්ණ කල්පිත වාදී ආර්ථික විද්‍යාව පිළිබඳ මතයේ නියම ආරම්භකයා වු ස්කොට් ඡාතික ඇඩම් ස්මිත් (1723-1790)ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ලියු ලේඛන වැඩිම කාලයක් තුළ වඩාත් පුළුල් ලෙස බලපෑම් කිරීමෙහි සමත් විය.

එඩිම්බරාව අසල කර්ක්කැලඩිහි උපත ලැබූ ඇඩම් ස්මිත් නිළධාරියෙකුගේ පුතෙකු විය.දාහතර හැවිරිදි වියේදී ග්ලිස්ගෝ විශ්ව විද්‍යාලයට ඇතුලත් විය.එහිදී ඔහු පුරාණ ග්‍රික ලතින් කතුවරයන්ගේ ගද්‍ය පද්‍ය මෙන්ම ,ගණිතය සහ දර්ශනය වැනි විෂයයන් හැදෑරීය.ග්ලිස්ගෝහි වසර 03 ගෙවු පසු ස්මිත් හය අවුරුදු ශිෂ්‍යත්වයක් දිනා ඔක්ස්පරඩ් විශ්ව විද්‍යාලයට ඇතුලත් විය.ආපසු එඩිම්බරාවට පැමිණි ඔහුට ඉංග්‍රිසි සාහිත්‍යය සදහා දේශක තනතුරක් පිරිනැමුණි.මෙම දේශන වලින් ඔහු ප්‍රසිද්ධියට ලක්වී,1751 නැවත ග්ලිස්ගෝවට කැදවන ලදුව තර්ක ශාස්ත්‍රය උගැන්වීම් කාර්යය පැවරිණි.මෙම පසුබිමේ සිට ඔහු දේශපාලනමය අර්ථ ශාස්ත්‍රය පිළිබඳ අදහස්දැක්වීය. "සදාචාරාත්මක අදහස් පිළිබඳ සිද්ධාන්ත"නැමති කෘතිය (1759) ඔහුගේ ප්‍රසිද්ධත්වය තහවුරු කළේය.

1764 ටුරුස් ප්‍රදේශයේ සිටියදී ඔහු, "ඡාතීන්ගේ ධනය" නම් කෘතිය ලිවීම ආරම්භ කළේය.ආර්ථික විද්‍යාවේ නිදහස් පිළිවෙත පිළිබඳ ලියවුණු මෙම ශාස්ත්‍රීය ග්‍රන්ථය 1776 මුද්‍රණ ද්වාරයෙන් පිටවිය. අවසාන ප්‍රතිඵලය මැනීමේදී "ඡාතීන්ගේ ධනය"ග්‍රන්ථය මේ දක්වා ලියවී ඇති වැදගත්ම කෘතිය ලෙස සැලකිය හැකි බව එඩ්මන් බර්ක්ගේ අදහස විය.ස්මිත් නියම ආර්ථික ආයතන දෙස විනිවිඳ දකින නිරීක්ෂණයක යෙදුණ නමුත්,ඇත්ත වශයෙන්ම අනාගතයේ නිදහස් යුටෝපියාවක් තැනීම සඳහා,ඔහු ප්‍රචාරයක යෙදු බව බර්ක්ගේ ප්‍රකාශයෙන් තහවුරු කරවයි.

ඡාතීන්ගේ ධනයෙහි දේශයක වස්තුව වැඩි දියුණු කර ගත හැකි අයුරින් එය ව්‍යාප්ත වන අයුරුත් එනම් නූතන ආර්ථික විද්‍යා‍වේ මූලිකාංග විස්තර කෙරේ.

ඔහු තවදුරටත් කී පරිදි ධනය ලද හැකි එකම මාර්ගය සම්පත් හා ශ්‍රමය යොදා තැනීමේ ප්‍රතිඵලයෙන් කෙරෙන නිෂ්පාදනය බවයි.මෙහිදී ඔහු විසදිය යුතු ප්‍රධාන ප්‍රශ්නය ලෙස පිළිගන්නේ වාණිඡවාදී න්‍යායෙන් ගත් දේශයක ධනය එහි අපනයන අතිරික්තය නිසා වන අදහසයි.ශ්‍රමය යොදා ගැනීමේ හැකියාව හා දක්ෂතාව අනුව ධනය වැඩි දියුණු වේ.මෙයට යොමු කර ගන්නා ඡනගහනයේ ප්‍රතිශතය මත මෙම සංඛාව අඩු වැඩි වේ.ඡනගහන සංඛ්‍යා වලට මුළු නිෂ්පාදනයේ සහ සම්බන්ධතාව මත සාමාන්‍ය පුද්ගලයාගේ ආර්ථික සුභසාධනය බලපානු ඇත.එනම් අද අප දන්නා ව්‍යවහාර භාෂාව අනුව මූර්ත ආදායමත් ඒක පුද්ගල ආදායම යනුයි.

මොහුට අනුව නිෂ්පාදනය වැඩි කළ හැකි මූලික ක්‍රම වනුයේ යන්ත්‍රෝපකරණ හදුන්වාදීම සහ ශ්‍රම විභඡනයයි.විවිධ වු රැකියා වලින් නොයෙකුත් සහඡ දක්ෂතා මතුවිය හැකි බවද ඔහු පිළිගත්තේය.නිෂ්පාදන ප්‍රාගුණ්‍යය වැඩීමට නියම හේතුව ‍ලෙස,මිනිසා තුල උපතින්ම වෙළදාමට සහ හුවමාරුවට ඇති ආශාව නිසාත්,සියලුම සත්ව වර්ගයා අතරින් මිකිසා පමණක් එය ප්‍රදර්ශනය කරන බැවිනුත්ය.

ස්මිත් විශ්වාස කළේ භාණ්ඩයක් තැනීමේදී ඒ සඳහා වැය කරන ශ්‍රමය එහි මූර්ථ වටිනාකම නියම කරන බවයි.කිසිවෙක් කිසිම භාණ්ඩයක් නිපදවීමෙන් ලබන ලාභය නිසා විනා නොනිපදවනු ඇත.ඔහුට අවශ්‍ය යමක් තනා ගැනීමට කරන වියදමට වඩා අඩු මුදලකට මිලදී ගත හැකි වී නම් ,ඔහු එය කෙනෙකුගෙන් ගන්නේ හුවමාරුවේදී අ‍නෙකාටද එසේම තම ශ්‍රමයට වැයවන මුදලට වඩා අඩු මිලකට එම භාණ්ඩය ගත හැකි නම් පමණි.විශේෂ ප්‍රාගුණ්‍යය හා වෙළදාමෙන් අ‍න්‍යෙන්‍ය ලාභ ලැබීම මෙයින් ඇති වු ප්‍රතිඵලයයි.භාණ්ඩයක් තැනීමට ගතවන කාලය මෙන්ම,භාණ්ඩය තැනීමේදී උප‍යෝගී වන ශ්‍රමයේ බලගතු බව,ශ්‍රමිකයාගේ දක්ෂතාව ලබා දෙන පුහුණුව හා අධ්‍යාපනය මේ ආදී කරුණු මත භාණ්ඩයක ස්වභාවික වටිනාකම බලපැවැත්වීය.එ‍හෙත් මුදල් භාවිතා වන ආර්ථිකයක සැ‍මවිටම භාණ්ඩයක වෙළඳ මිල එහි මූර්ථ වටිනාකම හා සම නොවීය.භාණ්ඩයක් සඳහා සඵල ඉල්ලුම ඇතැම් විට එහි සැපයුමට වඩා වැඩිවිය හැක.එවිට එහි මිල ඉහළ යයි.එය නිෂ්පාදකයාට වාසිදායක වෙයි.මෙලෙස ගණුදෙණුවේ වාසිදායක බව නිසා අ‍නෙක් අයද වෙළදාමට තරඟ වදිනු ඇත.මේනිසා මිල පහල යයි.යම් මිලකදී ඉල්ලුම හා සැපයුම සමතුලිත වීමෙන් එය ස්වභාවික මිල බවට පත්වේ.මෙමගින් නිදහස් වෙළඳපල සැමට වාසි අත්වේ.

ස්මිත්ගේ අවධාරණය කිරීම වන,ප්‍රධාන වශයෙන් සමාඡයට ලාභ ලබා දෙන්නේ පුද්ගලික ස්වාර්ථය සඳහාම කටයුතු කිරීම,සුභසාධක "නොපෙනෙන හස්ථය" සහ "ස්වභාවික නිදහස" නම් වූ පැහැදිලි හා සරල ක්‍රමය ආදිය 1776 සිට අද දක්වා පුද්ගලික ව්‍යවසායට ආවඩන්නන්ගේ උද්යෝග පාඨ විය.

  1. ^ නෙවින්, සීමස් (2013). "රිචඩ් කොන්ටියොන්: ද ෆාදර් ඔෆ් ඊකනොමික්ස්". හිස්ට්‍රි අයර්ලන්ඩ්. 21 (2): 20–23. JSTOR 41827152.
  2. ^ පෝර්ටා, පියර් එල්. "ලොම්බාර්ඩ් එන්ලයිට්මන්ට් ඇන්ඩ් ක්ලැසිකල් පොලිටිකල් ඉකොනමි." යුරොපියන් ජර්නල් ඔෆ් ද හිස්ට්‍රි ඔෆ් ඊකනොමික් තෝට්. 18.4 (2011): 521–550. මුද්‍රණය (පිටු. 542–543).
"https://si.wikipedia.org/w/index.php?title=ඇඩම්_ස්මිත්&oldid=590865" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි