ආශා බෝස්ලේ

විකිපීඩියා වෙතින්
ආශා බෝස්ලේ
බෝස්ලේ 2015හිදී
උපත
අශා මන්ගේෂ්කාර්

8 සැප්තැම්බර් 1933 (1933-09-08) (වයස 90)
ඉන්දියාව
රැකියාවපසුබිම් ගායිකාවක, ගායන ශිල්පීනියක
සක්‍රීය වසර1943–වර්තමානය තෙක්
කලත්‍රයා(යන්)ගන්පට්‍රාඕ බෝස්ලේ (1949–1960)(වෙන්විය)
ආර්.ඩී.බර්මන් (1980–1994)(ඔහුගේ මරණය තෙක්)
දරුවන්හෙමන්ත් බෝස්ලේ ; වර්ශා බෝස්ලේ; ආනන්ද් බෝස්ලේ
දෙමව්පියන්(s)දිනනාත් මන්ගේෂ්කාර්(පියා); ශිවන්ති මන්ගේෂ්කාර්(මව)
ඥාතීන්ලතා මන්ගේෂ්කාර් (සහෝදරිය ); මීනා මන්ගේෂ්කාර් (සහෝදරිය ); සරිදයන්ත මන්ගේෂ්කාර් (සහෝදරයා )

ආශා බෝස්ලේ (උපත 1933 සැප්තැම්බර් 8) යනු ඉන්දියානු ගායිකාවක වේ. හින්දි සිනමාවේ පසුබිම් ගායිකාවක ලෙස ඇය ප්‍රකටව සිටී.[1][2] ඇයගේ සංගීත දිවිය ආරම්භ වන්නේ වර්ෂ 1943 සිට වන අතර ඇය වසර 60 කට අධික කාලයක් වර්තමානය දක්වා මෙම ක්ෂේත්‍රයේ රැදී සිටී. ඇය බොලිවුඩ් සිනමා නිර්මාණ දහසකට අධික ප්‍රමාණයකට පසුබිම් ගායනයෙන් දායක වී ඇත. මීට අමතරව බෝස්ලේ පෞද්ගලික ඇල්බම රාශියකටද, ඒක පුද්ගල ප්‍රසංග ගණනාවකටද ඉන්දියාවේදී මෙන්ම පිටරට වලදීද සහභාගී වී ඇත.[3][4] බෝස්ලේ පසුබිම් ගායිකා ලතා මන්ගේෂ්කාර්ගේ සහෝදරියක් වේ.

බෝස්ලේගේ ගීත අතර, චිත්‍රපට ගීත, පොප් ගීත, බජන් ගීත, පාරම්පරික ඉන්දියානු ගීත, ජන ගීත ආදිය වේ. හින්දි භාෂා ගීත වලට අමතරව, වෙනත් ඉන්දියානු භාෂා ගීත සහ විදේශීය භාෂා ගීත 20කට අධික ප්‍රමාණයක්ද ඊට අයත් වෙයි.[5] වර්ෂ 2006දී ඇය පවසන්නේ ඇය ගීත 12,000ක් පමණ ගායනා කළ බවයි.[6] ඇය ගැයූ මෙම ගීත ප්‍රමණය සම්බන්ධව වෙනත් මූලාශ්‍රයන්හීද දැක ගත හැකි වෙයි.[7] 2011හිදී, ලෝක ගිනස් වාර්තා පොතට අනුව ඉතිහාසයේ වැඩිම ගීත ගායනා කල පුද්ගලයා බවට ඇය නිළ වශයෙන් නම් කරන ලදී.[8] ඉන්දියානු රජය ඇයට වර්ෂ 2000දී දඩසාහෙබ් පහල්කේ සම්මානයද, වර්ෂ 2008දී පද්ම විභූශණ සම්මානයද පුදන ලදී.[9]

මුල් කාලය සහ වෘත්තීය ජීවිතය[සංස්කරණය]

ආශා බෝස්ලේ උපත ලැබුවේ සන්ග්ලිහි සංගීතමය පවුලක දිනනාත් මන්ගේෂ්කාර් දාව වන අතර ඔවුන් මරාති-භාෂාව කතාකරන ගෝමන්තක් මරාතා සමාජයට අයත්විය. ඇගේ පියා රංග නළුවකු හා සම්භාව්‍ය ගායකයකු විය. ඇය වයස අවුරුදු නවයක් වූ විට, ඇගේ පියා මිය ගියේය.

ඇයගේ පවුලේ අය පූනේ සිට කොල්හපූර් වෙත ගිය අතර පසුව ඔවුන් මුම්බායි වෙත ගියහ. ඔවුන්ගේ පවුලේ අයට සහයෝගය පිණිස ඇය සහ ඇගේ වැඩිමහල් සොහොයුරියවූ ලතා මන්ගේෂ්කාර් ගීත ගැයීමට සහ චිත්‍රපට රංගනයට දායක විය. ඇයගේ පලමු චිත්‍රපට ගීතය වූයේ "චල චල නව් බලා", එය මරාති චිත්‍රපටයක්වූ මජ්හා බල් (1943)විය. චිත්‍රපටය සඳහා සංගීතය දත්තා දව්ජේකර් විසින් රචනා කරන ලදී. ඇයගේ හින්දි සිනමා මුල්ම ගීතය වන්නේ සාවන් ආයා හන්ස් රාජ් බෙහෙල්ස් චුරන්යා චිත්‍රපටයයි (1948).[10] ඇගේ පළමු ඒකල හින්දි චිත්‍රපට ගීතය වූයේ රාට්කි රාණී (1949)ය. වයස අවුරුදු 16 දී, ඇය ඇගේ පවුලේ කැමැත්තට එරෙහිව 31ක් හැවිරිදි ගන්පට්‍රාඕ බෝස්ලේ සමඟ විවාහ විය.

වෘත්තීය[සංස්කරණය]

ආශා බෝස්ලේ - 2008හිදී

1960 මුල දී, ගීතා දත්, ශම්ශඩ් බෙගුම්, සහ ලතා මන්ගේෂ්කාර් වැනි ප්‍රමූඛ ගායකයන් ස්ත්‍රී පෙරමුණ චිත්‍රපට ගායනය සඳහා ගායනා ආධිපත්‍යයක් විය. ඇය විසින් ගායනා කල සජ්ජාඩ් හුසෙන් විසින් සන්ග්ඩිල් චිත්‍රපටය සඳහා රචනා කරන ලද ගීතය ප්‍රේක්ෂකයන් අතර පිළිගැනීමට ලක්විය.

සම්මාන[සංස්කරණය]

ෆිල්ම් ෆෙයාර් සම්මාන[සංස්කරණය]

18 වතාවක් ඇයගේ නම ෆිල්ම් ෆෙයාර් හොඳම කාන්තා පසුබිම් ගායිකාවක ලෙස යෝජනා වී ඇති අතර 7ත් වතාවාක් ඇය ෆිල්ම් ෆෙයාර් හොඳම පසුබිම් කාන්තා ගායිකාවක ලෙස සම්මාන හිමි කරගෙන ඇත.

ෆිල්ම් ෆෙයාර් හොඳම කාන්තා පසුබිම් ගායිකා සම්මානය

  • 1968: "ගරිබින් කි සුනෝ" (ඩස් ලක්, 1966)
  • 1969: "පර්දේ මෙයින් රෙහෙන් දෝ" (ශිකාර්, 1968)
  • 1972: "පියා ටු අබ් ටෝ ආජා" (කැරවැන්, 1972)
  • 1973: "ඩූම් මරෝ ඩූම්" (හරේ රාමා කරේ ක්‍රිශ්නා, 1972)
  • 1974:"හොනෙ ලගී හඉන් රාට්" (නයිනා, 1973)
  • 1975: "චේන් සේ හිම්කෝ කභි" (ප්‍රාන් ජයේ පර් වචාන් නා ජයේ, 1974)
  • 1979: "යෙහේ මෙර දිල්" (දොන්, 1978)

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Gulzar; Nihalani, Govind; Chatterji, Saibal (2003). Encyclopaedia of Hindi Cinema. Popular Prakashan. pp. 532–533. ISBN 81-7991-066-0.
  2. Gangadhar, v. (18 May 2001). "Only the best preferred". The Hindu. 2003-08-23 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-07-22. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  3. "IMDB entry". IMDB. 18 March 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-03-28. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  4. "An evergreen voice". The Hindu. 26 September 2003. 2003-10-02 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-08-12. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  5. The International Who's Who. 2004. Europa Publications. Routledge.
  6. (Jyothi Venkatesh. "Asha Bhosle: Sa Re Ga Ma..." Vashi2Panvel.com. සම්ප්‍රවේශය 2006-05-03. I would like to state humbly that I am the only singer who has sung the maximum number of songs — 12,000. If you sing one song a day, you can humanly sing 365 songs a year and 3650 songs in ten years. In around 60 years of my career I could sing 12,000 songs because there were times I had sung even four songs a day.
  7. Raju Bharatan (2006-08-23). "How fair were they to Mohammed Rafi?: Page 7". Rediff.com. 30 May 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-04-28. Asha Bhosle, in fact, occupies pride of place --- she is all set to complete 13,000 songs. And that must rate as the highest in Indian cinema – Guinness or no Guinness. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  8. Baksi, Dibyojyoti (22 ඔක්තෝබර් 2011). "I am honoured after receiving this award: Asha Bhosle". Hindustan Times. 22 October 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-10-23. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  9. "Sunita Williams, Baichung Bhutia among Padma awardees". The Hindu. 2008-01-26. 29 January 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 January 2008. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  10. "Asha, 70 years, 70 landmarks". 2003-09-08. 8 November 2006 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2006-11-11. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
"https://si.wikipedia.org/w/index.php?title=ආශා_බෝස්ලේ&oldid=591373" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි