ආලෝක විදුලි පහන්

විකිපීඩියා වෙතින්
ආලෝක විදුලි පහන්
පාපන්දු පිටියක් ආලෝක විදුලි පහන් මඟින් ආලෝකමත් වී.

ආලෝක විදුලි පහන් යනු ඉතා පුළුල්,ඉහළ තීව්රතාවයකින් යුත් කෘතිම ආලෝක සැපයිමක් ලෙස සැලකිය හැක. බොහෝ විට මේවා යොදා ගැනෙන්නේ අඩු ආලෝක තත්ත්වයන් යටතේ පැවැත්වෙන ක්‍රීඩා තරඟ ආලෝකමත් කිරීමටය. වැඩි නාභිගත කරන ලද පහන් වේදිකා ආලෝක මෙවලමක් ලෙස බොහෝ සෙයින්  ප්රසංග හා වේදිකා නාට්ය වැනි සජීවී සංදර්ශන තුළ භාවිතා වේ. 

රාත්‍රී කාලයේ ක්‍රීඩා තරඟ පැවැත්වීමට හා බොහෝ වෘත්තීය ක්රීඩා වල යෙදීම සඳහා ක්‍රීඩා පිටි ආලෝක විදුලි පහන් ක්‍රීඩා පිටිවල පැවතීම අනිවාර්‍ය කරුණක් ලෙස සලකනු ලබයි. දිවා කාලයේ කාර්‍ය බහුල ක්‍රීඩා ලෝලීන් හට සන්ධ්‍යා කාලය සහ රාත්‍රී කාලය ක්‍රීඩා සඳහා බෙහෙවින් යෝග්‍ය ලෙස සැලෙකේ. මෙහි ප්‍රධාන අභිප්‍රේරකය ලෙස සැලකෙන්නේ රූපවාහිනි අලෙවිකරණයයි. ස්ථාවර ආලෝක පහන් සවිකර නොමැති ක්‍රීඩා පිටි කෘතිම ආලෝකය අවශ්‍ය අවස්ථාවන් වලදී තාවකාලික ජංගම හා අතේ ගෙන යා හැකි ආලෝක පහන් භාවිත කරනු ලබයි. බොහෝ විශාල ආලෝක පහන්  (පහළ පින්තූරය බලන්න) බල්බ ප්‍රතිස්ථාපනය කිරීමට  සහ නඩත්තු කිරීම සඳහා දොඹකර හාවිත කරයි. මේ සඳහා සාමාන්‍යයෙන් විශේෂඥ දැනුම ලත් ඉංජිනේරුවයෙකු හෝ දෙදෙනෙකු අවශ්‍ය වේ.

විවිධ මාදිලි [සංස්කරණය]

බොහෝ සෙයින් සුලභ ආලෝක පහන් මාදිලියක් වන්නේ ඉතා ඉහල දීප්තතාවකින් යුත් සුදු ආලෝකයක් සහිත metal-halide  (සාමාන්‍යයෙන් 75-100 ලුමන් /වොට්)ලාම්පුවයි. සෝඩියම් වාෂ්ප ලාම්පු ( Sodium-vapor lamps) ඉතා වැඩි  ලූමන්/වොට් අනුපාතයක් (සාමාන්‍යයෙන් 80–140 ලුමන් /වොට්) සහිත බැවින් හා  ඉහල පිරිවැය එලදායිතාවකින් යුක්ත නිසා සහ අවශ්‍ය පරිදි lux අගයන් පැවතීම නිසා වැඩි වශයෙන් ක්‍රිඩා තරග ආලෝකමත් කිරීමට යොදාගනු ලබයි.[1]

 LED තාක්ෂණයත් සමග වර්තමානයේ ආලෝක පහන් ක්ෂේත්‍රයේ ඉතාමත් දියුණු අවදියකට පැමිණ ඇත. මේ වන විට LED ආලෝක පහන් ක්‍රීඩාංගණය ආලෝකකරණය සඳහා යොදාගනු ලබයි.[2] ඒ සඳහා හේතු වී ඇත්තේ LED පහන් වල ඇති වැඩි විදුලි කාර්යක්ෂමතාව හෙවත් විදුලි පිරිමැස්ම සහ වැඩි ආයු කාලයයි.

2014 මාර්තු 24 දින ලොව පළමුවතාවට එක්සත් රාජධානියේ Taunton Vale Sports Club  ක්‍රීඩාංගණය LED ආලෝකයෙන් ආලෝකමත් විය. [3]

පෝලෝ [සංස්කරණය]

ලොව පළමු වරට පෝලෝ ක්‍රීඩාව polo කෘතිම ආලෝක පහන් යොදා ගනිමින් 1878 ජූලි 18  දින එංගලන්තයේ, ලන්ඩනයේ, ෆුල්හැම් පෙදෙසේ දී  රෙනෙලා සංවිධානය (Ranelagh Club)හලිංග්හැම් සංවිධානයට (the Hurlingham Club) එරෙහිව පවත්වන ලදී. .[4]

ක්‍රිකට් ක්‍රීඩාව[සංස්කරණය]

නොටින්ග්හැම් Trent Bridge ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇති ආලෝක පහන් 

ලොව ප්‍රථම වතාවට 1952 අගෝස්තු 11 දින එංගලන්තයේ දී පවත්වන ලදී[5] එය විශාල ක්‍රීඩා ලෝලීන් පිරිසක් රූපවාහිනි ඔස්සේ නරඹන ලදී. ඉන් පසුව ලොවපුරා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාකරන රටවල ඇති ක්‍රීඩාංගණ වලද ආලෝක පහන් සවිකිරීමට පියවර ගන්නා ලදී.ක්‍රිකට් ක්‍රීඩාවේ යොදාගන්නා ආලෝක පහන් ඉතා උස් වූ සිරස් පොල්ලක ආලෝක පහන් සවිකරනු ලබන්නේ, පිතිකරුවා විසින් පන්දුවර පහර දෙන විට ඉහළ අහසට නගින පන්දුව, පන්දු රකින පිලේ සාමාජිකයන්ට හොඳින් දර්ශනයවීම සඳහායි. කෙසේවෙතත්, බොහෝ ක්‍රීඩාංගණවල විවිධාකාර වූ aආලෝකපහන් භාවිතා කරනු ලබයි. ඩුබායි හී DSC Cricket Stadium ක්‍රීඩාංගණය මෑතදී ලොව දැනට පවතින නවීනතම වළලු ආකාර වූ (Ring of Fire) [6] විදුලි පහන් ස්ථාපනය කරන ලදී .[citation needed]

පාපන්දු තරඟ[සංස්කරණය]

පාපන්දු පිටියක භාවිත කරන ලද ආලෝක පහන් 
එංගලන්තයේ, ලීඩ්ස් හී  Headingley Stadium රග්බි ක්‍රීඩාංගණයේ ඇති ආලෝක පහන්. මෙය එංගලන්තයේ සහ ස්කොට්ලන්තයේ බෝහෝ රගර් සහ පාපන්දු ක්‍රීඩාංගණ වල දක්නට ඇත. 

ලොව ප්‍රථම කෘතිමාලෝකයෙන් ආලෝකමත් වූ ක්‍රීඩාංගණය වන්නේ  Bramall Lane ක්‍රීඩාංගණයයි. ඉතා අදුරු වූ ශීත ඍතුවේ දී පැවැත් වූ ක්‍රීඩා තරගයක් සදහා යොදා ගන්නා ලදී. ඒ සඳහා කලින් ආරෝපනය කරන ලද බැටරි යොදා ගන්නා ලදී. 

1949 සැප්තැම්බරයේ දී පළමු වතාවට එංගලන්තයේ දකුණු ලිවර්පූල් හී  FC's Holly Park ක්‍රීඩාංගණය ස්ථාවර විදුලි ආලෝක පහන් ආධාරයෙන් පැවැත්විනි. [7] 1950 වසරේදී, Southampton FC's ක්‍රීඩාංගණය එකල එංගලන්තයේ පැවැති ආලෝක පහන් සවිකල එකම ක්‍රීඩාංගණය විය. පළමු ජාත්‍යන්තර ක්‍රීඩා තරගය 1955 නොවැම්බර් 30 දින එංගලන්තයේ වෙම්බ්ලි හිදී එංගලන්තය සහ ස්පාඤ්ඤ අතර පවත්වන ලදී. එම තරගය එංගලන්තය 4-1ක් ලෙස ජයග්‍රහණය කරන ලදී. 1956 පෙබරවාරි 22 දින කෘතිමාලෝක භාවිත කරන ලද පාපන්දු ලීග (Football League) තරගාවලියික් පොර්ට්ස්මවුත් හී ෆ්රටූන් පාර්ක් (Fratton Park) හිදී  පොර්ට්ස්මවුත් හා නිව් කාර්ස්ට්ල් යුනයිටඩ් (Newcastle United) කණ්ඩායම් අතර පවත්වන ලදී.[8]

පසුකාලීනව බොහෝ ක්‍රීඩාංගණ තම පැරණි ආලෝක පහන් ඉවත් කර නව පහන් සවිකර ගන්නා ලදී. මීට පෙර එය කිරීමට නොහැකි වුනේ පාපන්දු ක්‍රීඩාංගණ වල වහලය ඉතා පහතින් පැවතීම හේතුකොට ගෙනය. 1990 දී මෙය මුලින්ම ක්‍රියාවට නංවන ලද්දේ Elland Road, Old Trafford සහ Anfield යන ක්‍රීඩාංගණය වේ. 

රගර් තරඟ[සංස්කරණය]

ප්‍රථම කෘතිමාලෝකය යටතේ පවත්වන ලද රග්බි ලීගය වන්නේ 1932 දෙසැම්බර් 14 දින එංගලන්තයේ වයිට් සිටි ක්‍රීඩාංගණයේදී,  White City Stadium වීග්න් සහ ලීඩ්ස් කණ්ඩායම් අතර පැවති ප්‍රදර්ශනාත්මක තරගයයි.[9]  එම තරගය ලීඩ්ස් කණ්ඩායම 18-9 ක් ලෙස ක්‍රීඩා ලෝලීන් 10,000 කට අධික සංඛ්‍යාවක් ඉදිරියේ ජයග්‍රහණය කරන ලදී. එය අති සාර්ථක වූ හෙයින් වයිට් සිටි ක්‍රීඩාංගණය විසින් වියන් හයිෆීල්ඩ් ක්‍රීඩා සංවිධානය මිලදී ගෙන බදාදා දිනවල රාත්‍රී කාලයේ කෘතිමාලෝක භාවිත කර රග්බි ලීග ක්‍රීඩා සඳහාම යොදවන ලදී. 

1951 ඔක්තෝබර් 31 දින බ්ර්රැඩ්ෆෝර්ඩ් හී ඔඩ්සල් ක්‍රීඩාංගණයේදී (Odsal Stadium, Bradford ) ලොව ප්‍රථම ආලෝක පහන් යොදා ගනිමින් පැවති රග්බි තරගය උතුරු බ්ර්රැඩ්ෆෝර් සහ නවසීලන්ත කණ්ඩායම් අතර ක්‍රීlඩා ලෝලීන් 29,072 ඉදිරිපිට පවත්වන ලදී. [10]

වෘතීය සුපර් ලීග (Super League ) රගර් තරගයක් පැවැත්වීමට නම් එම ක්‍රීඩා සමාජය සතුව ආලෝක පහන් සවිකරන ලද ක්‍රීඩා පිටියක් පැවතිය යුතුය.

ආධුනික භාවිත [සංස්කරණය]

බොහෝ නවමු හා අධුනික ක්‍රීඩා සමාජ සතුව අඩු පහසුකම් සහිත ආලෝක පහන් ඇති අතර ඒවා තරග සඳහා පුහුණුවීම් කටයුතුවල යොදා ගත හැක. එම පහන් කිසිසේත්ම තරග සඳහා ප්‍රමාණවත් නොවන බව දක්වයි. ඒවා ක්‍රීඩාංගණයේදී එක් කොටසක් පමණක් ආලෝකමත් කිරීමට ප්‍රමාණවත් වේ.[citation needed]

වෙනත් භාවිතයන්[සංස්කරණය]

රේසින්  racing, බේස් බෝල් baseball, සහ ටෙනිස් tennis වැනි ක්‍රීඩා සඳහාත් ආලෝක පහන් යොදාගනු ලබයි.

සඳහන් කිරීම/ පරිශීලනය (ඉංග්‍රීසි ලිපියෙන් )[සංස්කරණය]

  1. "edisontechcenter.org/SodiumLamps". http://www.edisontechcenter.org/SodiumLamps.html#hps. {{cite web}}: External link in |website= (help)
  2. "Flood light types", www.ledsolarfloodlights.com
  3. http://www.sportengland.org/media/694946/taunton-taunton-vale-sports-club.pdf
  4. Inglis, Simon (2014). Played in London. Swindon: English Heritage. p. 22. ISBN 978-1-84802-057-3.
  5. First D/N Cricket match by Cricinfo
  6. "Dubai Sports City". Dubaisportscity.ae. 19 August 2008. සම්ප්‍රවේශය 2009-10-22.
  7. wikipedia.org/wiki/South_Liverpool_F.
  8. "The History Of The Football League". The Football League. 2007-02-11 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-02-22. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  9. "The History Of Rugby League". Rugby League Information. napit.co.uk. සම්ප්‍රවේශය 2 January 2014.
  10. "Timeline of events at Odsal stadium" (PDF). Past Times the social history of Odsal stadium project. Bradford Bulls Foundation. සම්ප්‍රවේශය 6 September 2011.
"https://si.wikipedia.org/w/index.php?title=ආලෝක_විදුලි_පහන්&oldid=363285" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි