Jump to content

ආයුබ් ඛාන් (නළුවා)

විකිපීඩියා වෙතින්
ආයුබ් ඛාන්
ආයුබ් ඛාන් 2012 කල්ර්ස් ඉන්දියානු ටෙල්ලි සම්මාන උළෙලේ දී
උපත23 පෙබරවාරි 1969 (1969-02-23) (වයස 57)
සක්‍රීය වසර1992–වර්තමානය
සංගණ්‍ය වන්නේඋත්තරන්හි ජෝගි ඨාකූර්
වල්ලභනිහාරිකා ඛාන්
දරුවන්තහූරා/ සෝහ්රා
මව්පියන්(s)නසීර් ඛාන්
බෙගම් පාරා
ඥාතීන්දිලීප් කුමාර් (මාමා)
සයිරා බානු (නැන්දණිය)

ආයුබ් ඛාන් (උපත 1969 පෙබරවාරි 23) යනු ඉන්දියානු චිත්‍රපට සහ රූපවාහිනී නළුවෙකි. ඔහු වඩාත්ම ප්‍රකට වූයේ උත්තරන් (2008–2015) රූපවාහිනී කතාමාලාව හේතුවෙනි. ඔහු නළු නසීර් ඛාන් සහ බෙගම් පාරාගේ පුත්‍රයා වේ.[1] ඔහුගේ පියා නළු දිලීප් කුමාර්ගේ සොහොයුරා විය. ඔහුගේ මව අම්රිතා සිංගේ මෑණියන් වූ රුක්ෂානා සුල්තානාගේ මාතෘ පාර්ශ්වීය නැන්දණිය ද වේ.

1992 සිට ඔහු චිත්‍රපට 20කට අධික සංඛ්‍යාවකට සහ රූපවාහිනී කතාමාලා ගණනාවකට සිය දායකත්වය ලබා දී ඇත.

පෞද්ගලික දිවිය

[සංස්කරණය]

හින්ද්කෝ කථා කරන අවාන් ගෝත්‍රයක උපන් මොහු, 1950 දශකයේ හිටපු නිළි බෙගම් පාරා සහ නළු නසීර් ඛාන්ගේ පුත්‍රයායි. ඔහුගේ මවගේ සොයුරිය වූ සරීනා යනු නිළි අම්රිතා සිංගේ මෑණියන් වන රුක්ෂානා සුල්තානාගේ මවයි.[2]

ආයුබ් රොක් ඔන්!! (2008) සහ ද ඩර්ටි පික්චර් (2011) වැනි චිත්‍රපට නිසා ප්‍රකට වූ නිහාරිකා භාසින් සමග විවාහ විය. ඔවුන් මුණගැසී තිබුණේ කොලිජීයේදී ය. නිහාරිකා සිය අධ්‍යාපනය සඳහා එක්සත් ජනපදය කරා යාමත් සමග ඔවුහු වෙනත් පුද්ගලයන් සමග විවාහ වූහ. වසර 11කට පසු දික්කසාද වූ ඔවුහු එකිනෙකා සමග විවාහ වූහ.[3][4]

චිත්‍රපට

[සංස්කරණය]

රූපවාහිනී කතාමාලා

[සංස්කරණය]

සම්මාන

[සංස්කරණය]
වර්ෂයසම්මාන උළෙලප්‍රවර්ගයවැඩසටහන
2010සී ස්වර්ණ සම්මානහොඳම සහාය නළුවා විචාරකඋත්තරන්
අප්සරා සම්මානමාලා නාට්‍යයක හොඳම නළුවා
ඉන්දියානු ටෙල්ලි සම්මානහොඳම සහාය නළුවා ජනප්‍රිය
ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මානහොඳම සහාය නළුවා
2011අප්සරා සම්මානහොඳම රංගන වෘන්දය
සී ස්වර්ණ සම්මානහොඳම සහාය නළුවා ජනප්‍රිය

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ↑
  2. ↑ http://www.khalidhasan.net/2009/01/02/begum-para-the-last-glamour-girl/
  3. ↑ Destiny's couple: Niharika & Ayub Khan, http://www.shaaditimes.com/celebrities/wedding-stories/ayub-niharika-060725, ප්‍රතිෂ්ඨාපනය 2017-09-01
  4. ↑ "Ayub has always been my first love: wife Niharika Khan". DNA (newspaper). 15 March 2010.
  5. ↑ "Saab ji - Doordarshan National on Twitter". සම්ප්‍රවේශය 2016-07-31.
  6. ↑ "सिद्धार्थ नागर की सार्थक चित्रम की 'साबजी' दूरदर्शन पर प्रसारण" (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2016-06-19. සම්ප්‍රවේශය 2016-07-31.

බාහිර සබැඳි

[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=ආයුබ්_ඛාන්_(නළුවා)&oldid=659246" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි