අවකාශ තලය පිළිබඳ ඉංජිනේරු විද්‍යාව
අවකාශතලය පිළිබඳ ඉංජිනේරු විද්‍යාව යනු, ගුවන් යානා හා අභ්‍යාවකාශ යානා පසුපස ඇති මෝස්තරය, නිපදවීම හා විද්‍යාව පිළිබඳ වූ ඉංජිනේරු විද්‍යාවේ අංශකි. අවකාශතලය පිළිබඳ ඉංජිනේරු විද්‍යාව ප්‍රධාන කොටස් 2කට බෙදී ඇත. ගගනගාමී ඉංජිනේරු විද්‍යාව හා අජටාකාශගාමී ඉංජිනේරු විද්‍යාව එම කෙටස් 2යි. ගුවන්යානා සමඟ පෙර පැවති කටයුතු පෘථිවි වායුගෝලය තුළට සීමා වු අතර පසු කාලීනව ගුවන්යානා සමඟ පැවති කටයුතු පෘථිවි වායුගෝලයෙන් පිටත දී ක්‍රියා කරන සුළු ඒවා විය. “ගගනගාමී”යන්න නියම පදය වන අතරතුර දී වඩාත් පුළුල් “අවකාශතලය” භාවිතයේ දී එය අභිබවා ඇත. එසේ වී ඇත්තේ, ගුවන් ගමන් තාක්ෂණය බාහිර වායුගෝලයේ දී (පෘථිවි වායුගෝලයෙන් පිටත) ක්‍රියාත්මක වන ගුවන් යානා අන්තර්ගත වීමට තරම් ඉදිරියට පැමිණ ඇති නිසාවෙනි
අවකාශ තලය පිළිබඳ ඉංජිනේරු විද්‍යාව නිතරම, සාමාන්‍යයෙන් රොකට් විද්‍යාව ලෙස ද හැඳින්වේ. F-15 ඊගල් හා F-16 ෆැල්කන් යානා සඳහා ප්‍රැට් සහ විට්නි F100 ජෙට් එන්ජින්, ඇමරිකා එක්සත් ජනපදයේ, ජෝර්ජියාවේ, රොබින්ස් ගුවන් හමුදා මූල ස්ථානයේ දී පරීක්ෂා කර බලන ලදී. එන්ජිම පිටුපස ඇති පැදවුම් දණ්ඩ සහිත නලය හඬ අවුරන අතර එන්ජිමෙන් පිටවන දුමාරයට පිටවීමට ඉඩ ලබා දේ.
සාරාංශය[සංස්කරණය]
නූතන ගුවන් යානා, වායුගෝලීය පීඩනයේ හා උෂ්ණත්වයේ වෙනස්වීම් හෝ වාහන කොටස් මත යෙදෙන දරුණු ව්‍යුහමය භාරය වැනි දරුණු තත්වයන්ට යටත් වේ. ඒ නිසාවෙන් ඒවා සාමාන්‍යයෙන් , වායු ගතිකය, ගුවන් නැව් හැසුරුමේ දී භාවිත ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, ද්‍රව්‍ය විද්‍යාව හා ප්‍රචාලනය අන්තර්ගත විවිධ තාක්ෂණයන් සමූහයකගේ නිමැවුමකි. මෙම තාක්ෂණයන් සමූහය එක්ව ගත් කළ අවකාශ තලය පිළිබඳ ඉංජිනේරු විද්‍යාව ලෙස සැලකේ. කේෂ්ත්‍රයේ ඇති සංකීර්නතාවය නිසා අවකාශ තලය පිළිබඳ ඉංජිනේරු විද්‍යාව එකිනෙකට සුවිශේෂී වූ විද්‍යාවේ අංශයන් පිළිබඳ විශේෂඥතාවයක් දක්වන ඉංජිනේරුවන් කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලැබේ. ගුවන් යානයක වර්ධනය හා නිෂ්පාදනය, හැකියාවන්, කාර්ය සාධනය, ලබා ගත හැකි තාක්ෂණය හා වියදම් අතර සැලකිලිමත් සමබරතාවය හා එකඟතාවය මත රඳා පවතී.