පරිගණක ඉංජිනේරු ශිල්පය
Jump to navigation
Jump to search
පරිගණක ඉංජිනේරු ශිල්පය (හෝ පරිගණක පද්ධති ඉංජිනේරු ශිල්පය) විදුලි ඉංජිනේරු ශිල්පයේ හා පරිගණක විද්‍යාවේ විශාල කොටසක් අයත් කර ගනී. පරිගණක ඉංජිනේරුවන් යනු මෘදුකාංග නිර්මාණය හා මෘදුකාංග - දෘඪාංග සංගතකරණය පිළිබඳ විශේෂඥතාවය ලැබූ විදුලි ඉංජිනේරුවන්ය. ඔවුන් ජව ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා භෞතික විද්‍යාව කෙරෙහි දක්වන්නේ අඩු අවධානයකි. පරිගණක ඉංජිනේරුවන් සේවයේ යෙදී ඇති අංශ ලෙස ASIC නිර්මාණය , FPGA වැඩි දියුණුව , ෆර්ම් වෙයා (firmware) වැඩි දියුණුව , මෘදුකාංග වර්ධනය , දෘඪාංග - (ෆර්ම් වෙයා / මෘදුකාංග) ඒකීයකරණය , පරිපථ සැලසුම් කිරීම හා පද්ධති තත්ව නිර්මාණය හා සංගතකරණය දැක්විය හැක.