අයිසීසී ටෙස්ට් ශූරතාවය
අයිසීසී ටෙස්ට් ශූරතාවය | |
---|---|
![]() අයිසීසී ටෙස්ට් ශූරතාවය ලාංඡනය | |
පරිපාලක | ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය |
ආකෘතිය | ටෙස්ට් ක්‍රිකට් |
පළමු තරගාවලිය | 2003 |
අවසාන තරගාවලිය | ඉදිරියට යන |
තරගාවලි ආකෘතිය | කාල්පනික (ඉදිරියට ගෙන යන ලකුණු ක්‍රීඩා කෙරෙන සියළු තරග වෙතින් සමුච්චිතය) |
කණ්ඩායම් ගණන | 10 |
වත්මන් ශූරයා | ![]() |
වඩාත් ජයග්‍රාහී | ![]() |
අයිසීසී ටෙස්ට් ශූරතාවය යනු, ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙතින් පවත්වනු ලබන, ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන කණ්ඩායම් 10 ක් සඳහා වන තරගාවලියකි. තරගාවලිය හුදු කාල්පනික වන්නේ, සියරට හෝ පිටරට හෝ තත්ත්වය සැලකිල්ලට නොගෙන, විධිමත් ටෙස්ට් ක්‍රිකට් තරග න්‍යායපත්‍රයෙහි කොටසක් ලෙසින් ක්‍රීඩා කෙරෙන සියළු ජාත්‍යන්තර තරග මත උඩතුරා ඇති සරල ශ්‍රේණිගතකිරීම් පරිපාටියක් වන බැවිනි. හරය වශයෙන් ගත් කල, එක් එක් ටෙස්ට් තරගාවලියට පසුව, සම්බන්ධිත කණ්ඩායම් දෙකට ලකුණු පිරිනැමෙනුයේ ගණිතමය සූත්‍රයක් අනුවය. එක් එක් කණ්ඩායමෙහි ලකුණු, සමස්ත තරග ගණනින් බෙදෙනුයේ 'ශ්‍රේණිගතයක්' ලබා දීමට වන අතර, ටෙස්ට්-ක්‍රීඩා කරන කණ්ඩායම් ශ්‍රේණිගතයෙහි පිළිවෙලට අනුස්ථිතියක දක්වනු ලැබේ. (මෙය වගුවක පිළිවෙලට දැක්විය හැක).
ටෙස්ට් තරගයක් හෝ තරගාවලියක් හෝ ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු සැමවිටම කණ්ඩායමෙහි ශ්‍රේණිගතයට වඩා වැඩි වන බැවින් ශ්‍රේණිගතය ඉහළ නංවන අතර, ටෙස්ට් තරගයක් හෝ තරගාවලියක් හෝ පරාජයවීම සඳහා ලකුණු සැමවිටම ශ්‍රේණිගතයට වඩා අඩු වෙමින් ශ්‍රේණිගතය පහළ දමයි. ඉහළ සහ පහළ ශ්‍රේණිගත කණ්ඩායම් දෙකක් අතර ජය පරාජයෙන් තොරව නිමවූ තරගයක් විසින් පහළ-ශ්‍රේණිගත කණ්ඩායමට වාසි ගෙන දෙන්නේ ඉහළ-ශ්‍රේණිගත කණ්ඩායමට අවාසි ලබා දෙමිනි. ප්‍රබල හා දුබල කණ්ඩායම් මිශ්‍රණයක් හා සමග ක්‍රිඩා කරමින් ජයග්‍රහණය කරන ලෙසින්ම පරාජය ලබන 'සාමාන්‍යය' කණ්ඩායමක් සඳහා ශ්‍රේණිගතය 100 ක් විය යුතුය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ජයස්මාරකයක්, එනම් අයිසීසී ටෙස්ට් ශූරතා චේත්‍රය, ඉහළතම ශ්‍රේණිගතය රඳවාගෙන සිටින කණ්ඩායම වෙත පිරිනමයි. නව කණ්ඩායමක් ශ්‍රේණිගත ලැයිස්තුවෙහි ඉහළට පැමිණෙන සෑම අවස්ථාවකදීම, චේත්‍රය සමර්පණය කෙරෙයි.[1]
2014 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැති තරග දෙකකින් සමන්විත තරගාවලියකදී, ශ්‍රී ලංකාව 1-0 ලෙසින් පරාජය කිරීම නිසා වර්තමානයේදී අයිසීසී ටෙස්ට් ශූරතාවයෙහි ඉහළතම-ශ්‍රේණිගතයෙහි පසුවන කණ්ඩායම වන්නේ දකුණු අප්‍රිකාව වෙයි. [2]
වර්තමාන ශ්‍රේණිගතයෝ
[සංස්කරණය]අයිසීසී ටෙස්ට් ශූරතාවය | |||||
---|---|---|---|---|---|
අනුස්ථිතිය | වෙනස | කණ්ඩායම | තරග | ලකුණු | ශ්‍රේණිගතය |
1 | ▬ | ![]() |
27 | 3353 | 124 |
2 | ▬ | ![]() |
32 | 3950 | 123 |
3 | ▲ | ![]() |
39 | 4063 | 104 |
4 | ▲ | ![]() |
31 | 3126 | 101 |
5 | ▼ | ![]() |
29 | 2793 | 96 |
6 | ▼ | ![]() |
23 | 2199 | 96 |
7 | ▬ | ![]() |
30 | 2787 | 93 |
8 | ▬ | ![]() |
26 | 1962 | 75 |
9 | ▬ | ![]() |
9 | 352 | 39 |
10 | ▬ | ![]() |
17 | 320 | 19 |
මූලාශ්‍රය: අයිසීසී රෑන්කිංස්, 16 සැප්තැම්බර් 2014 |
ඓතිහාසික ශ්‍රේණිගතයෝ
[සංස්කරණය]
2003 ජූනි දක්වා වන පරිදී, සෑම මාසයක අගදී, අයිසීසී විසින් ශ්‍රේණිගතයන් ප්‍රකාශ කර දක්වයි. එම දිනයේ පටන්, සම්පූර්ණ මාසයක කාල පරිච්ඡේද වලට බල පැවැත්වෙන පරිදී, වැඩිමතම ශ්‍රේණිගතය අනුයාත පරිදී දැරූ කණ්ඩායම් වන්නේ:
කණ්ඩායම | ඇරඹුම | අවසානය | සම්පූර්ණ මාස ගණන | සමුච්චිත මාස ගණන | වැඩිමතම ශ්‍රේණිගතය |
---|---|---|---|---|---|
![]() |
ජූනි 2003 | අගෝස්තු 2009 | 74 | 74 | 143 |
![]() |
අගෝස්තු 2009 | නොවැම්බර් 2009 | 3 | 3 | 122 |
![]() |
නොවැම්බර් 2009 | අගෝස්තු 2011 | 21 | 21 | 130 |
![]() |
අගෝස්තු 2011 | අගෝස්තු 2012 | 12 | 12 | 125 |
![]() |
අගෝස්තු 2012 | මැයි 2014 | 21 | 24 | 135 |
![]() |
මැයි 2014 | ජූලි 2014 | 2 | 76 | 123 |
![]() |
ජූලි 2014 | වර්තමානය | 124 | ||
මූලාශ්‍රය: අයිසීසී රෑන්කිංස් සංරක්ෂණය කළ පිටපත 2013-01-20 at the Wayback Machine |
2003 වසරෙහිදී අයිසීසී විසින් නිල වශයෙන් ශ්‍රේණිගතය සිදුකිරීම ඇරඹීමෙන් පසුව , ඕස්ට්‍රේලියාව විසින් එහි ප්‍රමුඛත්වය ගත්තේ 1995 පමණ සිට ටෙස්ට් ක්‍රිකට් හී එය ප්‍රමුඛත්වය ගත් ලෙසින්මය. කෙසේවෙතත්, 2009 වසරෙහි සිට, කණ්ඩායම් කිහිපයක් (ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව, පකිස්තානය සහ එංගලන්තය) විසින් ඉහළතම අනුස්ථිතිය සඳහා තරග වැදී ඇත.
අයිසීසී විසින් මෑතකදී එහි වර්තමාන ශ්‍රේණිගත ක්‍රමය, වසර 1952 සිට ප්‍රතිඵල කෙරෙහි බලපවත්වන පරිදී සකස්කලේ 1952 සිට සෑම මාසයක් අවසානයෙහි දැක්වෙන ලෙසට වන අතර එහිදීද ඕස්ට්‍රේලියාව විසින් ඓතිහාසික ලෙසින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙහි ප්‍රමුඛත්වය ගෙන සිටි සැටිය තවදුරටත් පැහැදිලි වන්නේ සැප්තැම්බර් 2001 සිට ජූලි 2009 දක්වා පළමු අනුස්ථිතිය රඳවාගෙන සිටි වැඩිම අනුයාත මාස ගණන (95), පළමු අනුස්ථිය රඳවාගෙන සිටි වැඩිම මාස ගණන (317) සහ ඉහළම ශ්‍රේණිගතය (143) යන්නන්ට උරුම කියමිනි. වගුව ආරම්භ වන්නේ 1952දී සිට පමණක් වන්නේ, එම දිනට පෙර, තරග පැවැත්වීම කලාතුරකින් සිදුවන්නක් වූ බැවින් අවශ්‍ය තරම් දත්ත නොතිබුණු බැවින් සහ පෙර කාලයන්හී කුඩා කණ්ඩායම් සංඛ්‍යාවක් තරග වැදීම නිසාය.
1952 ජනවාරි සිට 2003 මැයි දක්වා කාල සීමාවෙහිදී, සම්පූර්ණ මාසයක කාල පරිච්ඡේදයකට අදාළ වන පරිදී, අනුයාත ලෙසින් වැඩිතම ශ්‍රේණිගතයන් පවත්වාගෙන යන ලද කණ්ඩායම්, පහත වගුව විසින් ලැයිස්තුගත කරයි.:
කණ්ඩායම | ඇරඹීම | අවසානය | මුළු මාස ගණන | |
---|---|---|---|---|
![]() |
ජනවාරි 1952 | මැයි 1955 | 41 | |
![]() |
ජූනි 1955 | පෙබරවාරි 1958 | 33 | |
![]() |
මාර්තු 1958 | ජූලි 1958 | 5 | |
![]() |
අගෝස්තු 1958 | දෙසැම්බර් 1958 | 5 | |
![]() |
ජනවාරි 1959 | දෙසැම්බර් 1963 | 60 | |
![]() |
ජනවාරි 1964 | දෙසැම්බර් 1968 | 60 | |
![]() |
ජනවාරි 1969 | දෙසැම්බර් 1969 | 12 | |
![]() |
ජනවාරි 1970 | ජනවාරි 1973 | 37 | |
![]() |
පෙබරවාරි 1973 | මාර්තු 1973 | 2 | |
![]() |
අප්‍රේල් 1973 | ජූනි 1974 | 15 | |
![]() |
ජූලි 1974 | ජනවාරි 1978 | 43 | |
![]() |
පෙබරවාරි 1978 | ජනවාරි 1979 | 12 | |
![]() |
පෙබරවාරි 1979 | අගෝස්තු 1980 | 19 | |
![]() |
සැප්තැම්බර් 1980 | පෙබරවාරි 1981 | 6 | |
![]() |
මාර්තු 1981 | ජූලි 1988 | 89 | |
![]() |
අගෝස්තු 1988 | සැප්තැම්බර් 1988 | 2 | |
![]() |
ඔක්තොම්බර් 1988 | ජනවාරි 1991 | 28 | |
![]() |
පෙබරවාරි 1991 | අප්‍රේල් 1991 | 3 | |
![]() |
මැයි 1991 | ජූලි 1992 | 15 | |
![]() |
අගෝස්තු 1992 | ජනවාරි 1993 | 6 | |
![]() |
පෙබරවාරි 1993 | අගෝස්තු 1995 | 31 | |
![]() |
සැප්තැම්බර් 1995 | නොවැම්බර් 1995 | 3 | |
![]() |
දෙසැම්බර් 1995 | ජූලි 1999 | 44 | |
![]() |
අගෝස්තු 1999 | දෙසැම්බර් 1999 | 5 | |
![]() |
ජනවාරි 2000 | පෙබරවාරි 2000 | 2 | |
![]() |
මාර්තු 2000 | මාර්තු 2000 | 1 | |
![]() |
අප්‍රේල් 2000 | ජූලි 2001 | 16 | |
![]() |
අගෝස්තු 2001 | අගෝස්තු 2001 | 1 | |
![]() |
සැප්තැම්බර් 2001 | මැයි 2003 | 21 | |
මූලාශ්‍රය: අයිසීසී හිස්ටොරිකල් රෑන්කිංස් සංරක්ෂණය කළ පිටපත 2013-01-20 at the Wayback Machine |
සම්පූර්ණ මාසයක කාල පරිච්ඡේදයකට අදාළ වන පරිදී, 1952 සිට වර්තමානය දක්වා අනුයාත ලෙසින් වැඩිතම ශ්‍රේණිගතයන් පවත්වාගෙන යන ලද කණ්ඩායම් සාරාංශය වන්නේ:
කණ්ඩායම | සම්පූර්ණ මාස ගණන | වැඩිතම ශ්‍රේණිගතය | ||
---|---|---|---|---|
![]() |
317 | 143 | ||
![]() |
235 | 135 | ||
![]() |
106 | 125 | ||
![]() |
45 | 130 | ||
![]() |
43 | 135 | ||
![]() |
2 | 110 | ||
මූලාශ්‍රය: අයිසීසී හිස්ටොරිකල් රෑන්කිංස් සංරක්ෂණය කළ පිටපත 2013-01-20 at the Wayback Machine |
ජයස්මාරකය
[සංස්කරණය]වසර 2001 සිට, අයිසීසී ටෙස්ට් ශූරතාවයෙහි ඉහළින්ම සිටි කණ්ඩායමට අයිසීසී ටෙස්ට් ශූරතා ජයස්මාරකය ප්‍රදානය කෙරිණි. එහි වටිනාකම £30,000 ක් විය. [3]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ cricketnext – ඉංග්ලන්ඩ් ප්‍රසන්ටඩ් විත් ටෙස්ට් මේස් සංරක්ෂණය කළ පිටපත 2011-10-05 at the Wayback Machine. සම්ප්‍රවේශය 22 අගෝස්තු 2011
- ^ ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල්. "සවුත් ඇෆ්රිකා රික්ලේම්ස් නම්බර්-වන් ටෙස්ට් ස්පොට්". ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල්. සම්ප්‍රවේශය 28 ජූලි 2014.
- ^ "වෝ රිසීව්ස් අයිසීසී ටෙස්ට් ට්‍රෝෆි | ක්‍රිකට් නිවුස් | ග්ලෝබල්". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 2014-08-18.