අම්රිතා රාව්
අම්රිතා රාව් | |
---|---|
![]() රාව් 2019 දී | |
උපත | අම්රිතා රාව් |
උගත් ශාස්ත්‍රාලය | සොෆියා කොලීජිය, මුම්බායි |
රැකියාව |
|
සක්‍රීය වසර | 2002–වර්තමානය |
කලත්‍රයා(යන්) | ආර්ජේ අන්මොල් (වි. 2016) |
දරුවන් | 1 (පුත්‍රයා)[2] |
ඥාතීන් | ප්‍රීතිකා රාව් (සහෝදරිය) |
අම්රිතා රාව් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු නිළියක සහ හිටපු නිරූපිකාවකි. ඇය වඩාත්ම ප්‍රසිද්ධ වූයේ හින්දී චිත්‍රපට සඳහා ඇය දැක්වූ දායකත්වය නිසායි. රාව් රංගන වෘත්තියට පිවිසියේ අබ් කේ බරස් (2002) චිත්‍රපටය තුළින් වන අතර, ඒ සඳහා ඇය 2013 හොඳම කාන්තා ප්‍රවිෂ්ටය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානයට නිර්දේශ වූවා ය. අනතුරුව ඇය ඉශ්ක් විශ්ක් (2003), මේ හූ නා (2004), විවාහ් (2006) වැනි ප්‍රේම වෘත්තාන්ත නාට්‍ය චිත්‍රපට මෙන්ම මස්ති (2004) වැනි සාර්ථක ප්‍රහසන සංත්‍රාස චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වූවා හ.[3] ඇය එක් අයිෆා සම්මානයක් සහ ස්ටාර්ඩස්ට් සම්මාන ද්විත්වයක් හිමිකරගෙන තිබේ.
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ "Amrita Rao shares an emotion message on Maharashtra Day". The Times of India. Archived from the original on 30 September 2020. සම්ප්‍රවේශය 25 November 2020.
- ↑ "Amrita Rao, RJ Anmol share first pic of newborn son, reveal his powerful name". Hindustan Times. 6 November 2020. Archived from the original on 6 November 2020. සම්ප්‍රවේශය 6 November 2020.
- ↑ "I don't intend to change the 'Girl-next-door' image: Amrita Rao". Dainik Jagran. Dainik Bhaskar. 22 July 2013. 8 August 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 August 2014.
බාහිර සබැඳි[සංස්කරණය]
- නිල වෙබ් අඩවිය
- අම්රිතා රාව් සඳහා IMDb හි ඇති තොරතුරු
- අම්රිතා රාව් සඳහා බොලිවුඩ් හංගාමා හි ඇති තොරතුරු
සැකිල්ල:IIFA AwardBestFemaleDebut සැකිල්ල:StardustAwardBestActress