අනුලා විද්‍යාලය, නුගේගොඩ

විකිපීඩියා වෙතින්
අනුලා විද්‍යාලය
Location
Map
නුගේගොඩ

තොරතුරු
වර්ගයජාතික පාසල
ආදර්ශ පාඨය"උතතිටෙඨ නපපමජෙජය්‍ය"
(පමා නොවී නැගී සිටින්න)
ආගමික සබැඳියා(ව)බෞද්ධ
ආරම්භ කලේ1941 ජනවාරි 04; වසර 83 කට පෙර (04-01-1941)
ආදිකර්තෘඊ. ඩබ්ලිව්. අදිකාරම්
විදුහල්පතිකේ. ඒ. ජයනි ප්‍රිෂංගිකා
ශ්‍රේණි1-13
බාලක/බාලිකාකාන්තා
වයස් පරාසය6 - 19
සිසුන් ගණන3000+
නිවාස    සංඝමිත්තා
    උප්පලවණ්ණා
    ධම්මදින්නා
    චූලසුමනා
වර්ණ(ය)කළු සහ රන්
         
වෙබ් අඩවිය"නිල වෙබ් අඩවිය".

අනුලා විද්‍යාලය, නුගේගොඩ ශ්‍රී ලංකාවේ බෞද්ධ බාලිකා පාසලක් වන අතර, එය 1941 දී ඊ. ඩබ්ලිව්. අදිකාරම් විසින් ගුරුවරු පස් දෙනෙක් හා ශිෂ්‍යයාවන්  38 දෙනෙක් සහිතව ආරම්භ කරන ලදී.[තහවුරු කර නොමැත] 

දැනට මෙම පාසලේ ශිෂ්‍යාවන් ගණන 3,000 ඉක්මවයි.[තහවුරු කර නොමැත] විදුහල්පති හා කාර්ය මණ්ඩලයේ  මග පෙන්වීමට අනුව මෙහි බෞද්ධ මූලධර්ම මත පදනම් වූ  අවිහිංසාව හා ස්වයං විනය පවත්වා ගෙන යාමට ශිෂ්‍යාවන් පුරුදු පුහුණු කිරීම මෙහි පරම අභිප්‍රායයි. මෙහි ආදිකතෘ තුමාගේ අරමුණ හා පාසලේ දැක්ම වනුයේ  මෙහි ඉගෙනුම ලබන ශිෂ්‍යයාවන්, සෑම අංශයකින්ම " පරිපූර්ණ කාන්තාවන් " බවට හැඩගැස්වීමටය. පුරෝගාමී විදුහල්පතිනියක් වූ ( පී. බී. ප්‍රනාන්දු මහත්මිය) 1941 සිට 1956 දක්වා පාසලට සේවය කළ අතර පාසල සඳහා ඉඩමක් සහ ශිෂ්‍යත්ව ක්‍රමයක් ලබා ගැනීම සඳහා ඇය සිය මුළු වැටුපම පරිත්‍යාග කළාය.

විදුහල්පතිනියන්[සංස්කරණය]


හිටපු විදුහල්පතිනියන්
නම   සිට දක්වා
පී. බී. ප්‍රනාන්දු මහත්මිය 1941 1956
එන්. රත්නපාල මෙනවිය 1956 1970
සී. කේ. අබේරත්න මෙනවිය 1971 1975
ඩී. එස්. මීගොඩ  මහත්මිය 1976 1985
එස්. ලීලානන්ද මහත්මිය 1985 1987
එම්. කේ. වැලිකල  මිය 1987 1988
ඩී. ඩබ්. වින්ඩ්සර් මිය 1989 1991
එන්. පී. ජිනසේන මහත්මිය 1991 2000
වයි. පී. එස්. සී. ජයතිලක මහත්මිය 2000 2007
එස්. එන්. මලවිආරච්චි  මහත්මිය 2007 2010
කල්‍යාණි ගුණසේකර මිය 2010 2013
එන්. කේ. ඒකනායක මහත්මිය 2013 2014
පී. එන්. රාජපක්ෂ මහත්මිය 2014 2017
කේ. ඒ. ජයනි ප්‍රිෂංගිකා මහත්මිය 2017 වත්මන්

SCHOOL SONG[සංස්කරණය]

සමරමු අනුලා විදුහල් මාතා

නමදිමු හදපිරි බැතිනි සදා //

සුචරිත සදවා ගුණ මිණි වඩවා

හෙළ දූ දරුවන් යහමග ගන්වා

දෙස බස රැස බුදු සමය නගා

ශිල්පකලා විද්‍යාලෝකේ .....

සමරමු අනුලා......


ධීර වීර ගුණ නැණ බලධාරී //

වීර විකුම් හෙළ ජීවය පා

ඔද තෙද බලපා  රස ලොව කළඹා

පෙරටම යවූ ඔබ දූ දරුවෝ

සමරමු අනුලා......


සාමකාමි දියුණුව සහජීවේ //

සිරිලක් පොළොවේ මතුකරදී

ජයගොස නංවා කිතුරැස ගන්වා

"සැරදේවා ඔබ බැබළේවා"

සමරමු අනුලා......