අන්වාර් ඊබ්‍රාහීම් අස්වාභාවික ‍මෛථූන නඩු විභාග

විකිපීඩියා වෙතින්

අන්වාර් ඊබ්‍රාහීම් අස්වාභාවික ‍මෛථූන නඩු විභාග යනු මලයාසියාවෙහි සැලකියයුතු තරමක දේශපාලනමය මතභේදයට තුඩු දුන් සිදුවීම් පෙළකි. පළමුවන නඩු විභාගය, 1998 වසරෙහිදී සිදු කෙරුනු අතර, එහි ප්‍රතිඵලය වූයේ හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාවූ අන්වාර් ඊබ්‍රාහීම් වැරැදිකරු බවට තීන්දු කරමින්, වසර නවයක සිර දඬුවමකට ලක්වීමය. මෙම සිර දඬුවම 2004 වසරෙහිදී පසුපෙරලීමෙන් අන්වාර්ගේ සිරෙන් නිදහස් කෙරිණි.

පකතන් රාකියාත් විපක්ෂයෙහි නායකයා ලෙසින් සිටියදී, අන්වාර් වෙත 2008 වසරෙහිදී චෝදනා එල්ලවූයේ පිරිමි සහායකයෙක් හා සමගින් අස්වාභාවික ‍මෛථූනයෙහි යෙදුනු බවටය. ඔහුට එරෙහි නඩුව 2010 සහ 2011 වසර වලදීද 2012 ජනවාරියෙහිදීද කැඳවූ අතර ඔහු නිදොස් කොට නිදහස් කෙරිණි. අභියාචනාධිකරණය විසින් 2014 මාර්තු මාසයෙහිදී නිදොස් කිරීම පසුපෙරලනලදුව, වැරැදිකරු බවට තීරණය කර, වසර පහක සිර දඬුවමක් නියම කෙරිණි. ෆෙඩරල් අධිකරණය වෙත අන්වාර් අභියාචනයක් ඉදිරිපත් කල අතර, වැරැදිකරු බවට තීරණය 2015 පෙබරවාරි මාසයෙහිදී යළි පිළිගත් එය දඬුවම සහතික කළේය. සෙලන්ගෝර්හී සන්ගෙයි බියුලෝ බන්ධනාගාරය තුල අන්වාර් මෙම සිර දඬුවම විඳි අතර 2018 මැයි 16 දිනදී ක්ෂමා දානය ලබා නිදහස් කෙරිණි.

1998 චෝදනාව[සංස්කරණය]

දූෂණ ඩෝදනා[සංස්කරණය]

1998 වසරෙහිදී, 50 දාලිල් කෙනෑප අන්වාර් ටීඩාක් බෝලේ ජාඩී පීඑම් ("අන්වාර් අග්‍රාමාත්‍යවරයා විය නොහැකි හේතු 50 ක් ") නමැති පොතක් යුනයිටඩ් මැලේස් නැෂනල් සංවිධානය (UMNO) මහා මණ්ඩලයෙහි සාමාජිකයන් අතර බෙදා හැරුනේ, අන්වාර්ට එරෙහිව විත්‍රණ චෝදනා සහ දූෂණ චෝදනාද ඇතුළත්වය. [1]

අන්වාර්ගේ නිලයෙන් නෙරපීම[සංස්කරණය]

ඔහු පොලිස් විමර්ශන වලට ලක් වී ඇති බවට වාර්තා අතරතුර, 1998 සැප්තැම්බර් 2 දිනදී අන්වාර් කැබිනට් මණ්ඩලයෙන් නෙරපා හැරිණි. ඉන්පසු දිනයෙහිදී, ඔහු UMNO වෙතින් කෙරපා හරින ලදි. අන්වාර්ගේ කතා රචනා කල මුනාවර් අනීස්, සහ අන්වාර්ගේ හදාගත් සොහොයුරු සුක්මා ධර්මවාන් සස්මිත අත්මජා අත්අඩංගුවට පත් වූයේ සමලිංගික කටයුතු වල යෙදුනු බවට සැක සහිතවය. දින පහකට පසුව, ඔවුනට සය මසක සිර දඬුවම් පැනවූයේ අන්වාර් සමග "අස්වාභාවික ලිංගික කටයුතු" වල යෙදුනු බවට වැරැදි පිළිගත් බැවිනි. ඔවුන් පසුව තම පාපෝච්චාරණ ඉවත්කර ගනිමින්, දඬුවමට විරුද්ධව අභියාචනා ඉදිරිපත් කළේ, වැරැදි පිළිගන්නා ලෙසින් ඔවුනට බල කෙරුනු බව පවසිමිනි. මෙය සනාථ කිරීමට අනීස් විසින් ව්‍යවස්ථාපිත ප්‍රකාශයක් සිදු කෙරිණි.[2] කෙසේවෙතත්, මුනාවර්ගේ අභියාචනය ඉහළ අධිකරණය විසින් නිෂ්ප්‍රභා කෙරුණු අතර 2008 ඔක්තොම්බර් 29 දිනදී ඔහු වැරැදිකරු ලෙස ලැබූ දඬුවම ස්ථීර කෙරිණි. [3] අන්වාර්ගේ ලේකම්වරුන් දෙදෙනෙකු වූ ඊසාම් මොහොමඩ් සහ මොහොමඩ් අස්මීන් අලි යන දෙදෙනා වෙන් වෙන් වශයෙන් අත්අඩංගුවට පත්වූයේ "50 රීසන්ස්" පොත සම්බන්ධ පොලිස් විමර්ශන වල කොටසක් ලෙසිනි. දෙදෙනාම පසුව නිදහස් කෙරිණි.

ඇස් තැල්ම සිද්ධිය[සංස්කරණය]

1998 සැප්තැම්බර් 29 දිනදී, අන්වාර් අධිකරණයෙහි පෙනීසිට දූෂණ ඩෝදනා වලට සහ අස්වාභාවික මෛථූන චෝදනා වලට නිවැරැදි කරු බවට ප්‍රකාශ කර සිටියේය. ඇස් තැල්මක් සහිත (එකල පොලිස්පති රහීම් නූර් විසින් කළ පහර දීමක් නිසා ඇතිවුණු) සහ එක් අතක් එසවුණු අන්වාර්ගේ ඡායාරූපයක් බොහෝ රෙෆෝර්මාසී පෝස්ටර්වල දක්නට ලැබුණු දේශපාලන විපක්ෂයෙහි සංකේතයක් විය.

මහතීර් මෙහොමඩ් සහ රහීම් නූර් විසින් ඇස්තැල්ම පැහැදිලි කලේ "ඔහුගේ ඇස් වෙත වීදුරුවක් තෙරපීමෙන්" "තමන් විසින්ම සිදුකරගත්" දෙයක් ලෙසිනි. රාජකීය කොමිසමක් පත් කිරීමෙන් පසුව පමණක් රහීම් නූර් විසින් තමන් අන්වාර් හට පහර දුන් බව පිළිගත්තේය.[4] [5] 2005 අගෝස්තු මාසයෙහිදී රහීම් විසින් සිද්ධිය පිළිබඳව සමාව අයැද සිටියේය. [6] අත්‍යන්තයෙහිදී රහීම් නූර් හට පහරදීම පිළිබඳ චෝදනාරෝපණය කරනු ලැබ මාස දෙකක සිර දඬුවමක් සහ රින්ගිට් 2,000 (SGD571.40) දඩයක් නියම කරන ලදි. [7]

ඩීඑන්ඒ සාක්ෂි[සංස්කරණය]

නඩු විභාගය අතරතුර, අන්වාර්ගේ ශුක්‍ර ධාතු පැල්ලම් සහිත යැයි දැක්වෙන මෙට්ටයක් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. මෙය අධිකරණයට ඉදිරිපත් කෙරුණේ අන්වාර්ගේ ලිංගික ක්‍රියාවන් වූ බවට ඩීඑන්ඒ සාක්ෂි සැපයීම සඳහාය. මෙම මෙට්ටය හා සමග කිසිම සම්බන්ධයක් තමන්ට නොමැති බවට අන්වාර් ප්‍රකාශ කලද ඩීඑන්ඒ පරික්ෂණ ප්‍රතිඵල ධනාත්මක විය. ඩීඑන්ඒ රසායන ශිල්පීයෙකු වූ ලිම් කොං බූන්, නඩු විභාගය අතරතුර අධිකරණය ඉදිරියෙහි දිවුරා සාක්ෂි සැපයුවේ, මෙට්ටය මතවූ ශුක්‍ර තරල පැල්ලම් 13 අතරින් 10 ක ඩීඑන්ඒ හා අන්වාර්ගේ ඩීඑන්ඒ ගැලපුනු බවයි. [8] [9] විත්ති පාර්ශවය හුවා දැක්වූයේ, පොලීස් අත්අඩංගුවෙහි සිටින අතරතුර පහරකෑමෙන් අන්වාර් සිහිසුන්ව සිටින අතරතුර ඩීඑන්ඒ නියැදි ඔහු වෙතින් ලබාගෙන, අන්වාර් වෙත අසත්‍ය ඩෝදනා සිදුකිරීමට අසත්‍ය අධිකරණ වෙවද්‍ය වාර්තා බිහි කෙරුණු බවයි; කෙසේවෙතත්, ඉහළ අධිකරණයෙහි විනිශ්චයකරු ඔගස්ටීන් පෝල් විසින් ඩීඑන්ඒ සාක්ෂි පිළිගන්නා ලදි. [9][10]

ප්‍රෝක්ත රජයේ මැදිහත් වීම[සංස්කරණය]

නඩු විභාගය අතරතුර, ඔහුගේ නියෝජ්‍යයාගේ අත් අඩංගුව පැහැදිලි කිරීමට, මහතීර් මලයාසියානු රූපවාහිනියෙහි විශේෂිත ලෙසින් පෙනී සිටියේය. නඩු විභාගය එවිටද පැවතියද, අස්වාභාවික මෛථූන ක්‍රියා වලට සහ සමලිංගික ක්‍රියා වලට අන්වාර් වැරදිකරු බවට මහතීර් විසින් පැවසූ විවිධ අවස්ථාවලින් මෙය එකක් පමණක් විය. අන්වාර්ගේ අස්වාභාවික මෛථූනයන්ට ගොදුරු වූවා යැයි දැක්වෙන අයගේ ප්‍රකාශද රජය විසින් දැක්වූයේ එවා දූෂිත සාක්ෂි බව පොදු ජනයා සලකද්දීය. [11] තවදුරටත්, ප්‍රයෝක්ත ගුද ලිංගික ක්‍රියා සිදු වූවා යැයි සැලකෙන දින ගැන පැහැදිලි තීරණයක් ගැනීමට පැමිණිලි පාර්ශවයට නොහැකි වූ අතර, රජය මුලින් පැවසුවේ මෙම අස්වාභාවික මෛථූන ක්‍රියාව සිදු වී ඇත්තේ ප්‍රයෝක්ත සිද්ධිය වන විටදී තනා හෝ නොතිබූ ගොඩනැගිල්ලක් තුලදී බවයි.[උපහරණ ඇවැසිය]

තවදුරටත්, නීතිපතිගේ පැමිණිලි පාර්ශවය ( අබ්දුල් ගානි පටේල් වෙතින් නායකත්වය සැපයුනු) විසින් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු තවද කරුණක් වූයේ මුනාවර් අනීස් බ්‍රිතාන්‍යයෙහි සිට රාත්‍රී ගුවන් ගමනක් ඔස්සේ මලයාසියාවට පැමිණ අන්වාර් විසින් අස්වාභාවික මෛථූනයෙහි යෙදී එයින් පසුව නැවත බ්‍රිතාන්‍ය වෙත යලි පියාසර කල බවය. නඩු විභාගය අතරතුර 20 වතාවකට වැඩි ගණනක් අධිකරණයෙන් පිටත ගෙන ගොස් යළි රැගෙන ආ කුප්‍රකට "පැල්ලම් සහිත මෙට්ටය" අන්වාර් විසින් ඔහුගේ සමලිංගික ක්‍රියාවන් සිදු කල සහ බහිර් විවාහික ලිංගික සම්බන්ධතා ඇති කර ගත් බවට සැලකූ දෙය විය. [12] කෙසේවෙතත්, සාක්ෂි වලට අනුව, මෙට්ටය මත ලිංගික ක්‍රියා සිදුව ඇත්තේ වසර කිහිපයකට පෙරදී වන අතර මුත්, එයින් ලබා ගත් ඩීඑන්ඒ සාක්ෂි පෙන්නුම් කරන්නේ මෑතකදී සිදුවූ බවකි. [13]

දඬුවම් පැමිණවීම[සංස්කරණය]

1999 අප්‍රේල් 14 දිනදී, අන්වාර් වෙත හය වසරක සිර දඬුවමක් නියම වූයේ දූෂණ චෝදනා වෙනුවෙන් වූ අතර, 2000 අගෝස්තු 8 දිනදී, අස්වාභාවික මෛථූන ක්‍රියා වෙනුවෙන් වසර නවයක සිර දඬුවමක් නියම විය. මෙම දඬුවම් දෙකම එක වර ගෙවෙන පරිදී වූ අතර නඩු විභාගය අතරතුර මාස හයක් සිර ගෙදර සිටි කාලය සැලකිල්ලට නොගැණිනි. මීළඟ අවුරුද්දෙහිදී මලයාසියාවෙහි අභියාචනාධිකරණය විසින් දූෂණ ඩෝදනා පිළිබඳව අන්වාර් වෙත ලබාදී තිබූ දඬුවම නිවැරැදි බවට පිළිගත්තේය. 2002 ජූලි මාසයෙහිදී, දූෂණ චෝදනා දඬුවමට එරෙහිව අන්වාර් විසින් ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අවසාන අභියාචනය නිෂ්ප්‍රභා කෙරිණි. 2004 සැප්තැම්බරයෙහිදී ෆෙඩරල් අධිකරණය විසින් අස්වාභාවික මෛථූනය වෙනුවෙන් නියම කර තිබූ සිර දඬුවම පසුපෙරලන ලදි. [14]

ඔහුට විරුද්ධව නඩු විභාගය අතරතුර ඔහුට විරුද්ධ චෝදනා ගොනු කිරීම පසුපස ඇති අභිප‍්‍රාය ලෙස ඔහු විශ්වාස කරන හේතුව කථාවකදී අන්වාර් විසින් පැහැදිලි කරන ලදි. ඔහු අධිකරණයට පවසා සිටියේ: " ඔහුගේ (මහාතීර්ගේ) දරුවන්ගේ සහ අනුචාරකයන්ගේ අසමත්වූ ව්‍යාපාර ගොඩගැනීම සඳහා විශාල ප්‍රමාණයක මහජන මුදල් භාවිතා කිරීම පිළිබඳව මම විරුද්ධත්වය පල කළෙමි." ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සහ මානව හිමිකම් සුපරීක්‍ෂණ සංවිධානය යන දෙකම විසින් නඩු විභාග වල සාධාරණත්වය පිළිබඳව සැක පහල කළෝය. [15] [16] ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පසුව අන්වාර් හැඳින්වූයේ හෘද සාක්ෂියෙහි සිරකරුවෙක් ලෙසිනි. මෙම නඩු විභාගය නිසා ජාත්‍යන්තර විවේචනයද එල්ල විය. එකල එ.ජ. උප ජනාධිපති ඇල් ගෝර් විසින් අන්වාර්ගේ නඩු විභාගය හෙළාදකිමින් එය හැඳින්වුනේ "කෝලමක්" ලෙසින් වුවත්, මහතීර් විසින් එවන් සියළු ජාත්‍යන්තර විවේචන බැහැර කළේ "විදේශ මැදිහත් වීම්"ලෙසින් හඳුන්වමිනි. [17]

අන්වාර්ගේ බිරිය, වොන් අසීස් ඉස්මයිල්, පසුව පාටි කීඩිලාන් නැසියොනල් (නැෂනල් ජස්ටිස් පක්ෂය, පසුව පාටි කීඩිලාන් රාකියාත් හෝ පීපල්ස් ජස්ටිස් පක්ෂය ලෙසින් හැඳින්වුනු), නමින් පක්ෂයක් තැනුවේ අන්වාර්ගේ නිදහස සහ රෙෆෝර්මාසී පිළිබඳ සටන ඉදිරියට ගෙන යෑම සඳහාය. ඊළඟ මහා මැතිවරණයෙහිදී, the එවකට-නැෂනල් ජස්ටිස් පක්ෂය මැතිවරණයෙහිදී හොඳ ප්‍රතිඵලයක් ලබා නොගත් අතර, පාර්ලිමේන්තු ආසන පහක් පමණක් දිනා ගත්තේය

2008 චෝදනාව[සංස්කරණය]

චෝදනා[සංස්කරණය]

2008 ජූනි 28 දිනදී, අන්වාර් ඊබ්‍රාහීම්ගේ සහයෙකු වූ, මොහාමඩ් සයිෆූල් බුකාරි අස්ලාන් විසින්, පොලිසියට පැමිණිල්ලක් කරමින් කියා සිටියේ අස්වාභාවික මෛථූන ක්‍රියා වල යෙදෙන ලෙසට අන්වාර් විසින් තමාට බල කල බවයි. 61 හැවිරිදි පුරුෂයෙකු විසින් 24 හැවිරිදි පුරුෂයෙකු භෞතික ලෙසින් මැඩපවත්වාගැනීම සිදුවිය නොහැකි දෙයක් බව අස්ලාන්ගේ අවධානයට යොමු කල විට, ඔහු විසින් සිදු කලේ ඔහුගේ චෝදනාව " පෙලඹවීම තුලින් සමලිංගික ක්‍රියාවන්හී යෙදවීම" ලෙසින් වෙනස් කිරීමය. [18] මලයාසියානු දණ්ඩ නීති සංග්‍රහයෙහි 377බී ඡේදය අනුව, අස්වාභාවික මෛථූනයෙහි යෙදීම, එය ඒකමතිකව සිදුවුනද, වසර 20ක් දක්වා සිපිරිගෙහි ලෑම සහ කසපහර දීම යන දඬුවම් ලැබීමට යුතු වෙයි. [19] මෙම චෝදනාවට ප්‍රතිචාර දක්වමින් අන්වාර් ක්‍රියා සිටියේ මෙම චෝදනාව දේශපාලනමය ලෙසින් අභිප්‍රේරිත බවත් ඔහුහට අපකීර්තිය පැමිණවීමෙහි අදහසින් සිදු කල බවත් සහ එය "සම්පූර්ණ ගෙතූ කථාවක්" බවත් [20] ඔහුහට අන්‍යස්ථානිකභාවයක් පිළිබඳ සාක්ෂියක් ඇතිබව කියා සිටියේය. [21] අන්වාර් විසින් පසුව සයිෆුල්ට එරෙහිව නීතිමය නඩුවක් පැවරීය. [22] අන්වාර්ගේ බිරිය, වොන් අසීස් වොන් ඉස්මයිල්, චෝදනා එල්ල කලේ චෝදනා රජය විසින් ප්‍රබන්ධ කරන ලද ඒවා බවත්, චෝදනා පසුපස රජය සිටින බවත්ය. අග්‍රාමාත්‍ය අබ්දුල්ලා අහමඩ් බදාවි මෙම චෝදනා ප්‍රතික්ෂේප කලේය. [23] [24]

ජූනි 29 දිනදී, අන්වාර් විසින් ක්වාලා ලාම්පූර්හී පිහිටි තුර්කි තානාපති කාර්යාලයෙහි ආරක්ෂාව පැතූ අතර, ඔහුගේ ආරක්ෂාව මලයාසියානු පොලීසිය විසින් සහතික කිරීමෙන් අනතුරුව පසු දිනයෙහිදී පිටත්ව ගියේය. විමර්ශනයෙහිදී සහයෝගය දැක්වීමට අන්වාර් පොරොන්දු වූවද, පූර්ව නඩු විභාගය යළි සිදුවීමක් විය හැකි බවට බිය පල කළේය. [25] 2008 ජූලි 9 දිනදී, අන්වාර් ඉල්ලා සිටියේ ඉස්ලාමීය අධිකරණයක් විසින් ඔහුගේ හිටපු සහායක වරයා පිලිබඳ විභාග කල යුතු බවයි. ඉස්ලාමීය නීතිය අනුව, අස්වාභාවික මෛථූනය වැනි ලිංගික අපරාධයක් පිළිබඳව චෝදනා එල්ලකරන ඕනෑම අයෙක් විසින් ඔවුන්ගේ චෝදනාවට සහාය පල කිරීමට සාක්ෂිකරුවන් සතරදෙනෙක් ඉදිරිපත් කල යුතු වෙයි. මෙම සාක්ෂිකරුවන් විශ්වස්‍ය පුරුෂයන් විය යුතු අතර, ස්ත්‍රීන් දෙදෙනෙකු විසින් එක් පුරුෂයෙක් වෙනුවෙන් ඉදිරිපත් විය හැකිය. [26]

ජූලි 15 දිනදී මලයාසියානු පොලීසිය විසින් අන්වාර් ඊබ්‍රාහීම් වෙත අත්අඩංගුවට ගැනීමෙහි නියෝගයක් නිකුත් කළ අතර, විමර්ශන නිලධාරී ජූඩ් පෙරෙයිරා විසින් අත්සන් කොට නිකුත් කළ ලේඛනයක් පරිදී බදාදා දේශීය වේලාවෙන් පස්වරු 2 ට පෙර ප‍්‍රශ්න කිරීම සඳහා අන්වාර් විසින් පොලිස් ස්ථානයක පෙනීසිටිය යුතුව තිබුණි. [27] නීතිඥ නයීර් පැවසුවේ, අස්වාභාවික මෛථූන පණත යටතෙහි අත්අඩංගුවට ගැණීමෙහි හැකියාව මධ්‍යයෙහි ප්‍රශ්න කිරීම සඳහා නව ඉල්ලා සිටීමට අන්වාර් එකඟත්වය පළ කල බවයි. ස්වදේශ කටයුතු ඇමති සයිඩ් හමීඩ් අල්බාර් දැඩි ලෙසින් ඉල්ලා සිටියේ අන්වාර් විසින් ඔහුගේ ඩීඑන්ඒ ලබා දිය යුතු බවයි: "අප විසින් (පැමිණිලිකරු වෙතින්) ඩීඑන්ඒ ලබා ගත් හෙයින් අන්වාර් වෙත්න්ද ඩීඑන්ඒ ලබා ගත යුතුව ඇත." [28] 2008 ජූලි 16 දිනදී අන්වාර් අත්අඩංගුවට ගැනුණේ පොලිස් රථ 10 ක ඇණියක් (අඩක් සලකුණු නොකල සහ අඩක් සංචාරයෙහි යෙදෙන) සමග බලක්ලාවා-හැඳි මුහුණු ආවරණ යෙදුණු කොමාන්ඩෝ භටයන් 20 ක් වෙතින්, දණ්ඩනීති සංග්‍රහයෙහි 377ඒ ඡේදය යටතේ ඔහුගේ නිවසෙන් පිටතෙහිය.පොලීසිය විසින් නිකුත් කල නිමා සීමාව පිළිපදින පරිදී මැලේසියානු දූෂණ-විරෝධී කාර්යාංශයෙහි මූලස්ථානයෙහි පැවැති සම්මුඛ සාකච්ඡාවක් මධ්‍යයෙහි පිටත්ව පැමිණි ඔහු මෙසේ අත් අඩංගුවට පත් විය. [29] [30] [31] අන්වාර් පැමිණිලි කළේ, රැය පහන් වන තුරු දැඩි අපරාධකරුවන් සමග ඔහු සිර ගත කොට සිටි බවත් සිමෙන්ති පොළොව මත නිදියන ලෙසින් බල කෙරුණු බවත්ය. අන්වාර්ගේ නිදහස සඳහා අවශ්‍ය වුනු ඇප මුදල RM 10,000 විය. [32] [33]

රැය පහන් වන තුරු පොලිස් අත්අඩංගුවෙහි පසු වී ක්වාලා ලාම්පූර් පොලිස් මූලස්ථානයෙහි 2008 අගෝස්තු 18 දිනදී ඔහුගේ ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් පසුව, චෝදනා ගොනු නොකරමින්ම අත්‍යන්තයෙහිදී අන්වාර් නිදහස් කෙරුණු මුත්, ජූලි 17 දිනදී ඇප මුදල් ගෙවීමට සිදු විය. [34] [35]

සාක්ෂි[සංස්කරණය]

2008 ජූලි මාසයෙහිදී, අන්වාර් විසින් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් තර්ක කලේ එය විසින් තමන් සයිෆුල් හට පහර නොදුන් බව කියැවෙන බවයි. වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව, අන්වාර් පොලීසියෙන් ඉල්ලා සිටියේ ප්‍රෝක්ත අස්වාභාවික මෛථූනය පිළිබඳ ඔවුන්ගේ විමර්ශන අත්හිටුවන ලෙසටයි. [36] කෝ සූ කූන් දැරූ මතය පරිදී මෙය විසින් ඩීඑන්ඒ් සාම්පලයන්හී සාවද්‍ය පරිහරණය වලකාගතහැකි නිසා, ජූලි 20 දිනදී පාටි ගෙරාකාන් රාකියාත් මැලේෂියා යෝජනා කර සිටියේ අන්වාර්ට එරෙහි විමර්ශනයෙහිදී ජාත්‍යන්තර විශේෂඥයන් භාවිතා කල යුතු බවයි. නියෝජ්‍ය පොලිස් ප්‍රධානි ඉස්මයිල් ඔමාර් පැවසුවේ අන්වාර් වෙතින් ලබාගත් 1998 ඩීඑන්ඒ සාම්පල පොලීසිය විසින් භාවිතා නොකරන බවයි. ක්වාලා ලාම්පූර් රෝහලෙහි අධ්‍යක්ෂක සෙන්නිනා මොහොමඩ් සේන් පැවසුවේ ඔහුගේ වෛද්‍ය පරික්ෂණයෙහිදී නිරුවත් වන පරිදී අන්වාර්ගේ ඇඳුම් ඉවත් නොකළ බවයි. [37] 2010 පෙබරවාරි මාසයෙහිදී, අන්වාර් විසින් විදේශීය ඩීඑන්ඒ් සහ අධිකරණ විශේෂඥයන් තිදෙනෙක් ඔහුගේ විත්තිවාචකය වෙනුවෙන් සහායට පත් කළේය.[38] [39]

ෆෙඩරල් තෘතියික මුස්ලිම් දේවස්ථානයෙහි ඉමාම්වරයාවූ රාම්ලාං පොරිගි පැවසූ පරිදී, 2008 අගෝස්තු 15 දිනදී, සයිෆුල් විසින් කුරානය මත අත තබා දිවුරා සිටියේ අන්වාර් විසින් තමා අස්වාභාවික මෛථුනය සඳහා යොදවාගත් බවයි.රාම්ලාං පැවසුවේ පව 6.15 සහ පව  6.20 අත පැවති මෙම උත්සවය තුලදී ඉමාම්වරු සතර දෙනෙක් සිටි බවයි. [40]

2008 අගෝස්තු 7 දිනදී, "අස්වාභාවික ලිංගික ක්‍රියා" අස්වාභාවික මෛථූන චෝදනාව ("ස්වභාවික ආකාරයට එරෙහිව කාම සංසර්ගයෙහි යෙදීම" ලෙසින් අර්ථදක්වා ඇති) සඳහා තමා වැරැදිකරු නොවන බව, ජාලාන් ඩූතා අධිකරණ සංකීර්ණයෙහිදී අන්වාර් විසින් ආයාචනා කරනු ලදුව සැසි අධිකරණ විනිශ්චයකාර කෝමති සුප්පයියා විසින් RM 20,000 ක පුද්ගලික ඇප බැඳුම්කරයක් මත නිදහස් කරන ලදි. නොවැම්බරයෙහිදී, මලයාසියාවෙහි නීතිපතිවරයා ටැං ශ්‍රී අබ්දුල් ගානි පටායිල් විසින් නඩු විභාගය ඉහළ අධිකරණයට මාරු කරන ලෙසට කල ඉල්ලීම, සැසි අධිකරණයෙහි විනිශ්චයකාර විසින් ඉවත දමන ලදි. දක්වන ලද හේතුව වූයේ නීතිපති විසින් අත්සන් කරන ලද සහතිකය අනීතික බවය. විනිශ්චයකරු විසින් නඩුව විමසන දිනය ලෙසින් 2008 නොවැම්බර 10 දින නියම කරන ලදි. [41] [42]

දෙවන නඩු විභාගය[සංස්කරණය]

1998 වසරෙහි සිට අන්වාර්ගේ දෙවන අස්වාභාවික මෛථූන නඩු විභාගය 2010 පෙබරවාරි 3 දින ඇරඹුනි.[43]

2010 අගෝස්තු 2 දිනදී ඔහුගේ නීතිඥයන් කරුණු දැක්වූයේ, ඔහුගේ චෝදකයා සහ පැමිණිලි පක්ෂ කණ්ඩායමෙහි සාමාජිකයෙක් අතර සම්බන්ධයක් ඇති බව පැතිර ගිය ආරංචි මධ්‍යයෙහි, ඔහුට විරුද්ධ චෝදනා අත්හැර දමන ලෙසටය. [44] සයිෆුල් පරික්ෂා කල ක්වාලා ලාම්පූර් රෝහලෙහි වෛද්‍යවරුන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීමෙහිදී අන්වාර්ගේ විත්තිවාචකය වෙත වෛද්‍ය වාර්තා ලබා දීම නඩු විභාග විනිශ්චයකාරවරයා විසින් දිගටම ප්‍රතික්ෂේප කරන ලදි. [45][46] ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සහ අනෙකුත් මානව අයිතිවාසිකම් කණ්ඩායම් විසින් අන්වාර්ට විරුද්ධ චෝදනා ගැරහුමට ලක් කළහ.

ජාත්‍යන්තර ප්‍රතිචාරය[සංස්කරණය]

අස්වාභාවික මෛථූන චෝදනා පිළිබඳව බොහෝ විවේචන සහ එය පිලිබඳ සැලකිල්ල දැක්වීමෙහි ප්‍රකාශ විදේශයන් වෙතින් මතු විය. එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ අනෙකුත් රජයයන්ගේ දේශපාලන නායකයන් විසින් නඩු විභාගය පිළිබඳව ප්‍රකාශ නිකුත් කල අතර, ප්‍රගතිශීලි, ඉස්ලාමීය ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙසින් මලයාසියාවෙහි ප්‍රතිරූපයට මෙයින් හානි පැමිණවිනි. [47]

ඕස්ට්‍රේලියානු ආණ්ඩු පක්ෂයෙන් හා විපක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 50 කට අධික සංඛ්‍යාවක් ලිපියක් අත්සන් කොට මලයාසියාවෙන් ඉල්ලා සිටියේ අන්වාර් නඩු විභාගය නවතා දමන ලෙසටයි. [48] [49]

අග්‍රාමාත්‍ය නජීබ් කියා සිටියේ ඕස්ට්‍රේලියානු නීති සම්පාදකයන් නඩු විභාගය පිළිබඳ තොරතුරු දැනුවත් නොවන බවයි. [50] [51]

කෙසේවෙතත්, සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ජනතා සංගමය සහ ජාත්‍යන්තර නීතිවේදී කොමිසම කියා සිටියේ අභියාචනා ක්‍රියාවලිය හොඳින් සිදුවන බවත් දෙපාර්ශවයටම සම පරිදී සිදුවන බවත්ය. [52]

දේශීය ප්‍රතිචාරය[සංස්කරණය]

නඩු විභාගය පිළිබඳව දේශීය ප්‍රචාරය, රජයෙහි විවිධ සහායක කණ්ඩායම් අනුව බෙදීමක් පෙන්වීය. විපක්ෂ ආධාරකරුවන් විශ්වාස කලේ අන්වාර් අපකීර්තියට පත් කිරීමට කුමන්ත්‍රණයක් පැවතුණු බවයි. ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රී කර්පාල් සිං කියා සිටියේ අග්‍රාමාත්‍ය නජීබ් ටුවාන් රසාක් සහ ඔහුගේ බිරිය විසින් මෙම අස්වාභාවික මෛථූන චෝදනා එල්ල කිරීම පසුපස සිටින බවයි. කෙසේවෙතත්, පොලීසිය මෙයට දැඩි ලෙසින් විරුද්ධ වෙමින් කියා සිටියේ අන්වාර්ගේ අත්අඩංගුවට ගැනීම සාක්ෂි මත පදනම්ව සිදු වුනු බවයි. [53] [54] කෘතහස්ත යූඑම්එන්ඕ නායක ටෙන්කු රසාලේ හම්සා පවසා සිටියේ, නඩු විභාගය විසින් "ලොව පුරා රට ලජ්ජාවට පත් කරන බවයි". [55] මලයාසියාවෙහි විදේශ අමාත්‍යාංශය විසින් 2010 පෙබරවාරි 8 දිනදී විදේශ රජයන්ට අවවාදාත්මකව ප්‍රකාශ කර සිටියේ නඩු විභාගය පිළිබඳ අදහස් පල කිරීමෙන් හෝ මලයාසියානු නීති පද්ධතිය විවේචනය කිරීමෙන් වලකින ලෙසටයි. [56]

නිදොස් කිරීම[සංස්කරණය]

2012 ජනවාරි 9 දිනදී, නඩු විභාගය ඇරඹී වසර දෙකක් පමණ නිම වීමෙන් පසුව, විනිශ්චයකාර සයිඩීන් මොහොමඩ් ඩියා විසින් අස්වාභාවික මෛථූන චෝදනා පිළිබඳව අන්වාර් නිදොස් කොට නිදහස් කළේ පැමිණිලි පාර්ශවය විසින් ඉදිරිපත් කෙරුණු ඩීඑන්ඒ සාක්ෂි අවිශ්වස්‍ය බව දක්වමිනි. ඔහුගේ වාචික නඩු තීන්දුව අවසන් කෙරුණේ: "තහවුරු කරන සාක්ෂි නොමැතිව ලිංගික අපරාධ පිළිබඳව දඬුවම් පැමිණවීමට අධිකරණය සැමවිටම අකමැත්ත පළ කරයි. එබැවින්, විත්තිකරු නිදොස් කොට නිදහස් කරනු ලැබෙයි." තින්දුව පිළිඳව අන්වාර් විසින් විමතිය පළකොට මෙසේ පැවසීය: "නීතියේ ආධිපත්‍යය පැවතී මා ද්‍යෝෂමුක්ත කිරීම පිළිබඳව දෙවියන්ට ස්තූති වේවා." තොරතුරු අමාත්‍ය රයිස් යටීම් ප්‍රකාශ කර සිටියේ නඩු තීන්දුව විසින් මලයාසියාවෙහි අධිකරණයන්හී ස්වාධීන බව හුවා දැක්වෙන බවයි. [57] අන්වාර්ගේ පළමුවන අස්වාභාවික මෛථූන නඩු විභාග සමයෙහිදී අග්‍රාමාත්‍යව සිටි මහතීර් මෙහොමඩ් කියා සිටියේ, නඩු තීන්දුව විසින් රජය දෝෂහරණය කෙරුණු බවත් අන්වාර් සිරගත කිරීමට රජය හා අධිකරණය අතර කුමන්ත්‍රණයක් නොතිබූ බවට මෙයින් තහවුරු වූ බවටත්ය. [58] නඩු තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසුව පැමිණිලිකරු සයිෆුල් කියා සිටියේ, පැමිණිල් පාර්ශවය විසින් අන්වාර්ගේ නිදොස් කිරීමට එරෙහිව අභියාචනා කරනු ඇති බවට ඔහු විශ්වාස කරන බවයි. [59]

නඩු තීන්දුවට පෙර දින වලදී අන්වාර් මලයාසියාව පුරා සංචාරය කරමින් විපක්ෂය සඳහා සහාය දිනා ගැනුමෙහි මෙහෙයුමක නිරත වෙමින් සිටියේය. [60] නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ දිනයෙහිදී දළ වශයෙන් 5,000 විපක්ෂ ආධාරකරුවෝ අධිකරණය ඉදිරිපස රොක් වී සිටියහ. [61] අධිකරණ සංකීර්ණය අවට ප්‍රදේශයෙහිදි පුද්ගලයින් පස් දෙනෙක් තුවාල ලද අතර, එයට හේතුව පොලීසිය විසින් පැහැදිලි නොකරන ලදි. [62]

2012 ජනවාරි 20 දිනදී, පැමිණිලි පාර්ශවය විසින් අන්වාර්ගේ නිදහස් කිරීමට එරෙහිව අභියාචනයක් ගොනු කරන ලදි. [63]

නිදොස් කිරීම පසුපෙරලීම[සංස්කරණය]

අභියාචන අධිකරණය විසින් රජයෙහි අභියාචනය පිළිගෙන, අන්වාර් නිදහස් කිරීමේ තීන්දුව පසු පෙරලන ලදි. අධිකරණය විසින් අන්වාර් වැරැදිකරු බවට තීරණය කරමින් ඔහු වසර පහක සිර දඬුවමකට යටත් කරන ලදි. [64] 2014 මාර්තු 7 දිනදී නඩු තීරණය ප්‍රකාශයට පත් කෙරුණු අතර, ඒ වන විට, මාර්තු 23 දිනදී රාජ්‍ය අතුරුමැතිවරණයකට තරග කිරීමට සූදානම්ව සිටි අතර එය ජයග්‍රහණය කිරීමටද බලාපොරොත්තුවෙන් සිටියේ, ක්වාලා ලාම්පූර් අවට රටෙහි ප්‍රධාන ආර්ථික මර්මස්ථානයක් වූ සෙලාන්ගෝර් ප්‍රාන්තයෙහි මහ ඇමති බවට පත් වීමෙහි අදහසද ඇතිවය. මානව හිමිකම් කණ්ඩායම් චෝදනා එල්ල කලේ මලයාසියාවෙහි රජය විසින් "ස්වභාවික ආකාරයට එරෙහිව කාම සංසර්ගයෙහි යෙදීම" යන " කාලවිරෝධී යටත්විජිත යුග නීතියක්" විසින් අපරාධී බවට පත් කෙරෙන හේතුවක් භාවිතා කරමින්, ප්‍රමුඛ වශයෙන් මුස්ලිම් දේශයක බෙහෙවින් ජනාදරයට පත් පක්ෂ තුනක සන්ධානයක් මෙහෙයවන 66 හැවිරිදි අන්වාර් අපරාධකරුවෙකු ලෙස හංවඩූ ගැසීමට ප්‍රයත්න දරන බවයි. [65]

ෆෙඩරල් අධිකරණයෙහි අභියාචනය සහ සිරගතකිරීම[සංස්කරණය]

අභියාචනාධිකරණයෙහි තීන්දුවට එරෙහිව අන්වාර් විසින් 2015 පෙබරවාරි 10 දිනදී අභියාචනයක් ගොනු කළ අතර, ෆෙඩරල් අධිකරණය විසින් දඬුවම සහ පස් අවුරුදු සිපිරි ගෙයි ලෑම ස්ථීර කරමින් තීන්දුව දුන්නේය. මෙම දඬුවම් පැමිණවීම, ෆෙඩරල් අධිකරණයෙහි ඒකමතික තීරණයක් විය. [66] නායක වෝදකයා විසින් යෝජනා කලේ, උපරිම දඬුවම් කාල සීමාව වසර විස්සක් වන බැවින්, සිපිරිගෙයි ලෑමේ කාල සීමාව දිගු කරන ලෙසටය. [67] අභියාචනා ඉදිරිපත්කිරීමෙහි අන්වාර්ගේ අවසන් අවස්ථාව මෙය වූ බැවින්, ඔහු වහාම සන්ගෙයි බියුලෝ බන්ධනාගාරයහී අවරුද්ධ කෙරිණි. [68] අධිකරණයෙන් පිටව යෑමට පෙර, අන්වාර් විසින් දඬුවම ප්‍රකාශ කළ විනිශ්චයකරුවන් විවේචනය කළේ "දේශපාලන හාම්පුතුන් විසින් නියම කෙරෙන දේට හිස නැමීම වෙනුවෙනි ". නඩු විභාගය අතරතුර ඔහු විනිශ්චයකරුවන් පිළිබඳ ප්‍රසාදය පළ කලේ "ඉවසිලිමත් සහ සාවධාන" ගතිගුණ සහිත වීම වෙනුවෙනි. [69] [70] ඔහුගේ මතය, ඔහුගේ එක් නීතිඥයෙක්වූ රාම්කාපාල් සිං, විසින්ද දරමින් විනිශ්චයකාර මණ්ඩලය පිළිබඳ ප්‍රශංසා කලේ දෙපාර්ශවයෙහිම කරුණු සාවධානව සැලකීම සහ "මෙම අභියාචනය ෆෙඩරල් අධිකරණයෙහි ඉතාමත් දිගු එකක් වූ බැවින් සාධාරණ තීන්දුවක් බලාපොරොත්තු විය හැකි බව" දක්වමිනි. [71]

මානව හිමිකම් සුපරීක්‍ෂණ සංවිධානය විසින් තීන්දුව විස්තර කළේ "මලයාසියාවෙහි මානව අයිතිවාසිකම් වල ප්‍රධාන පරාජයක් " ලෙසිනි. [72] අධීකරණ තීන්දුව පිළිබඳ නිල ප්‍රතිචාරයක් දක්වමින් එක්සත් ජනපද රජය ප්‍රකාශ කළේ, "අන්වාර් ඊබ්‍රාහිම්ගේ අවසාන අභියාචනය ප්‍රතික්ෂේප වීම සහ ඔහුට දඬුවම් පැමිණවීම පිළිබඳව එක්සත් ජනපදය දැඩි කණස්සල්ල පළ කරන අතර ... අන්වාර් මහතාට දඬුවම් පැමිණවීමට තීරණය කිරීම සහ ඔහුගේ නඩු විභාගය විසින් අධිකරණයන්හී ස්වාධීනත්වය සහ නීතියෙහි ආධිපත්වය පිළිබඳව දැඩි උද්වේගය ඉස්මතු කරයි ". [73] නජීබ් රසාක්ගේ කාර්යාලය විසින් අධිකරණ තීන්දුව පිළිබඳව ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ "මලයාසියාවට නිදහස් අධිකරණයක් පවතින අතර, බොහෝ ජ්‍යෙෂ්ඨ රජයේ නිලයන්ට එරෙහි තීන්දු ප්‍රකාශයට පත්වී ඇත".[70]

2015 මාර්තු 16 දිනදී, අන්වාර්ගේ දියණියවූ පාර්ලිමේන්තු මන්ත්‍රී නුරුල් ඉසා අන්වාර්, පොලීසිය විසින් අත්අඩංගුවට පත් වූයේ 2015 පෙබරවාරි මාසයෙහිදී පාර්ලිමේන්තුවෙහිදී ඇය විසින් සිදු කළ ප්‍රකාශයක් මගින් අන්වාර්ගේ අස්වාභාවික මෛථූන චෝදනා දඬුවම පිළිගැනීම විවේචනයට ලක් කළ බැවිනි. [74]

රාජකීය සමාව ලබාදීම[සංස්කරණය]

2018 මැයි 16 දිනදී, මලයාසියාවේ රජතුමා, සුල්තාන් පස්වන මුහාමඩ්, සමාව ලබා දීමෙහි මණ්ඩලයෙහි සාමාජිකයන් සහ අග්‍රාමාත්‍ය මහාතීර් මොහමඩ් හමු වීමෙන් පසුව නිල වශයෙන් අන්වාර් වෙත සමාව ලබා දුන්නේය.

සාක්ෂිකරුවෝ[සංස්කරණය]

මලයාසියානු ව්‍යාපාරික කාන්තාවකවූ උම්මි හෆ්ලිඩා අලි විසින්ද 1998 වසරෙහි අන්වාර් ඊබ්‍රාහීම් අස්වාභාවික මෛථූන නඩු විභාගයන්හී සාක්ෂි සපයන ලදි. [75] [76] අනාචාරය සහ අස්වාභාවික මෛථූනය පිළිබඳව අන්වාර් වෙත් චෝදනා කිරීම කළ ඇය, පසුව ඇයගේ චෝදනා ඉල්ලා අස්කරගත්තාය. [77]


ආශ්‍රිත[සංස්කරණය]

  1. ඩොක්ටර් එම්: අප් ටු අන්වාර් ටු සූ ඕවර් 'ගේ' රිමාක් සංරක්ෂණය කළ පිටපත 2011-06-21 at the Wayback Machine, ඩේලි එක්ස්ප්‍රස්, 22 සැප්තැම්බර් 2005.
  2. ස්ටැටියුටරි ඩෙක්ලරේෂන් ෆ්‍රොම් ඩොක්ටර් මුනාවර් අහමද් අනීස් 7 නොවැම්බර් 1998
  3. ඩොක්ටර් මුනාවාර් ෆේල්ස් ඉන් බිඩ් ටු රෙමිට් එපීල් ටු හයි කෝට්. nst.com.my. 29 ඔක්තොම්බර් 2008
  4. "රහීම් නූර්ස් කන්ෆෙෂන්: බ්ලැක් අයි ඇන්ඩ් බ්ලැකර් ඩීඩ්ස්". අලිරූන්. 1 මාර්තු 1999. http://www.aliran.com/oldsite/ms990301.html. 
  5. "අන්වාර් වින්ඩිකේටඩ් බට් ඇටර්නි-ජෙනරල් ෂුඩ් ගිව් ෆුල් අකවුන්ටිං ඔෆ් ද කම්පන්ෂේසන් ගවර්න්මන්ට් ඊස් පෙයිං ෆො රහීම් නූර්ස් "බ්ලැක් අයි" ඇසෝල්ට්". ඩිමොක්‍රටික් ඇක්ෂන් පක්ෂය. 4 අගෝස්තු 2005. http://www.dapmalaysia.org/all-archive/English/2005/Aug05/lks/lks3607.htm. 
  6. "අන්වාර් වින්ස් ඇපොලජි ෆො බීටිං". බීබීසී පුවත්. 3 අගෝස්තු 2005. http://news.bbc.co.uk/2/hi/asia-pacific/4740937.stm. 
  7. "බ්ලැක් අයි ෆො ජස්ටිස්". BBC News. 15 මාර්තු 2000. http://news.bbc.co.uk/2/hi/asia-pacific/678217.stm. 
  8. "Saksi: Kesan di tilam milik Anwar, Shamsidar". 20 අගෝස්තු 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 21 අගෝස්තු 2018.
  9. 9.0 9.1 Alvin Ung CBS-489A ස්ටේන් අපෝන් අන්වාර්ස් ඩිෆෙන්ස්, දි එසෝසියේටඩ් ප්‍රෙස් (සීබීඑස් නිවුස් ඔස්සේ). 30 දෙසැම්බර් 1998
  10. අන්වාර් ට්‍රයල් හියර්ස් ඩීඑන්ඒ එවිඩන්ස් 30 දෙසැම්බර් 1998, බීබීසී නිවුස්
  11. "සොඩොමි II: හින්ගිං ඔන් කෝට් රිවිව්". මැලේසියන් මිරර්. 3 පෙබරවාරි 2010. http://malaysianmirror.com/homedetail/45-home/28865-sodomy-ii-hinging-on-court-review. 
  12. "මෙට්ට්‍රස් සෝන් ඉන් අන්වාර් ට්‍රයල්". බීබීසී නිවුස්. 15 දෙසැම්බර් 1998. http://news.bbc.co.uk/2/hi/asia-pacific/235255.stm. 
  13. "අන්වාර්ස් ඉන්ඩිග්නිටි ඔෆ් සොයිල්ඩ් බෙඩිං කේස් රෙස්ට්ස් ඔන් බෙඩිං". දි ඉන්ඩිපෙන්ඩන්ට් (ලන්ඩනය). 15 දෙසැම්බර 1998. https://www.independent.co.uk/news/anwars-indignity-of-soiled-bedding-case-rests-on-bedding-1191555.html. 
  14. කොල්වින්, මාක් (2 සැප්තැම්බර් 2004). "අන්වාර් ඊබ්‍රාහිම් ෆ්‍රීඩ් ආෆ්ටර් සොඩෝමි සෙන්ටන්ස් ඕවර්ටර්න්ඩ්". ඒබීසී (ඕස්ට්‍රේලියාව). http://www.abc.net.au/cgi-bin/common/printfriendly.pl?http://www.abc.net.au/pm/content/2004/s1190999.htm. 
  15. මැලේෂියා: ඩබල් ඉන්ජස්ටිස් හීප්ඩ් ඔන් අන්වාර් ඊබ්‍රාහීම් 18 අප්‍රේල් 2003, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
  16. හියුමන් රයිට්ස් වොච් මොනිටර්ස් සෙකන්ඩ් අන්වාර් ට්‍රයල් 11 ජූනි 1999, හියුමන් රයිට්ස් වොච්
  17. ගෝර්: අන්වාර් ට්‍රයල් අ 'මොකරි ගෝර්: අන්වාර් ට්‍රයල් අ 'මෙකෙරි'. 9 අගෝස්තු 2000. බීබීසී නිවුස්
  18. "අන්වාර් ඊබ්‍රාහීම් - රිසලුෂන් ඇඩොප්ටඩ් බයි කොන්සෙන්සස් බයි අයිපීයූ ගවර්නිං කවුන්සිල් ඇට් ඉට්ස් 186ත් සෙෂන්". අන්තර්-පාර්ලිමේන්තු සංගමය. 1 අප්‍රේල් 2010.
  19. මැලේෂියන් පොලීස් ක්ලැසිෆයි සෙක්ෂුවල් අසෝල්ට් රිපෝට් අගේන්ස්ට් අන්වාර් ඈස් සොඩොමි straitstimes.com. 2 ජූලි 2008
  20. "මැලේෂියාස් අන්වාර් ඩිනයිස් ඒඩ්ස් සොඩොමි කම්ප්ලේන්ට්". ඒබීසී නිවුස්. 29 ජූනි 2008. http://www.abc.net.au/news/2008-06-29/malaysias-anwar-denies-aides-sodomy-complaint/2487646. 
  21. "මැල්ෂියන් අන්වාර් ඉන් 'සොඩොමි ඇලබයි'". බීබීසී නිවුස්. 18 ජූලි 2008. http://news.bbc.co.uk/2/hi/asia-pacific/7513963.stm. 
  22. "අන්වාර් ෆයිල්ස් ලෝසූට් අගේන්ස්ට් ඒඩ් හූ ඇකියුස්ඩ් හිම් ඔෆ් සොඩොමි". එක්ස්ප්‍රස් ඉන්ඩියා. 30 ජූනි 2008. http://www.expressindia.com/latest-news/Anwar-files-lawsuit-against-aide-who-accused-him-of-sodomy/329370/. 
  23. "අන්වාර්ස් ඇකියුසර් විසිට්ස් ඩීපීඑම් ඇට් හිස් හෝම් බිෆෝ ලොජිං පොලීස් රිපෝට්". දස්ටාර් ඔන්ලයින්. 4 ජූලි 2008. http://thestar.com.my/news/story.asp?file=/2008/7/4/nation/21741173&sec=nation. 
  24. "මැලේෂියාස් අන්වාර් සීක්ස් රෙෆියුජ් ඇට් එම්බසි ආෆ්ටර් සෙක්ස් ඇලිගේෂන්ස්". AFP. 29 ජූනි 2008. http://afp.google.com/article/ALeqM5g_B4pMW41F4kA4P9bBQ4Lv3xFpBA. 
  25. uk.reuters.com, මැලේෂියාස් අන්වාර් සේස් ටු ලීව් එම්බසි සූන්, 30 ජූනි 2008. සම්ප්‍රවේශය 17 අගෝස්තු 2012
  26. "බීබීසී නිවුස්, අන්වාර් චැලෙන්ජර්ස් සොඩොමි ඇකියුසර්". බීබීසී නිවුස්. 9 ජූලි 2008. සම්ප්‍රවේශය 10 ජනවාරි 2012.
  27. මැලේෂියා ඇරෙස්ට් වොරන්ට් ඉෂියුඩ් ෆො අන්වාර් ඇසෝෂියේටඩ් ප්‍රෙස් (යූඑස්ඒ ටුඩේ මගින්). 15 ජූලි 2008
  28. හමීඩ්, ජලීල් (15 ජූලි 2008). "මැලේෂියා පලීස් මේ අරෙස්ට් අන්වාර්, ගවර්න්මන්ට් ආස්ක්ස් ෆො ඩීඑන්ඒ". In.reuters.com. සම්ප්‍රවේශය 10 ජනවාරි 2012.
  29. පලීස් චීෆ්: අන්වාර්ස් ඇරෙස්ට් ෆොලෝඩ් ලීගල් ප්‍රොසෙස්. nst.com.my. 16 ජූලි 2008
  30. බෙන් වෙබ්ස්ටර් මීඩියා එඩිටර් (13 දෙසැම්බර් 2011). "timesonline.co.uk, මැලේෂියා බ්‍රේස්ඩ් ෆො රයට්ස් ආෆ්ටර් සොඩොමි ඇරෙස්ට් ඔෆ් අන්වාර් ඊබ්‍රාහීම්, ඔපොෂිසන් ලීඩර්". ද ටයිම්ස්. එරා. සම්ප්‍රවේශය 10 ජනවාරි 2012.
  31. "මැලේෂියාස් අන්වාර් රිලීස්ඩ් ඔන් බේල්". බීබීසී නිවුස්. 17 ජූලි 2008. http://news.bbc.co.uk/2/hi/7510884.stm. 
  32. "thestar.com.my, ෂෝ අස් ද රිපෝට්, සේස් අන්වාර්". Thestar.com.my. සම්ප්‍රවේශය 10 ජනවාරි 2012.
  33. "news.asiaone.com, අන්වාර්ස් කන්ඩිෂන්ස් ෆො ඩීඑන්ඒ ටෙස්ටිං". News.asiaone.com. 19 ජූලි 2008. 23 ජූලි 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 ජනවාරි 2012.
  34. "අන්වාර් ලෑෂර්ස් අවුට් ඇට් කොප්ස් (අප්ඩේට් 4)". දස්ටාර් ඔන්ලයින්. 17 ජූලි 2008. http://thestar.com.my/news/story.asp?file=/2008/7/17/nation/20080717094352&sec=nation. 
  35. මැලේෂියන් ඔපොෂිසන් ලීඩර් අන්වාර් ඊබ්‍රාහීම් රිලීස්ඩ් ඔන් බේල්. ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. 17 ජූලි 2008
  36. "අන්වාර් සේස් සොඩෝමි චාජ් ඊස් අ ලයි". 29 ජූලි 2008. සම්ප්‍රවේශය 2 මාර්තු 2017.
  37. "thestar.com.my, ෆොරීන් ඒක්ස්පර්ට්ස් ඉන් අන්වාර් කේස් රික්ව්‍යාඩ්, සේස් ගෙරාකාන්". Thestar.com.my. සම්ප්‍රවේශය 10 ජනවාරි 2012.
  38. "අන්වාර් එන්ලිස්ට්ස් ත්‍රී ඩීඑන්ඒ ඇන්ඩ් ෆොරන්සික් එක්ස්පර්ට්ස්". මැලේෂියන් ඉන්සයිඩර්. 17 පෙබරවාරි 2010. http://www.themalaysianinsider.com/index.php/malaysia/53424-anwar-enlists-three-dna-and-forensic-experts-. 
  39. "ඉන්ඩියන් එමං ත්‍රී ෆොරන්සික් එක්ස්පර්ට්ස් ටු ඇසිස්ට් අන්වාර් ඉන් ට්‍රයල්". චෙන්නායි ඔන්ලයින්. 18 පෙබරවාරි 2010. http://news.chennaionline.com/newsitem.aspx?NEWSID=fcee7082-ab2e-4353-8e40-d923248bff70&CATEGORYNAME=INTER. 
  40. TheEdgeDaily, ‘Sumpah’ by Saiful meant for adultery cases, says imam සංරක්ෂණය කළ පිටපත 2008-09-06 at the Wayback Machine
  41. Jane Ritikos (7 නොවැම්බර් 2008). "නෝ ට්‍රාන්ස්වර් ෆො අන්වාර්ස් සොඩොමි කේස්". දස්ටාර් ඔන්ලයින්. http://thestar.com.my/news/story.asp?file=/2008/11/7/nation/20081107154313&sec=nation. 
  42. "මැලේෂියාස් අන්වාර් ස්කෝර්ස් වික්ටරි ඉන් රැන්ගල් ඕවර් සොඩෝමි ට්‍රයල්". චැනල්නිවුස්ඒ්ෂියා. 7 නොවැම්බර් 2008. http://www.channelnewsasia.com/stories/afp_asiapacific/view/388349/1/.html. [භින්න වූ සබැඳිය]
  43. "අන්වාර් ඊබ්‍රාහීම් ට්‍රයල් ෆයිනලි බිග්න්ස් ඉන් මැලේෂියා". බීබීසී. 3 පෙබරවාරි 2010. http://news.bbc.co.uk/2/hi/asia-pacific/8495000.stm. 
  44. ගූච්, ලිස් (2 අගෝස්තු 2010). "අෆෙයාර් ක්ලේම් කුඩ් ඩිස්රප්ට් සොඩොමි ට්‍රයල්". ද නිව්යෝර්ක් ටයිම්ස්. https://www.nytimes.com/2010/08/03/world/asia/03malay.html?ref=anwar_ibrahim. 
  45. චෙල්වි, එස්. තමරායි (22 නොවැම්බර් 2010). "අන්වාර් ෆේල්ස් ටු ඔබ්ටේන් ක්ලිනිකල් නෝට්ස්". ද සන් (ක්වාලා ලාම්පූර්). http://www.thesundaily.com/article.cfm?id=54284. 
  46. "අන්වාර්ස් සොඩොමි ට්‍රයල්: කාපාල්ස් රික්වෙස්ට් ෆො ක්ලිනිකල් රිපෝට්ස් ඩිනයිඩ්". මැලේ මේල් ඔන්ලයින්. http://www.mmail.com.my/content/53621-anwars-sodomy-trial-karpals-request-clinical-reports-denied. 
  47. "අන්වාර් සොඩොමි ට්‍රයල් හර්ට්ස් මැලේෂියාස් රෙපියුටේෂන්". වොයිස් ඔෆ් ඇමරිකා. 18 පෙබරවාරි 2010. http://www.voanews.com/english/news/Anwar-Sodomy-Trial-Hurts-Malaysias-Reputation-84594087.html. 
  48. "මැලේෂියන් ලෝමේකර්ස් ඔබ්ජෙක්ට් ටු ඔසී එම්පීස් කෝල් ඔන් අන්වාර්". ද ස්ටාර්. 13 පෙබරවාරි 2010. http://thestar.com.my/news/story.asp?file=/2010/2/13/nation/20100213165216&sec=nation. 
  49. "ඕස්ට්‍රේලියා ලෝමේකර්ස් අර්ජ් මැලේෂියා ටු ඩ්‍රොල් අන්වාර් සොඩොමි කේස්". ඒ්ෂියාවන්. 12 පෙබරවාරි 2010. http://news.asiaone.com/News/AsiaOne%2BNews/Malaysia/Story/A1Story20100212-198392.html. 
  50. "නජීබ්: විල් හෙල්ප් ඕස්ට්‍රේලියන් රෙප්ස් බෙටර් අන්ඩර්ස්ටෑන්ඩ් අන්වාර්ස් ට්‍රයල්". මැලේෂියන් ඉන්සයිඩර්. 14 පෙබරවාරි 2010. http://www.themalaysianinsider.com/index.php/malaysia/53141-najib-well-help-australian-reps-better-understand-anwars-trial. 
  51. "විෂ්ම පුට්‍රා විල් එක්ස්ප්ලේන් ෆැක්ට්ස් ඔෆ් අන්වාර්ස් කේස් ටු ඕස්ට්‍රේලියන් ලෝමේකර්ස් – නජීබ්". Bernama. 14 පෙබරවාරි 2010. http://www.bernama.com/bernama/v5/newsindex.php?id=475666. 
  52. "ඉන්ටර්නැෂනල් ඔබ්සර්වර්ස් කෝල් අන්වාර්ස් එපීල් හියරිං ෆෙයාර් සෝ ෆාර් - ද රාකියාත් පෝස්ට්". ද රාකියාත් පෝස්ට්.
  53. "අන්වාර්ස් සොඩෝමි චාජ් කම්ප්ලිකේට්ස් පොලිටිකල් ස්ට්‍රගල්". ඒෂියන් සෙන්ටිනල්. 7 අගෝස්තු 2008. http://www.asiasentinel.com/index.php?option=com_content&task=view&id=1374&Itemid=178. 
  54. "afp.google.com,Malaysian opposition leader Anwar charged with sodomy". ඒඑෆ්පී ගූගල්. 6 අගෝස්තු 2008. සම්ප්‍රවේශය 10 ජනවාරි 2012.
  55. "අන්වාර්ස් සොඩෝමි II ට්‍රයල් ස්ටාර්ට්ස් ටුඩේ". මැලේෂියන් ඉන්සයිඩර්. 2 පෙබරවාරි 2010. http://www.themalaysianinsider.com/index.php/malaysia/51635-anwars-sodomy-ii-trial-starts-today-. 
  56. "ස්ටොප් මෙඩ්ලිං ඉන් අන්වාර් ට්‍රයල්". ඒෂියාවන්. 8 පෙබරවාරි 2010. http://news.asiaone.com/News/AsiaOne%2BNews/Malaysia/Story/A1Story20100208-197394.html. 
  57. "මැලේෂියා කෝට් ෆයින්ඩ්ස් අන්වාර් ඊබ්‍රාහීම් නොට් ගිල්ටි ඔෆ් සොඩොමි". බීබීසී නිවුස් ඒෂියා. 9 ජනවාරි 2011. සම්ප්‍රවේශය 9 ජනවාරි 2012.
  58. "ඩොක්ටර් එම්: ඇක්විටල් පෲව්ස් නෝ කන්ස්පරිසි එගේන්ස්ට් අන්වාර්". ද මැලේෂියන් ඉන්සයිඩර්. 9 ජනවාරි 2012. http://www.themalaysianinsider.com/malaysia/article/dr-m-acquittal-proves-no-conspiracy-against-anwar/. 
  59. ටියෝ, ෂැනන් (9 ජනවාරි 2012). "අන්වාර් ඇකියුසර් වෝන්ට්ස් එපීල්". ද මැලේෂියන් ඉන්සයිඩර්. http://www.themalaysianinsider.com/malaysia/article/anwar-accuser-wants-appeal/. 
  60. "මැලේෂියන් ඔපොසිසන් ලීඩර් අන්වාර් ඊබ්‍රාහීම් ඇක්විටඩ්: ටයිම්ලයින්". ද ඩේලි ටෙලිග්‍රාෆ්. 9 ජනවාරි 2012. https://www.telegraph.co.uk/news/worldnews/asia/malaysia/9001514/Malaysian-opposition-leader-Anwar-Ibrahim-acquitted-timeline.html. 
  61. "අන්වාර් ඊබ්‍රාහීම් සොඩෝමි චාර්ජ් ඩිස්මිස්ඩ් බයි මැලේෂියන් ජජ්". ද ගාඩියන් (එරා). 9 ජනවාරි 2012. https://www.theguardian.com/world/2012/jan/09/anwar-ibrahim-sodomy-dismissed-malaysian?newsfeed=true. 
  62. ""ෆ්‍රී අන්වාර් කැම්පේන්" මාර්ඩ් බයි එක්ස්ප්ලෝෂන්ස්, ෆයිව් ඉන්ජර්ඩ්". බර්නමා. 9 ජනවාරි 2012. http://www.bernama.com/bernama/v6/newsgeneral.php?id=638799. 
  63. ෂාස්වාන් මුස්ටාෆා කමාල් (20 ජනවාරි 2012). "ප්‍රොසිකියුෂන් අපීල්ස් අන්වාර් සොඩොමි ඇක්විට්ල්". ද මැලේෂියන් ඉන්සයිඩර්. http://www.themalaysianinsider.com/malaysia/article/prosecution-appeals-anwar-sodomy-acquittal/. 
  64. "මැලේෂියා: අන්වාර් ඊබ්‍රාහීම් සොඩොමි ඇක්විට්ල් ඕවර්ටර්න්ඩ්". බීබීසී නිවුස්. 7 මාර්තු 2014. https://www.bbc.co.uk/news/world-asia-26479642. 
  65. "අන්වාර් ඊබ්‍රාහීම් සොඩොමි ඇක්විට්ල් ඕවර්ටර්න්ඩ්". ද සිඩ්නි මෝර්නිං හෙරල්ඩ්. 7 මාර්තු 2014. https://www.smh.com.au/world/anwar-ibrahim-sodomy-acquittal-overturned-20140307-34cxi.html. 
  66. කමාල්, බයි ෂාස්වාන් මුස්ටාෆා (2015-02-10). "අන්වාර් ගෙට්ස් ෆයිව් ඉයර්ස් ඈස් ෆෙඩරල් කෝට් මේන්ටේන්ස් සොඩොමි කන්වික්ෂන්". මැලේ මේල් (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2022-08-28.
  67. ෂස්වාන් මුස්ටාෆා කමාල් (10 පෙබරවාරි 2015). "අන්වාර් ගෙට්ස් ෆයිව් ඉයර්ස් ඈස් ෆෙඩරල් කෝට් මේන්ටේන්ස් සොඩොමි කන්වික්ෂන්". මැලේමේල් ඔන්ලයින්. Tan Sri Muhd Shafee Abdullah, the private lawyer appointed to lead the prosecution, argued that this was not the first time Anwar was convicted of sodomy and pressed for a heavier penalty as the offence permits for jail of up to 20 years. He contended that the sentence should not be lesser than the six years Anwar had received during his first sodomy conviction that was later reversed.
  68. ෆරේසා හනුම් රෂීඩ් (10 පෙබරවාරි 2015). "අන්වාර්ස් අරයිව්ස් ඇට් සන්ගෙයි බියුලෝ ප්‍රිස්න්". නිව් ස්ට්‍රේට්ස් ටයිම්ස්. http://www.nst.com.my/node/72464. 
  69. "ආකයිව්ඩ් කොපි". 3 ජූනි 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 පෙබරවාරි 2015.
  70. 70.0 70.1 "මැලේෂියාස් අන්වාර් ජේල්ඩ් ෆො ෆයිව් ඉයර්ස් ආෆ්ටර් ලූසිං අපීල් ඉන් සොඩොමි ට්‍රයල්". රොයිටර්ස්. 10 පෙබරවාරි 2015. https://www.reuters.com/article/us-malaysia-anwar-idUSKBN0LD2F520150210. 
  71. "අන්වාර්ස් අපීල්: ජජර්ස් ප්‍රේස්ඩ් බයි අන්වාර්". නිව් ස්ට්‍රේට් ටයිම්ස්. 3 නොවැම්බර් 2014. https://www.nst.com.my/news/2015/09/anwar%E2%80%99s-appeal-judges-praised-anwar?m=1. 
  72. "මැලේෂියා: අන්වාර්ස් කන්වික්ෂන් සෙට්ස් බැක් රයිට්ස්". හියුමන් රයිට්ස් වොච්. 10 පෙබරවාරි 2015.
  73. "යූඑස් 'ඩීප්ලි ඩිසපොයින්ටඩ්' බයි රූලිං ඔෆ් මැලේෂියාස් අන්වාර්". ද ස්ට්‍රේට්ස් ටයිම්ස්. 10 පෙබරවාරි 2015. http://www.straitstimes.com/news/asia/south-east-asia/story/us-deeply-disappointed-jailing-malaysias-anwar-20150210. 
  74. "මැලේෂියා අරෙස්ට්ස් අන්වාර්ස් ඩෝටර් ෆො සෙඩිෂන්: ඔපොෂිසන් පාටි". රොයිටර්ස්. 16 මාර්තු 2015. https://www.reuters.com/article/us-malaysia-sedition-anwar-idUSKBN0MC12820150316. 
  75. MOHD AL QAYUM AZIZI. "Umi Hafilda Pula Cabar Anwar, Azmin Debat Kes Liwat 1998". සටාර් පබ්ලිකේෂන්ස් (මැලේෂියා) බීඑච්ඩී. සම්ප්‍රවේශය 13 ජනවාරි 2011.
  76. "අන්වාර්ස් ඩිෆෙන්ස් නික්ස්ඩ්". සීබීඑස් නිවුස්. දි ඇසෝසියේටඩ් ප්‍රෙස්. පෙබරවාරි 9, 1999. https://www.cbsnews.com/news/anwars-defense-nixed/. 
  77. "වර්ල්ඩ්: ඒෂියා-පැසිෆික් අන්වාර් සෙක්ස් ක්ලේම්ස් 'වර් ෆෝල්ස්'". බීබීසී නිවුස්. නොවැම්බර් 6, 1998. http://news.bbc.co.uk/2/hi/asia-pacific/208972.stm.