අන්වාර් ඊබ්‍රාහීම්

විකිපීඩියා වෙතින්


අන්වාර් බින් ඊබ්‍රාහීම් (මැලේ: انور بن ابراهيم; උපත 10 අගෝස්තු 1947) යනු 2022 දෙසැම්බර මස සිට මලයාසියාවෙහි 10වන අග්‍රාමාත්‍යවරයා ලෙසින් සේවය කරන මලයාසියානු දේශපාලනඥයෙකි.[1] 12වන සහ 16වන විපක්ෂ නායකවරයා ලෙසින් පිළිවෙලින් 2008 අගෝස්තු මාසයෙහි සිට 2015 මාර්තු මාසය දක්වාද නැවතත් 2020 මැයි මාසයෙහි සිට to 2022 නොවැම්බර මාසය දක්වාද ඔහු සේවය කර ඇත. ඔහු මුදල් අමාත්‍යවරයා ලෙසින් 1991 මාර්තු මාසයෙහි සිට 1998 සැප්තැම්බර් මාසය දක්වාද යළිත් 2022 දෙසැම්බර් මාසයෙහි සිට ද සේවය කර ඇති අතර 2020 මැයි මාසයෙහි සිට පකතාන් හරපාන් (පීඑච්) සභාගයෙහි දෙවන සභාපති ලෙසටද, 2018 නොවැම්බර් මාසයෙහි පීපල්ස් ජස්ටිස් පක්ෂයෙහි (පීකේආර්) දෙවන සභාපති ලෙසටද 2022 නොවැම්බර් මාසයෙහි සිට ටැම්බාන් කොට්ඨාශය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (පාම) ලෙසින්ද සේවය කර ඇත.

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; PRU15 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=අන්වාර්_ඊබ්‍රාහීම්&oldid=534237" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි