අටසිල්

විකිපීඩියා වෙතින්

ගිහි බෞද්ධයන් විසින් (බෝහෝ විට පෝය දිනවල) රකිනා පංච සීලයට වඩා ඉහල සීලය අටසිල් හෙවත් ආජීව අට්ඨමක සීලය නම්වේ.

අෂ්ටාංග ශීලය[සංස්කරණය][සංස්කරණය]

සැකිල්ල:ගිහි ථේරවාද පිළිවෙත් අෂ්ටාංග ශීලය හෙවත් අෂ්ට ශීලය හෙවත් අට සිල් හෙවත් අටසිල් යනු බෞද්ධයන් සඳහා වූ සාමාන්‍ය පංච ශීලය ට වඩා තරමක් දැඩි ලෙස පිළිපැදීම රිසි බෞද්ධ ගිහි පුරුෂයන් හා ස්ත්‍රීන් විසින් පිළිපැදිය හැකි ශික්ෂා පද රැසකි. අෂ්ටාංග ශීලයෙන් පරමාර්ථ කොට ඇත්තේ සදාචාරාත්මක වශයෙන් නොමනා චර්යාවන්ගෙන් වැලකීම සහ වඩාත් ධාර්මික දිවි පෙවෙතක් රැකීමත්ය. අනෙක් අතින් පංච ශීලය පරමාර්ථ කොට ඇත්තේ සදාචාරාත්මක වශයෙන් නොමනා චර්යාවන්ගෙන් වැලකීම පමණි.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය වැනි ථේරවාද බෞද්ධ රටවල , බෞද්ධ ගිහි පුරුෂයන් හා ස්ත්‍රීන් බොහෝ විට සැකිල්ල:උපන්‍යාස ඇවැසිය සතියකට එක් දිනක් ( උපෝසත හෙවත් පොහොය දිනයන්හිදී: අමාවක, පුර-අටවක, පසළොස්වක හා අව-අටවක දිනයන්) ආශ්‍රමිකව හිඳිමින්, අෂ්ටාංග ශීලය රකිති. බුදුන් වහන්සේ විසින් අෂ්ටාංග ශීලය රැකිය යුතු ආකාරය පිළිබඳ හා, සහ අෂ්ටාංග ශීලය පිළිපැදිය යුතු නිවරැදි හා වැරැදි ආකාර පිළිබඳ  දේශනා කොට ඇත.

 #1 මම ප්‍රාණ ඝාතයෙන් වැලකීමේ ශික්ෂා පදය සමාදන් වෙමි. (මනුෂ්‍ය හා මනුෂ්‍ය-නොවන යන දෙවගයම).
 #2 මම නොදුන් දෙයක් ගැනීමෙන් (සොරකම් කිරීම) වැලකීමේ ශික්ෂා පදය සමාදන් වෙමි.
 #3  මම අබ්‍රහ්මචර්යාවෙන් හෙවත් ගිහිකාමභෝගී ජීවිතයෙන් වෙන්වීමේ ශික්ෂා පදය සමාදන් වෙමි.
 #4 මම නුසුදුසු භාෂිතයෙන් එනම්, බොරු කීම, අනුන් රැවටීම, සිත් පහරවන වචන භාවිතය ආදියෙන් වැලකීමේ ශික්ෂා පදය සමාදන් වෙමි.
 #5 මම අප්‍රමාදයට නොසැලකිල්ලට හේතුවන රහමෙර පානයන් ගෙන් හා මත් ද්‍රව්‍යයන්ගෙන් වැලකීමේ ශික්ෂා පදය සමාදන් වෙමි.
 #6 මම විකාල භෝජනය හෙවත් අවේලාවේ ආහාර ගැනීමෙන් වෙන්වීමේ ශික්ෂා පදය සමාදන් වෙමි. (නිවැරදි වේලාව නම් ඉරු නැගීමෙන් පසුවත් ඉර මුදුන් වීමට කලිනුත් එක් වරක් පමණ ආහාර ගැනීම).
 #7 මම නැටුම්, ගැයුම්, වැයුම් හා විහිළු දැකීම්වලින් ද, මල්ගඳ විලවුන් දැරීමෙන් හා මල්මාලා ආභරණයෙන් ගත සැරසීමෙන් ද වෙන්වීමේ ශීක්ෂාපදය සමාදන් වෙමි.
 #8 මම සයනය කිරීම සහ හිඳීම සඳහා සැප පහසු ආසන එනම් උස් අසුන් හා මහ අසුන් භාවිතයෙන් වැලකීමේ ශීක්ෂාපදය සමාදන් වෙමි.

දසසිල් සමාදන් වීම[සංස්කරණය][සංස්කරණය]

  1. පර පණ නැසීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි (පාණතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි).
  2. අනුන් සතු ඔවුන් කමැත්තෙන් නොදුන් දෙයක් සොර සිතින් ගැනීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි (අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි).
  3. ඉතා පහත් හැසිරීම නම් වූ ඉන්ද්‍රිය බද්ධ කාම සේවනයෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි (අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි).
  4. මුසාවාදයෙන් හෙවත් බොරු කීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි (මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි).
  5. මත්වීම හා ප්‍රමාදයට කාරණා වූ රහමෙර පානය කිරීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි (සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි).
  6. විකල් භෝජනයෙන් හෙවත් අකාලයේ ආහාර ගැනීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි (විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි).
  7. නැටීම, ගීත ගැයීම, වාදනය කිරීම, උසුළු විසුළු බැලීම යනාදී දෙයින් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි (නච්ච ගීත වාදිත විසුකදස්සන වේරමණී සික්ඛාපදං සමාදියාමි).
  8. මල් ගඳ විලවුන් දැරීම, අඩුතැන් පිරවීම, පැහැ ගැන්වීම් වශයෙන් සැරසීමය, ඔප මට්ටම් දැමීම යනාදී දෙයින් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි (මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභුස නට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි).
  9. උස් අසුන් හා මහාසන පරිභෝග කිරීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි (උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි).
  10. රන් රදී මසු කහවනු (මිල මුදල්) ගැනීමෙන් වැළකීම නම් වූ ශීක්‍ෂාපදය මම සමාදන් වෙමි (ජාත රූප රජත පටිග්ගහණා වේරමණී සික්ඛාපදං සමාදියාමි).
  11. නිති පන්සිල් පොහොය යනු අටසිල් වලටයි.

== ආශ්‍රිත ==සඳාදදඅඅ

ආශ්‍රිත[සංස්කරණය][සංස්කරණය]

  1. Jump up↑ අංගුත්තර නිකාය 8.43
  2. Jump up↑ අංගුත්තර නිකාය 3.70
"https://si.wikipedia.org/w/index.php?title=අටසිල්&oldid=578177" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි