අකීකරු පුත්‍රයා පිළිබඳ උපමාව
Jump to navigation
Jump to search
![]() | මෙම ලිපිය සත්‍යාපනය සඳහා අමතර උපහරණ අවශ්‍ය වෙයි. (ජනවාරි 2009) |

පොම්පියෝ බැටෝනි විසින් නිර්මිතඅකීකරු පුත්‍රයාගේ ප්‍රත්‍යාගමනය (1773)
නැති වූණු පුත්‍රයා ලෙසින්ද හැඳින්වෙන, අකීකරු පුත්‍රයා යනු, ජේසුස් වහන්සේ වදාළ උපමා අතුරින් මහත් ජනප්‍රිය එකකි. එය දක්නට ලැබෙනුයේ බයිබලයෙහි, නව ගිවිසුමෙහි, ලූක් තුමාගේ සුබ අස්න තුල පමණි. සාම්ප්‍රදායානුකූලව, එය සාමාන්‍ය වශයෙන් චතාරික සමයෙහි තෙවන ඉරුදිනෙහිදී කියවනු ලැබේ. නැති වුණු බැටළුවා පිළිබඳ උපමාව සහ නැති වුණු කාසිය පිළිබඳ උපමාව ට පසුව එන එය, උපමා ත්‍රිත්වයෙහි තෙවන හා අවසාන උපමාව වෙයි.