නැති වුණු කාසිය පිළිබඳ උපමාව

විකිපීඩියා වෙතින්

නැති වුණු කාසිය පිළිබඳ උපමාව යනු, ක්‍රිස්තියානි බයිබලයෙහි, නව ගිවිසුමෙහි, ජේසුස් වහන්සේ විසින් වදාළ උපමාවකි.

සන්දර්භය[සංස්කරණය]

පවුකාරයන් පිළිගැනීම හා ඔවුන් සමග අහර වැලඳීම පිළිබඳව, පරිසිවරුන් සහ ආගමික නායකයන් විසින් තමන්වහන්සේට දොස් පැවරීමෙන් අනතුරුව, නැතිවීම හා මුදවා ගැනීම පිළිබඳව, ජේසුස් වහන්සේ විසින් වදාළ උපමා ත්‍රිත්වයෙහි දෙවැන්න මෙය වෙයි. අනෙකුත් දෙක වන්නේ නැති වුණු බැටළුවා පිළිබඳ උපමාව සහ නැතිවුණු පුත්‍රයා පිළිබඳ උපමාව (අකීකරු පුත්‍රයා) වෙති. කථාන්තරය හමුවන්නේ ලූක් 15:8-10 වෙතිනි.

සමාලෝචනය[සංස්කරණය]

ලූක් 15 හි කියැවෙන පරිදී, රීදි කාසි දහසක් ඇති ස්ත්‍රීයක ට එක් කාසියක් නැතිවේ. ඇය එවිට පහනක් දල්වා ගෙය අතුගා එය සම්බ වන තුරු සොයා, එය හමු වූ විට මහත් සතුටට පත් වන්නී ය.

රිදී කාසි දහසක් ඇති කවර ස්ත්‍රියක හෝ ඉන් එකක් නැති වුවහොත් පහනක් දල්වා, ගෙය අතුගා, එය සම්බ වන තුරු අස්සක් මුල්ලක් නෑර ඕනෑ කමින් සොයන්නේ නැද්ද? එය සම්බ වූ විට ඈ මිතුරන් ද අසල්වැසියන් ද කැඳවා, ‘මා සමග ප්‍රීති වන්න; මාගේ නැති වූ රිදී කාසිය සම්බ වි ය’ යි ඔවුන්ට කියන්නී ය. එලෙස ම මනස්ථාපනය වන්නා වූ එක පව්කාරයකු ගැන දෙවියන්වහන්සේගේ දූතයන් අතර ප්‍රීතිය ඇති වන්නේ ය යි මම ඔබට කියමි."

ලූක් 15:8–10

බාහිර සබැඳි[සංස්කරණය]