අක්සර් 2

විකිපීඩියා වෙතින්
අක්සර් 2
චිත්‍රපට පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයඅනන්ත් නාරායණ් මහාදේවන්
රචනයඅනන්ත් නාරායණ් මහාදේවන්
තිර රචනයසංජීව් පූරි
නිශ්පාදනයභෞමික් ගොණ්ඩාලියා
රංගන ශිල්පීන්සරීන් ඛාන්
ගෞතම් රෝද්
අභිනව් ශුක්ලා
මෝහිත් මදාන්
සංස්කරණයජීතේන්ද්‍ර ෂා
සංගීතයමිථූන්
Production
company
සිද්ධි විනායක් ක්‍රියේෂන්
නිකුත්වූ දිනය
  • 17 නොවැම්බර් 2017 (2017-11-17)
තිර කාලය
මිනිත්තු 117
රටඉන්දියාව
භාෂාවහින්දි

අක්සර් 2 යනුවෙන් හැඳින්වෙන්නේ අනන්ත් නාරායණ් මහාදේවන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඉන්දියානු සංත්‍රාස චිත්‍රපටයකි.[1] මෙම චිත්‍රපටය 2006 චිත්‍රපටයක් වන අක්සර් හි අනුගාමී චිත්‍රපටය වේ.[2][3][4] චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ ගෞතම් රෝද්, අභිනව් ශුක්ලා, සරීන් ඛාන් සහ මෝහිත් මදාන් විසිනි. චිත්‍රපටයේ සල පෝස්ටරය 2017 අගෝස්තු 4 දින යූටියුබ් ඔස්සේ මුදාහැරුණු අතර, චිත්‍රපටයේ ට්‍රේලරය 2017 අගෝස්තු 28 දින මුදාහැරිණි.[5] 2017 නොවැම්බර් 17 දින චිත්‍රපටය මුදාහැරිණි.[6]

කථාපුවත[සංස්කරණය]

වියපත් බිලියනපතිනියක වන ඛාම්බට්ටා මහත්මියගේ පාලිකාව අද්භූත අයුරින් මියයාමත් සමග, ඇය සිය මූල්‍ය කළමනාකරු වන පැට් හට පවසන්නේ ඉක්මණින් එම පුරප්පාඩුව සඳහා කාන්තාවක සේවයට බඳවා ගන්නා ලෙසයි. නමුත් මුරණ්ඩු ෂීනා රෝයි එම පදවියට පත්වනු ඇතැයි පැට් අපේක්ෂා නොකරයි. ඛාම්බට්ටා මහත්මියට මෙයට වයස්ගත කාන්තාවක් බඳවා ගැනීමට අවශ්‍ය වුවත්, ෂීනාට අවස්ථාවක් ලබාදෙන මෙන් පැට් ඇගෙන් ඉල්ලා සිටියි.[7]

සිය පත්වීම යටි අරමුණක් සහිතව ලැබුණු බව ෂීනා නොදනියි. ෂීනාට කැමැත්තෙන් සිටින පැට් හට දැන් අවශ්‍යව ඇත්තේ ඇගේ කැමැත්ත ලබාගැනීම වන අතර, එසේ නොවේ නම් ඇයට රැකියාව අත්හැරීමට සිදු වේ. ෂීනාට ‍තමන්ට සිදුවූ මෙම අකරතැබ්බය මේ වනවිටත් කරදරවලට මුහුණපා සිටින සිය පෙම්වතා වන රිකීට ද හෙළි කළ නොහැකි ය. නමුත් ජීවත්වීමට ඇයට මුදල් ද අවැසි ය. දැඩි විරෝධයකින් පසුව, ෂීනා හට පැට්ගේ කාමුක ආශාවන්ට හිස නැමීමට සිදුවේ. තමන් කාන්තාවන්ව පොළඹවා ගැනීමට සමතෙකැයි සිතා සිටින පැට් අනතුරුව අකරතැබ්බයකට මැදිවන අතර ඔහුගේ රැකියාව මෙන්ම දිවිය ද අන්තරායට ලක්ව ඇත.[8]

ෂීනා ඔහුට ඛාම්බට්ටාගේ කැමති පත්‍රය පිළිබඳ දැනගන්නට ඉඩහරින අතර, එය දැනීමෙන් පසු පැට් නිදිවර්ජිතව කාලය ගත කරයි. ඔහු ෂීනා පිළිබඳ සත්‍යය අනාවරණය කරගත්ත ද, එය ඔහුට දැවැන්ත පහරක් වේ.

චරිත නිරූපණය[සංස්කරණය]

නිෂ්පාදනය[සංස්කරණය]

නළුවරණය[සංස්කරණය]

ගෞතම් රෝද්, අභිනව් ශුක්ලා, මෝහිත් මදාන් සහ සරීන් ඛාන් මෙහි ප්‍රධාන රචිත නිරූපණය සිදු කරති.[2] එස්. ශ්‍රීසාන්ත් ද මෙම චිත්‍රපටයේ නීතිඥයකුගේ චරිතය නිරූපණය කරයි.[9][10]

රූගත කිරීම්[සංස්කරණය]

චිත්‍රපටයේ ප්‍රධාන ඡායාරූපකරණය 2016 ජූලි මස ඇරඹිණි.[11]

ධ්වනිපථය[සංස්කරණය]

අක්සර් 2
ධ්වනිපථ ඇල්බමය , විසිනි
මුදාහැරුණේ2017 නොවැම්බර් 6
ගණයවෘත්තාන්ත චිත්‍රපට ධ්වනිපථය
දිග14:50
භාෂාවහින්දි
ලේබලයටිප්ස්
මිථූන් කාලානුක්‍රමය
ශිවායි
(2016)
අක්සර් 2
(2017)
‍හාෆ් ගර්ල්ෆ්‍රෙන්ඩ්
(2017)
අක්සර් 2හි කේවලයන්
  1. "ආජ් සිද්"
    මුදාහළේ: 2017 සැප්තැම්බර් 6
  2. "ජානා‍ වේ"
    මුදාහළේ: 2017 සැප්තැම්බර් 15
  3. "තන්හේයාන්"
    මුදාහළේ: 2017 ඔක්තෝබර් 6

චිත්‍රපටයේ ධ්වනිපථය නිර්මාණය කරන ලද්දේ මිථූන් විසින් වන අතර, පද රචනය සිදුකොට ඇත්තේ සයීද් කද්‍රි විසිනි.[12]

පථ ලැයිස්තුකරණය
අංකය. ගීතයගායක(යින්) කාලය
1. "ආජ් සිද්"  අරිජිත් සිං 4:12
2. "ජානා වේ"  අරිජිත් සිං 5:33
3. "තන්හේයාන්"  අමිත් මිෂ්රා 5:05
සම්පූර්ණ දිග:
14:50

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Chose Aksar 2 as it's not an erotic film: Gautam Rode". 28 August 2016. සම්ප්‍රවේශය 27 August 2017.
  2. 2.0 2.1 "Zareen Khan roped in for 'Aksar 2'". The Times of India. 14 March 2016. සම්ප්‍රවේශය 5 June 2016.
  3. "Shooting of Zareen Khan starrer Aksar 2 to start from June end". Bollywood Hungama. 31 May 2016. සම්ප්‍රවේශය 5 June 2016.
  4. "Social media trolls don't affect Zareen Khan". The Indian Express. 30 May 2016. සම්ප්‍රවේශය 5 June 2016.
  5. "'Aksar 2' trailer: Gautam Rode, Abhinav Shukla and Zareen Khan's love triangle is intriguing".
  6. http://www.firstpost.com/entertainment/tiger-zinda-hai-trailer-on-7-november-fukrey-returns-releases-on-15-december-social-media-stalkers-guide-4191431.html
  7. "'Aksar 2' trailer: Gautam Rode, Abhinav Shukla and Zareen Khan's love triangle is intriguing". The Times of India. සම්ප්‍රවේශය 30 August 2017.
  8. "Aksar 2". Bookmyshow.
  9. "Sreesanth does his own bike stunts for multilingual - Times of India". සම්ප්‍රවේශය 27 August 2017.
  10. "S Sreesanth to star in 'Aksar 2' - Times of India". සම්ප්‍රවේශය 27 August 2017.
  11. "Zareen Khan begins 'Aksar 2' shoot". 7 July 2016. සම්ප්‍රවේශය 27 August 2017.
  12. "Zareen Khan's 'Aksar 2': Arijit Singh, Mithoon weave magic in 'Jaana Ve' song - Watch". Zee News. සම්ප්‍රවේශය 15 September 2017.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අක්සර්_2&oldid=477897" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි