වළි කුකුළා
| වළි කුකුළා (Sri Lanka Junglefowl) |
||
|---|---|---|
| Male in Yala National Park, Sri Lanka | ||
| colspan=2 style="text-align:center; border: 1px solid red; background-color:transparent " | සංරක්ෂණ තත්ත්වය | |
| විද්‍යාත්මක වර්ගීකරණය | ||
| රාජධානිය: | Animalia |
|
| වංශය: | Chordata |
|
| වර්ගය: | Aves |
|
| ගෝත්‍රය: | Galliformes |
|
| කුලය: | Phasianidae |
|
| ගණය: | Gallus |
|
| විශේෂය: | G. lafayetii |
|
| ද්විපද නාමය | ||
| Gallus lafayetii Lesson, 1831 |
||
| Range | ||
වළි කුකුළා ගම් කුකුළන්ට වඩා මඳක් කුඩා පක්‍ෂියෙකි. දිවයිනේ සියලුම කලාපවල දක්නට ලැබේ.වනාන්තර යා ලඳුකැලෑවල වාසය කරන පක්‍ෂියෙකි. වර්තමානයේ ප්‍රධාන වශයෙන් හමුවන්නේ රක්‍ෂිතයන් තුළය. දිවාකාලයේ වැඩි කොටසක් බිම ආහාර සොයමින් ගත කරන වලිකුකුළා පරීක්‍ෂානාරී කුළෑටි පක්‍ෂියෙකි. ධාන්‍ය, වල්පැළෑටි වල බීජ, කුඩා ඵල වර්ග, මංසල ශාක පත්‍ර සහ අංකුර සහ පතංගයින්, පත්තෑයින් සහ වේයන් බඳු විවිධ කුඩා සතුන් වළිකුකුළාට ආහාර වේ. කඳුකර වනාන්තර වල නිල්ලු ශාකවල පුෂ්ප හටගෙන බීජ නිපදවන කාලවලදී වළිකුකුළන් මෙන්ම හබන් කුකුළන්ද මේවා ආහාරයට ගැනීමට කඳුකර වනාන්තර වලට යති. වළිකුකුළා කුඩා කඳුකර උණ ශාක වල බීජ කෑමටද ඉතා ප්‍රිය කරයි. මේවාද බීජ නිපදවන්නේ නිල්ලු මෙන් වසර කිහිපයකට වතාවකි.
වළිකුකුළා ප්‍රධාන වශයෙන් අභිජනනය කරන්නේ දෙසැම්බර් අප්‍රේල් සහ අගෝස්තු සැප්තැම්බර් කාලවලදීය. නමුත් වසරේ අනෙක් කාලවලදීද බිත්තර දැමීමට ඉඩ තිබේ. කැදැල්ල බොහෝ විට ගසක් මුල හෝ වැටුණු කඳක් අසල බිම සූරා සාදා ගන්නා ලද නොගැඔුරු අවපතනයකි. මෙය පැළෑටි අතර සැඟවී පිහිටයි. නමුත් බොහෝ කැදලි පොළෝ මට්ටමෙන් ඉහළ ස්ථානවලද සාදනු ලැබේ. මේ කැදලි මැරුණු ගසක කඳක් මත නොහොත් එකට වෙලුණු වැල් අතර රැඳුණු රොඩු මත දක්නට ලැබේ.