හබන් කුකුළා
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| හබන් කුකුළා (Sri Lanka Spurfowl) |
||
|---|---|---|
| colspan=2 style="text-align:center; border: 1px solid red; background-color:transparent " | සංරක්ෂණ තත්ත්වය | |
| විද්‍යාත්මක වර්ගීකරණය | ||
| රාජධානිය: | Animalia |
|
| වංශය: | Chordata |
|
| වර්ගය: | Aves |
|
| ගෝත්‍රය: | Galliformes |
|
| කුලය: | Phasianidae |
|
| ගණය: | Galloperdix |
|
| විශේෂය: | G. bicalcarata |
|
| ද්විපද නාමය | ||
| Galloperdix bicalcarata (Forster, 1781) |
||
පහත රට තෙත් කලාපීය වනාන්තර වල හා කඳූකරයේ මීටර් 1800 දක්වා ඉහළටත් වියළි කලාපීය වනාන්තර වලත් වාසය කරයි. අතිශය වනවාසී,තුළෑටි,භූමිවාසී පක්‍ෂියෙකි. විවිධ බීජ වර්ග, බිම වැටුණු පළතුරු, වේයන් සහ වෙනත් කෘමීන් ආහාරයට ගනී. ආහාර සොයමින් ප්‍රබල ලෙස වනයේ බිම පහුරුගායි. හබන් කුකුළා ප්‍රමාණයෙන් අඩක් වැඩුණු ගම් කුකුළෙකු තරම්ය. නොවැම්බර්-මාර්තු සහ ජුලි-සැප්තැම්බර් කාලවලදී අභිජනනය කරන හබන් කුකුළාගේ කැදැල්ල ගලක් හෝ පඳුරක් යට බිම සූරා සාදා ගනු ලබන මඳ අවපතනයකි. මෙය තුළ සාමාන්‍යයෙන් බිත්ත්ර දෙකක් දමනු ලැබේ. කිතුල්ගල සහ සිංහරාජ වනාන්තර මෙම පක්‍ෂියා දැකගැනීමට ඇති හොඳම ප්‍රදේශයන් ලෙස වාර්ථා වී ඇත.