රන්දෙණිගල වේල්ල

විකිපීඩියා වෙතින්
රන්දෙණිගල වේල්ල
Randenigala Dam
රන්දෙණිගල වේල්ල දකුණු ඉවුරේ සිට දිස්වන අකාරය. විදුලි බලාගාරය පසෙකින් දිස්වේ.
රටශ්‍රී ලංකාව
ස්ථානයරන්ටැඹේ, මධ්‍යම පළාත
ඛණ්ඩාංක07°12′00″N 80°55′30″E / 7.20000°N 80.92500°E / 7.20000; 80.92500ඛණ්ඩාංක: 07°12′00″N 80°55′30″E / 7.20000°N 80.92500°E / 7.20000; 80.92500
අරමුණPower
තත්වයOperational
ඉදිකිරීම ඇරඹුවේනොවැම්බර් 1982 (1982-11)
විවෘතය1986 (1986)
Construction costරු. 4.898 බිලියන (1986)
Owner(s)මහවැලි අධිකාරිය
වේල්ල සහ වාන් දොරටු
වේල්ලේ වර්ගයEmbankment dam
හරස් කර ඇත්තේමහවැලි ගඟ
උස (foundation)94 m (308 ft)
දිග485 m (1,591 ft)
Elevation at crest239 m (784 ft)
පළල (crest)10 m (33 ft)
පළල (පාදම)303 m (994 ft)
වාන් දොරටු3
වාන් දොරටු වර්ගයටෙන්ටර් දොරටුව, chute
වාන් දොරටු ධාරිතාවය8,100 m3/s (290,000 cu ft/s)
ජලාශය
නමරන්දෙණිගල ජලාශය
ධාරිතාවය (Total)861,000,000 m3 (3.04×1010 cu ft)
ක්‍රියාකාරී ධාරිතාවය558,000,000 m3 (1.97×1010 cu ft)
ජලධාරකය2,330 km2 (900 sq mi)
මතුපිට ක්ෂේත්‍රඵලය1,350 ha (13.5 km2)
Operator(s)ලංවිම
ජල රෝද2 × 63 MW
ස්ථාපිත ධාරිතාවය126 MW
වාර්ෂික ජනනය428 GWh
http://www.mahawelicomplex.lk/randdam.htm

රන්දෙණිගල වේල්ල ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ පිහිටි විශාල ජල වේල්ලකි. වේල්ලේ ඉදිකිරීම් කටයුතු 1982 නොවැම්බර් මස ආරම්භ වු අතර එය සම්පුර්ණ විමට ආසන්න වශයෙන් අවුරුදු 4 ක් ගත විය. වේල්ල හා බලාගාරය ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා අතින් 1986 දි උත්සවාකාරයෙන් විවෘත විය.

වේල්ල ඉදිකිරිමේ පිරිවැය ආසන්න වශයෙන් රුපියල් බිලියන 4,898(1986) වු අතර අරමුදලෙන් 24.6% (රුපියල් බිලියන 1,207) දේශීය රජයත් ඉතිරි බහුතරය ජර්මනිය විසින්ද සපයන ලදී.

වේල්ල[සංස්කරණය]

වේල්ලේ විශාල වාන් දොරටු තුනක්.

රන්දෙණිගල වේල්ල  පිහිටා ඇත්තේ කි.මි.19 ක් (සැතපුම් 11.8) වික්ටෝරියා වේල්ලට පහළින් හා කිලෝමීටර් 2.8 (සැතපුම් 1.7) ක් රන්ටැඹේ වේල්ලට ඉහළින්ය. එය උසන් මීටර් 94 (අඩි 308) ද, දිගන් මීටර් 485(අඩි 1,591)ක්ද , ශිර්ෂ හා පාදම පිළිවෙළින් මීටර් 10 (අඩි 33)ක් සහ මීටර් 303 (අඩි 994) ක පළලකින් ද යුක්තය. මෙම වේල්ල බහුලව පාෂාණ වලින් සාදා ඇති අතර හරය මැටියෙන් සමන්විත වේ.

ඒකාබද්ධ විසර්ජන පරිමාව 8,100 m3/s (290,000 cu ft/s) වු වාන් දොරටු 3 ක් වේල්ලේ දකුණු කෙළවරේ ඉදිකර ඇත.එහි දිග 270 m (886 ft)  හා ඒකාබද්ධ පළල 48 m (157 ft) වේ.

ජලාශය[සංස්කරණය]

හරස්බැද්දෙන් ඉවතට 13km සිට දකින ජලාශය.

වේල්ල රන්දෙනිගල ජලාශය නිර්මාණය කරයි. කිලෝමීටර් 2,330 (සැතපුම් 1450) පෝෂක ප්‍රදේශයක් සහ 861.000.000 m3 මුළු ගබඩා ධාරිතාවක් සහිත රන්දෙණිගල ජලාශය මෙරට විශාලතම ජලාශ වලින් එකකි. 

ජලාශයේ වාර්ෂික වර්ෂාපතනයේ ප්‍රමාණය ආසන්න වශයෙන් 1,250–3,000 mm (49.21–118.11 in)කි. මීට අමතරව, ජලාශයට ජලය වික්ටෝරියා ජලාශයෙන් හා මහවැලි ගඟෙන් ද ලැබේ.

බලාගාරය[සංස්කරණය]

රන්දෙණිගල බලාගාරයේ විදුලි බලාගාරය

මෙම විදුලි බලාගාරය වේල්ල පහළ වම් ඉවුරේ පිහිටා ඇත. ජලාශයෙන් ජලය පිළිවෙලින් මීටර් 270 (අඩි 886) සහ මීටර් 6.2 (අඩි 20.3) ක දිගක් හා විශ්කම්භයක් සහිත තනි වානේ උමග හරහා විදුලිබලාගාරයට බෙදාහැරේ.

ඩොලී ටර්බයින දෙකක් විසින් බලය සපයන මෙගාවොට් 63 ක ධාරිතාවකින් යුත් විදුලි ජනක යන්ත්ර දෙකකින් බලාගාරය  සමන්විත වේ. මෙය පිළිවෙළින් 1986 අගෝස්තු සහ සැප්තැම්බර් වලදී විවෘත කරන ලදී. මෙගාවොට් (MW) 126 ක ඒකාබද්ධ ධාරිතාවකින් යුතු බලාගාරය වාර්ෂිකව ගිගාවොට් පැය(GWh) 428 ජනනය කරයි.

මේවාද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රන්දෙණිගල_වේල්ල&oldid=482114" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි