සමනලවැව වේල්ල

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
සමනලවැව වේල්ල
ස්ථානය බලන්ගොඩ,
 ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක 06°40′48″N 80°47′54″E / 6.68°N 80.79833°E / 6.68; 80.79833ඛණ්ඩාංක: 06°40′48″N 80°47′54″E / 6.68°N 80.79833°E / 6.68; 80.79833
ගොඩනැගීම ඇඹුනේ 1986
විවෘත කරන ලද දිනය 1992
ගොඩනැගුම් පිරිවැය ¥74,313 මිලියන
වේල්ල සහ වාන් මං
වේලි වර්ගය ගල්-පිරි වේල්ල
උස 110 m (361 ft)
දිග 530 m (1,739 ft)
රැස්කුරුව වලවේ ගඟ
වාන් මග ධාරිතාව 3,600 m3/s (130,000 cu ft/s)
ජලාශය
තනන්නේ සමනලවැව වේල්ල
ධාරිතාව 218,000,000 m3 (7.7×109 cu ft)
ධාරා ප්‍රදේශය 372 km2 (144 sq mi)
බලාගාරය
ක්‍රියාකරු(වන්) ලංකා විදුලිබල මණ්ඩලය
වර්ගය No
ටර්බයින (ජල රෝද) 2 × 62 MW
ප්‍රාප්ත ධාරිතාව 124 MW
වාර්ෂික නිෂ්පාදනය 405 GWh

සමනලවැව වේල්ල යනු ප්‍රාථමික වශයෙන් ශ්‍රී ලංකාවේ ජලවිදුලි බල නිෂ්පාදනය සඳහා භාවිතා කෙරෙන වේල්ලකි. 1992දී අධිකාරිය ලත් සමනලවැව ව්‍යාපෘතිය, රටෙහි දෙවන-විශාලතම ජලවිදුලි ව්‍යාපෘතිය වන අතර, වසරකට ශක්තිය 405 GWh ක් නිෂ්පාදනය කරයි. එය තනන ලද්දේ ජපානය සහ එක්සත් රාජධානිය වෙතින් ලද මූල්‍ය ආධාර උපයෝගී කොට ගෙනය. දකුණු ඉවුරේ හටගත් විශාල ජල කාන්දුවක් හේතුවෙන් මෙය ඉමහත් කතාබහට ලක්විය. කාන්දුව පැවතියද, ජව නිෂ්පාදනය සැලසුම් පරිදී දිගටම සිදුකෙරෙන අතර, කාන්දුවෙන් නිකුත් වන ජලය, යටි-ගං ප්‍රදේශයන්හී කෘෂිකර්ම කටයුතු සඳහා ජලාශය විසින් නිකුත් කිරීමට නියමිත ජල ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් සපයයි.

පිහිටීම[සංස්කරණය]

සමනලවැව වේල්ල පිහිටා ඇත්තේ උඩ වලවේ ද්‍රෝණියෙහිය.[1] එය තැනුවේ වලවේ ගඟ සහ බෙලිහුල් ඔය එක්‍රැස් වන දෙමෝය පිහිටි, මධ්‍යන්‍ය මුහුදු මට්ටමෙහි සිට 400 metres (1,300 ft) උසින් පිහිටි ස්ථානයකය.[2] එය පිහිටා ඇත්තේ බලන්ගොඩ නගරයට සමීපයෙහි වන අතර අගනුවර වන කොළඹ සිට 160 kilometres (99 mi) දුරින් වෙයි. ව්‍යාපෘති සරියෙහි භූමිය චූර්ණමූලක වෙයි.[3]


මෙයද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "Uda Walawe (Sri Lanka)". UNESCO. සම්ප්‍රවේශය 2009-06-27. 
  2. කුමාර, ඊ.පී.එන්. උදය; විජේරත්න, ඒ.ඩබ්. "එස්ටිමේෂන් ඔෆ් ඉකනමික් ලොස් ඩියු ටු රිඩක්ෂන් ඔෆ් පැඩි ලෑන්ඩ් ඒරියාස්: කන්ස්ට්‍රක්ෂන් ඔෆ් සමනලවැව රෙසවොයර්". ශ්‍රී ලංකාවේ භූ-තොරතුරු විද්‍යා සංගමය. සම්ප්‍රවේශය 2009-06-27.  [dead link]
  3. ලක්සිරි, එල්.බී. කමල්. "ඉන්වෙස්ටිගේෂන් ඔෆ් වෝටර් ලීකේජ් මිකැනිසම් ඉන් ද කැරිස්ටික් ඩෑම් සයිට්, සමනලවැව, ශ්‍රී ලංකා". සම්ප්‍රවේශය 2009-06-27. 
"http://si.wikipedia.org/w/index.php?title=සමනලවැව_වේල්ල&oldid=290904" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි