ලංකා විදුලිබල මණ්ඩලය

විකිපීඩියා වෙතින්

ලංකා විදුලිබල මණ්ඩලය යනු 1969 අංක 17 දරන පාර්ලි‍මේන්තු පනතින් ස්ථාපනය කරන ලද රාජ්‍යය ආයතනයකි. විදුලි බලය ජනනය කිරීම; සම්ප්‍රේශණය කිරීම සහ බෙදා හැරීම සඳහා ඒකාධිකාරී බලයක් (බොහෝ දුරට)ලැබී ඇති මෙම ආයතනය දිවයින(ශ්‍රී ලංකාව) පුරා විහිදී පවතින විශාලතම රාජ්‍ය අයතනවලින් එකකි.
මේ වන විට සේවකයින් 25000 ක් පමණ මෙහි සේවය කරනු ලබයියැයැයරයන අතර ඔවුනගෙන් අවම වැටුපක් ලබන අයකුට පවා රැ. 28000 ක මුදලක් හිමි වේ. ලාංකිකයින්ගෙන් 99%ට මේ වන විට විදුලිය රයයෙයරයයරයරරයරරලබාදී ඇති අතර ඉතිරි අය සඳහා ද ඉතා ඉක්මනින් විදුලිය සැපයීම ට අවශ්‍ය කටයුතු කරමින් පවතී.

මේ වන විට දල වශයෙන් දිනකට ඒකක 28000000 ක පරිභෝගික ඉල්ලුම සඳහා අවශ්‍ය සැපයුම ලංවිම විසින් සපයනු ලැබේ. එම ඒකකවලින් යම් ප්‍රමාණයක් පෞද්ගලික නිශ්පදකයන් විසින් සපයනු ලබන අතර එම ප්‍රමාණය හා වැස්ස අතර පරස්පර සම්බන්ධතාවයක් පවතී. පෞද්ගලික නිශ්පදකයන්ගෙන් මිලදී ගනු ලබන ඒකක සඳහා අධික මිලක් ගෙවීමට සිදුවීම නිසාත් ඉන්ධන භාවිතයෙන් විදුලිය ජනනය කිරීමේදී අධික වියදමක් දැරීමට සිදුවන නිසාත් මේ වන විට ලංවිම වෙත අධික නය බරක් පැටවී ඇත.

2009 අංක 20 දරන විදුලිබල පනත මගින් විදුලි බලය ජනනය කිරීම; සම්ප්‍රේශණය කිරීම සහ බෙදා හැරීම සඳහා නියාමන බලය මහජන උපයෝගීතා කොමිශන් සභාව වෙත පවරා ඇත. ඒ අනුව විදුලිබල මණ්ඩලය වෙතද මේ වන විට තාවකාලික බලපත්රහ නිකුත් කර ඇති අතර ඒ සඳහා අදාල අයකිරීම් මහජන උපයෝගීතා කොමිශන් සභාව වෙත ගෙවිය යුතු වේ.

මේ වන විට විදුලිබල මණ්ඩලය විසින් ව්යාාපෘති ගණනාවක් ආරම්භ කර ඇති අතර ඒවා අතරින් කීපයක් පහත දක්වා ඇත.

  • ඉහල කොත්මලේ ජල විදුලි ව්යාවපෘතිය (ජපාන ආධාර යටතේ)
  • නොරොච්චෝල ගල් අඟුරැ බලාගාරය (චීන ආධාර යටතේ)
  • ත්රිචකුණාමල ගල් අඟුරැ බලාගාරය (ඉන්දිය ආධාර යටතේ)
  • කොළඹ නගරයට විදුලිය සැපයීමේ ව්යාරපෘතිය
  • ගැමි විදුලි ව්යාිපෘතිය 4 (SIDA ආධාර යටතේ)
  • ගැමි විදුලි ව්යාිපෘතිය 7 (ඉරාන ආධාර යටතේ)
  • විදුලමු ශ්රී ලංකා ව්යාPපෘති (රත්නපුර)
  • විදුලමු ශ්රී ලංකා ව්යාPපෘති (කෑගල්ල)
  • විදුලමු ශ්රී ලංකා ව්යාPපෘති (හම්බන්තොට)
  • විදුලමු ශ්රී ලංකා ව්යාPපෘති (මොනරාගල)
  • විදුලමු ශ්රී ලංකා ව්යාPපෘති (කළුතර)
  • ත්රීලකුණාමල ඒකාබද්ද යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්යාටපෘතිය
  • Clean Energy Access Improvement Project

External links[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ලංකා_විදුලිබල_මණ්ඩලය&oldid=447250" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි