හම්බන්තොට සූර්ය විදුලි බල උද්‍යානය

විකිපීඩියා වෙතින්
හම්බන්තොට සූර්ය විදුලි බල උද්‍යානය
හම්බන්තොට සූර්ය විදුලි බල උද්‍යානය is located in ශ්‍රී ලංකාව
හම්බන්තොට සූර්ය විදුලි බල උද්‍යානය
Location of හම්බන්තොට සූර්ය විදුලි බල උද්‍යානය
රටශ්‍රී ලංකාව
පිහිටුමහම්බන්තොට
ඛණ්ඩාංක06°13′34″N 81°04′35″E / 6.22611°N 81.07639°E / 6.22611; 81.07639ඛණ්ඩාංක: 06°13′34″N 81°04′35″E / 6.22611°N 81.07639°E / 6.22611; 81.07639
තත්ත්වයසක්‍රීය
අධිකාරී දිනයඅගෝස්තු 2012 (2012-08)
ගොඩනැගුම් පිරිවැයශ්‍රී ලංකා රුපියල් බිලියන 1.8294
අයිතිකරු(වන්)SLSEA

හම්බන්තොට සූර්ය විදුලි බල උද්‍යානය (බුරුතකන්ද විදුලි බල උද්‍යානය) ශ්‍රී ලංකාවේ ඉදිකල පළමු වාණිජ මට්ටමේ සූර්ය විදුලි බල උද්‍යානයකි. විදුලි බල උද්‍යානයේ හිමිකාරීත්වය සහ එහි මෙහෙයුම් කටයුතු සිදුකරන්නේ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසිනි.[1]

විදුලි බල උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු අදියර දෙකකින් නිමකිරීම සැලැස්ම වූ අතර, පළමු අදියරේදී කිලෝවොට් 737 විදුලි ජනන ධාරිතාවකුත්, දෙවන අදියරේදී කිලෝවොට් 500 ක විදුලි ජනන ධාරිතාවකුත් එක් කිරීමට නියමිතව තිබුණි.[2][3] එහි පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු සඳහා ජපන් රජයත්, දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු සඳහා කොරියන් රජයත්, ආධාර ලබාදීමට නියමිතව තිබූ බව සඳහන්ය.[4]

මෙම සමස්ථ විදුලි බල උද්‍යානයෙන් කිලෝවොට් 1,237 ක විද්‍යුත් ජනනයක් සිදුකරන අතර, වාර්ෂිකව ගිගාවොට් 1.7 විදුලි උත්පාදනයක් සිදු කරයි.[2] උත්පාදනය කෙරෙන විද්‍යුතය, ලංකා විදුලිබල මණ්ඩලය විසින් මිලදී ගනු ලබන අතර, ඉන් ලැබෙන ආදායම මගින් ග්‍රාමීය ප්‍රදේශ වල විදුලි බල අවශ්‍යතාවය සැපිරීම සිදු කරනු ලැබේ.[1]

මේවාද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 "සොලර් ට්‍රයි" (English බසින්). ලංකා බිස්නස් ඔන්ලයින්. ජනවාරි 2010. සම්ප්‍රවේශය 19 මැයි 2011.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  2. 2.0 2.1 "සෝලර් පවර් ටු බී ඇඩඩ් ටු නැෂනල් ග්‍රිඩ් බයි ඒප්‍රිල්" (English බසින්). පෙබරවාරි 2011. සම්ප්‍රවේශය 19 මැයි 2011.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  3. Waidyasekera, Raja (අප්‍රියෙල් 2011). "සොලර් පවර් ප්‍රොජෙක්ට් ෆෝ තිස්සමහාරාම". Daily News (English බසින්). සම්ප්‍රවේශය 19 මැයි 2011.{{cite news}}: CS1 maint: unrecognized language (link)
  4. "සෝලර් පවර් පාක් ටු බී සෙටප් ඉන් හම්බන්තොට විත් ජැපනීස් ඇන්ඩ් කොරියන් ඒඩ්" (English බසින්). පෙබරවාරි 2011. සම්ප්‍රවේශය 19 මැයි 2011.{{cite web}}: CS1 maint: unrecognized language (link)