මානව හෘදය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
කාය ව්‍යවච්ඡේදය පිළිබඳව විස්තර අන්තර්ගත “ග්‍රේස් ඇනටමි” නම් කෘතියෙහි අතීත මුද්‍රණයක ඇති හෘදයෙහි හා පෙනහළුවල ඡායාරූපයක්

හදවත හෙවත් හෘදය යනු සියළුම පෘෂ්ඨවංශිකයන් සතුව ඇති රිද්මයානුකූල සං‍කෝචනය මගින් රුධිර වාහිනී හරහා සිරුර පුරා රුධිරය පොම්ප කරන මාංශ පේශීන්ගෙන් සැදුම් ලත් අවයවයකි. මිනිස් හෘදයේ රිද්මයානුකූල සංකෝචනය හා සමාන අකෘතියක් ගැඩිවිලුන් , මෘද්වංශිකයන් සහ ආත්‍රපෝඩාවන්ට ඇත.

වදනේ සම්භවය[සංස්කරණය]

ඉංග්‍රීසියෙන් “කාඩියැක්” (Cardiac) යන වදන හෘදය හා සම්බන්ධ යන අරුත් දෙන ග්‍රීක වදනින් බිදී ආවකි.

සිරුර තුල පිහිටීම[සංස්කරණය]

වසර අවු. 64ක් වයසැති මියගිය පිරිමියෙකුගේ සිරුරෙන් ඉවත්කල හෘදයක්

උරස් කුහරයේ පෙනහළු දෙක අතර වම්පසට බරව අන්නස්‍රෝතයට හා ශ්වාසනාලයට ඉදිරියෙන්, උරෝස්ථිය හා පර්ශුවලට පිටුපසින් පිහිටා ඇත. හෘදය වස්තුව වම්පසට බරව පිහිටා ඇත්තේ සිරුර පුරා රුධිර පොම්පකර හරින ශක්තිමත් වම් පෙනහැල්ල දකුණු පෙනහැල්ලට වඩා කුඩාවට පිහිටා ඇත. හෘද පරිතන්තුව නමින් හැඳින්වෙන මල්ලක් වැනි කොටසක් මගින් හෘදය පිටතින් ආවරණය වී ඇත. හෘද පරිතන්තුව පෙනහළු මගින් වටවී ඇති.

ව්‍යුහය[සංස්කරණය]

පෘෂ්ඨ වංශිකයන්ගේ හෘදය වස්තුව නිර්මාණය වී ඇති හෘද පේශී හෘදයටම පමණක් සීමා වු අනිච්ඡානුග පේශි විශේෂයක් වන හෘත් පේශි මගිනි. හෘද පරිතන්තුව ප්‍රධන වශයෙන් කොටස් දෙකකි. තන්තුමය හෘද ප‍රිතන්තුව ඝන තන්තුමය සන්දාරක පටකවලින් සෑදී ඇත. හෘදය සංකෝචනය වීමේදී ඇතිවන ඝර්ෂණ බල අවම කර ගැනීම සදහා පටල දෙකකින් යුක්ත ඒ අතර තරලමය ද්‍රව්‍යයෙන් පිරුණු තරලමය හෘද පරිතන්තුව ඇත. උරස් කුහරය තුළ හෘදය වස්තුව පිහිටා ඇති කුහරය mediastinum නමින් හැඳින්වේ

හෘදය වස්තුවේ අග්‍රය යනු එහි පහලට හා වම්පසට බරව පිහිටා ඇති මොට වු ස්ථානයකි. මෙම ස්ථානයට කෙලින්ම වෙද නලාවක් තබා හෘද ස්පන්දන වාර ගණන ගණන් කළ හැකිය. මෙය වම් අකු ඇ‍ටයෙහි මධ්‍ය රේඛාවේ පස්වන හා හයවන පර්ශු අතර ඇති අවකාශයට කෙළින්ම පිටුපසට වන්නට පිහිට ඇත. නිරෝගී පුද්ලයෙකුගේ හෘදය වස්තුව ග්‍රෑම් 250 – 300 අතර වන අතර එය තමාගේ මිට මොළවන ලද අතක ප්‍රමාණයේ[1] පමණ වේ. නමුත් හෘදය වස්තුව කුටීර 4කින් යුක්ත වේ. ඉහලින් පිහිටා ඇති කර්ණිකා දෙකක් සහ ඊට පහලින් අනිකුත් කුටීර දෙක වන කෝෂිකා දෙක පිහිටා ඇත.

ක්‍රියාකාරීත්වය[සංස්කරණය]

පේශි ජන්‍ය සංකෝචන වේ. සාමාන්‍ය පුදගලයෙකුගේ හෘද ස්පන්දන වේගය මිනිත්තුවට වාර 72 ක් පමණ වන අතර වසර 66ක්වු ජීවිත කාලයක් ඇතුළත එය ආසන්න වශයෙන් බිලියන 2.5ක් වාරයක් ස්පන්දනය වේ. මස්තිශ්ක අර්ධගෝලවල හා හයිපොතැලමසේ උත්තේජ, රුධිරයේ pH අගය, O2 හා CO2 සාන්ද්‍රණය මත ස්පන්දන වේගය තීරණය වේ. මේ සඳහා සුෂුම්නා ශීර්ෂකයේ පිහිටි හෘත් සනාල පාලක මධ්‍යස්ථානය දායක වේ. ස්වයං සාධක ස්නායු පද්ධතියේ අනුවේගී හා ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධති මගින් ද හෘත් ස්පන්දන තීරණය කරයි. හදිසි අවස්ථාවන්ට දේහය සූදානම් කරන අනුවේගී ස්නායු පද්ධතිය මගින් හෘදයේ ස්පන්දන වේගය වැඩි කරන අතර ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය මගින් එය පහත හෙලයි.

හෘද රෝග[සංස්කරණය]

ඩෙක්ස්ට්‍රොකාඩියා[සංස්කරණය]

ඇතැම් විට උපතින්ම හදවත දකුණු පසට බරව පිහිටන අතර වෛද්‍යවේදයේදී එය ලතින් බසින් “ඩෙක්ස්ට්‍රොකාඩියා” නමින් හැදින්වේ.

ඇතැම් රෝගී හදවත් රෝග වලදී හෘත් පේශීවල අධිතර්පනයක් සිදුවන නිසා එහි බර ග්‍රෑම් 1000ක් හෝ ඊටත් වඩා ඉක්මවිය හැකිය.

ආශ්‍රිත[සංස්කරණය]

  1. ක්‍රියාකාරී සත්ත්වයා II. සතුන් තුළ පරිවහනය: ගොඩගේ. 2004. p. 87. 
"http://si.wikipedia.org/w/index.php?title=මානව_හෘදය&oldid=267886" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි