රුධිරය
රුධිරය යනු රුධිර ෙසෙල, රුධිර ප්ලාස්මය නමින් හදුන්වන දියරමය ආකාරයක් තුල ගිලී පවතින විශේෂිත ශරීර තරලයකි. ජීව විදයාත්මකව සම්බන්ධක පටක වලට අයත්වේ. ශරීර තරලයන්ගෙන් 55% රුධිර ප්ලාස්මය වන අතර එහි අන්තර්ගතය 90% ම ජලයයි, ඉතිරිය එහි දියවූ ප්රොටින, ග්ලූකෝස්, ඛණිජ ලවන, හෝමෝන, කාබන් ඩයොක්සයිඩ්, පට්ටිකා සහ රුධිර ෙසෙල යනාදිය වේ. (රුධිර ප්ලාස්මය, බහිශ්රාවීය ඵල ප්රවාහනය කරන ප්රධානතම මාධය වේ,) රුධිර ෙසෙල, රතු රුධිරාණු හා සුදු රුධිරාණු වලින් සමන්විත වේ. [1]
රුධිරය, රුධිර නාලිකා ඔස්සේ ශරීරය පුරා සංසරණය වේ. මෙය සිදුවන්නේ හෘදය මගින් සිදුකරන පොම්ප කිරීමේ ක්‍රියාවලියක් මගිනි. ධමනි, ඔක්ෂිජනීකෘත රුධිරය ශරීර පටක වෙත රැගෙන යන අතර, ශිරා, කාබන් ඩයොක්සයිඩ් සහිත රුධිරය පෙනහලු වෙත ගෙන යෑම සිදු කරයි.
පටුන |
ක්‍රියාකාරිත්වය [සංස්කරණය]
රුධිරය පහත දැක්වෙන වැදගත් ක්‍රියාවන්ට දායක වේ:
- පටක වලට ඔක්ෂිජන් සැපයීම (රතු රුධිරාණු සමග බැදී ඇති හිමොග්ලොබින් මගින්)
- ග්ලූකේස්, ඇමයිනෝ අම්ල හා මේද අම්ල වැනි පෝෂක සැපයීම
- කාබන් ඩයොක්සයිඩ්, යූරියා සහ ලැක්ටික් අම්ලය වැනි අප ද්‍රව්‍ය බැහැර කිරීම.
- ප්‍රතිදේහ මගින් ආගන්තුක ද්‍රව්‍ය හදුනා ගැනීම හා සුදු රුධිරාණු සංසරණය කරමින් ඒවා භක්ෂණය මගින් ප්‍රතිශක්තිය රදවා ගැනීම.
- කැටිගැසීම මගින්, සිදුරු වූ රුධිර වාහිනී ඔස්සේ අඛණ්ඩව රුධිරය ගලා යෑම නවතාලීම.
- දූත මෙහෙවර, හෝමෝන ප්‍රවාහණය හා සංකූලතා සහිත පටක සම්බන්ධයෙන් සංඥා කිරීම.
- ශරීරයේ නියත pH අගය පවත්වා ගැනීමට ආධාර වීම (ශරීරයේ සාමාන්‍ය රුධිර pH අගය පරාසය 7.35 - 7.45)
- ශරීර උෂ්ණත්වය නියතව පවත්වා ගැනීම
See also [සංස්කරණය]
- Blood donation
- Blood substitutes ("Artificial blood")
- List of human blood components
- Blood as food: see black pudding and tiết canh
- Taboo food and drink: Blood
- Haemophobia
- Medical technologist
- Autotransfusion
References [සංස්කරණය]
- ↑ Maton, Anthea; Jean Hopkins, Charles William McLaughlin, Susan Johnson, Maryanna Quon Warner, David LaHart, Jill D. Wright (1993). Human Biology and Health. Englewood Cliffs, New Jersey, USA: Prentice Hall. ISBN 0-13-981176-1.
External links [සංස්කරණය]
| Look up රුධිරය in Wiktionary, the free dictionary. |
| විකිමාධ්‍ය කොමන්ස් වෙත මෙය ආශ්රිත මාධ්‍ය සතු වෙයි: Blood |
සැකිල්ල:Blood සැකිල්ල:Cardiovascular system සැකිල්ල:Transfusion medicine