ඇරිස්ටෝටල්
| Western philosophy Ancient philosophy |
|
|---|---|
Marble bust of Aristotle. Roman copy after a Greek bronze original by Lysippus c. 330 BC. The alabaster mantle is modern |
|
| සම්පූර්ණ නම | ඇරිස්ටෝටල් Ἀριστοτέλης, Aristotélēs |
| උපත | ක්‍රි.පූ. 384 ස්ටැපේයිරා, චැල්සියඩිස් |
| මරණය | ක්‍රි.පූ. 322 (age 61 or 62) යුබෝයා |
| පාසල/ජනශ්‍රැතිය | ජංගම පාසල් සංස්කෘතිය ඇරිස්ටෝටලියානු ගුරු පෙළපත |
| ප්‍රධාන ලැදිකම් | Physics, Metaphysics, Poetry, Theatre, Music, Rhetoric, දේශපාලනය, Government, ආචාර ධර්ම විද්‍යාව, ජීව විද්‍යාව, Zoology |
| සංගණ්‍ය අදහස් | රන්මය මධ්‍යන්‍යය, හේතු වාදය, තර්ක ශාස්ත්‍රය, Syllogism, Passion |
| බලපෑම් ලැබුවේ මොවුන්ගෙනි | පාමෙනිඩේස්, සොක්‍රටීස්, ප්ලේටෝ, හෙරැක්ලිටස්, Democritus |
| බලපෑමට ලක්වූවෝ | Virtually all Western philosophy after his works, මහා ඇලෙක්සැන්ඩර් රජු, ඇවිසෙන්නා, ඇවිරෝස්, මේමොනිඩේස්, ඇල්බර්ටස් මැග්නස්, තෝමස් ඇක්වයිනාස්, Duns Scotus, ටොලමි, කොපර්නිකස්, ගැලීලියෝ ගැලිලි, and most of Islamic philosophy, Jewish philosophy, Christian philosophy, science and more.... |
ග්‍රීක දාර්ශනිකයෙකු වූ ඇරිස්ටෝටල් ප්ලේටෝගේ ශිෂ්‍යයකු වූ අතර මහා ඇලෙක්සැන්ඩර් රජුගේ ගුරුවරයා ද විය. ඇරිස්ටෝටල් බොහෝ විෂය ක්ෂේත්‍රයන්ට අදාල ශාස්ත්‍රීය ග්‍රන්ථ පළ කළේය. එම විෂය ක්ෂේත්‍රයන් අතරට , භෞතික විද්‍යාව, අධ්‍යාත්ම විද්‍යාව , ගද්‍ය රචනා , නාට්‍ය හා රංග කළාව , සංගීතය , තර්ක ශාස්ත්‍රය , ව්‍යක්ත කථනය දේශපාලන විද්‍යාව , රාජ්‍ය පාලනය , ආචාර ධර්ම විද්‍යාව , ජීව විද්‍යාව හා සත්ව විද්‍යාවද අයත්ය.
බටහිර දර්ශනවාදයේ පියවරු ලෙස ඇරිස්ටෝටල්, ප්ලේටෝ හා සොක්‍රටීස් සැලකේ. අධ්‍යාත්ම විද්‍යාව, දේශපාලනය, තර්ක ශාස්ත්‍රය, සෞන්දර්ය විද්‍යාව සහ සදාචාරය යන කොටස්වලින් සමන්විත පූර්ණ සහ ක්‍රමානුකූල දර්ශනවාදයක් මුල්වරට හදුන්වාදීමේ ගෞරවය ඇරිස්ටෝටල්ට හිමි වේ. ස්වභාව විද්‍යා ක්ෂේත්‍ර පිළිබද ඇරිස්ටෝටල් පළ කළ මතවාද මධ්‍යතන යුගවලදී අධ්‍යාපනික ක්‍රමවේදයන්හි මූලික පදනම වූ අතර ඔහුගේ මතවාදවල බලපෑම නූතන භෞතික විද්‍යාව මගින් ප්‍රතිස්ථාපනය වන තෙක්ම විද්‍යාත්මක පුනරුදය ඇති වූ කාල සීමාවට ද සෘජුව බලපෑම් කළේය. ඇරිස්ටෝටල් විසින් ජීව විද්‍යාව අළලා පළ කළ සමහර අදහස් සත්‍ය බව ඔප්පු කිරීම සිදුවූයේ 19 වැනි සියවසේ දී වේ. ඇරිස්ටෝටල්ගේ ග්‍රන්ථයන් අතර දැනට හදුනාගෙන ඇති ප්‍රථම ක්‍රමානුකූල තර්ක ශාස්ත්‍ර අධ්‍යයනයන් ද පවතින අතර ඔහුගේ එම අධ්‍යයනයන් මගින් හෙළි වූ කරුණු 19 වැනි සියවස අගභාගයේ දී නූතන ක්‍රමානුකූල තර්ක ශාස්ත්‍රය හා මුහුකර ගන්නා ලදී. යුදෙව් හා ඉස්ලාමික සංස්කෘතියෙහි ආගමික හා දාර්ශනික චින්තනයට ඇරිස්ටෝටලියානු අධ්‍යාත්ම විද්‍යාත්මක මතවාද මගින් මධ්‍යතන යුගයේ දී එල්ල වූ බලපෑම අති විශාල වේ. වර්තමානයේ පවා ක්‍රිස්තියානු ආගමික මතවාද , විශේෂයෙන්ම පෙරදිග සත්‍ය ලබ්ධික ආගමික මතවාද සහ රෝමානු කතෝලික ඉගැන්වීම් ක්‍රමවේදයන්ට ඇරිස්ටෝටල්ගේ මතවාද බලපෑම් කරනු දැකිය හැකිය. ඇරිස්ටෝටල් චින්තනයේ සියලු පැතිකඩවල් වර්තමානයේ පවා ක්‍රියාකාරී ශාස්ත්‍රීය අධ්‍යයනයන්ට භාජනය කෙරෙමින් පවතී.
ශාස්ත්‍රීය ග්‍රන්ථ හා සම්භාෂණ රාශියක් පළ කළ ද වර්තමානයේ ඇරිස්ටෝටල්ගේ ග්‍රන්ථවලින් ඉතිරිව ඇත්තේ 1/3 ක ප්‍රමාණයක් පමණක් බව විශ්වාස කෙරේ. වරක් සිසෙරෝ විසින් ඇරිස්ටෝටල්ගේ ග්‍රන්ථයන් හා සාහිත්‍ය ක්‍රමය රත්‍රන් ගංඟාවකට උපමා කරන ලදී.