විසිතුන්වන ජුවාම් පාප්වහන්සේ
Appearance
ශුද්ධවර පාප්වහන්සේ විසිතුන්වන ජුවාම් පාප්වහන්සේ | |
---|---|
Installed | 28 ඔක්තොම්බර් 1958 |
Term ended | 3 ජූනි 1963 (වර්ෂ | 4, දින 218)
පූර්වප්‍රාප්තිකයා | දොළොස්වන පියුස් |
අනුප්‍රාප්තිකයා | හයවන පාවුළු |
Personal details | |
Birth name | ඇන්ජලෝ ගියුසෙප්පේ රොන්කාලි |
Born | 25 නොවැම්බර් 1881 |
Died | 3 June 1963 | (වයස 81)
Sainthood | |
Beatified | 3 සැප්තැම්බර් 2000 by දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ |
Other popes named ජුවාම් |
ශුද්ධවූ විසිතුන්වන ජුවාම් පාප්වහන්සේ (ලතින්: Ioannes PP. XXIII; ඉතාලි: Giovanni XXIII), උපතේදී නම ඇන්ජලෝ ගියුසෙප්පේ රොන්කාලි (25 නොවැම්බර් 1881 – 3 ජූනි 1963), එතුමා භාග්‍යවන්ත භාවයට එසවීමෙන් අනතුරුව භාග්‍යවන්ත විසිතුන්වන ජුවාම් ලෙසින් හැඳින්වුනු, කතෝලික සභාවෙහි 261වන පාප්වහන්සේ ලෙසින් සහ වතිකානු පුරයෙහි බලධාරියා ලෙසින්1958 ඔක්තොම්බර් 28 දිනදී තෝරා පත් කර ගන්නා ලදි.
එතුමා විසින් දෙවන වතිකානු මන්ත්‍රණ සභාව (1962–1965) කැඳවනු ලැබුවද, එතුමාගේ අවසාන විශ්ව-ලේඛනය වූ [Pacem in Terris] Error: {{Lang}}: text has italic markup (help) නිකුත් කොට දෙමසකට අනතුරුව, 1963 ජුනි 3 වන දිනදී මිය යාම නිසාවෙන්, එහි නිමාව දැකීමට නොහැකි විය. 2000 සැප්තැම්බර් 3 වන දිනදී, නවවන පියුස් පාප්වහන්සේ හා සමගින් එතුමා භාග්‍යවන්ත භාවයට ඔසවන ලදි.