"මහජන සෞඛ්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: sq:Shëndeti publik
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: sl:Javno zdravje
39 පේළිය: 39 පේළිය:
[[sh:Zdravstvo]]
[[sh:Zdravstvo]]
[[simple:Public health]]
[[simple:Public health]]
[[sl:Javno zdravje]]
[[sq:Shëndeti publik]]
[[sq:Shëndeti publik]]
[[sr:Здравство]]
[[sr:Здравство]]

18:27, 14 අගෝස්තු 2012 තෙක් සංශෝධනය

මහජන සෞඛ්‍ය යනු ප්‍රජාවෙහි සෞඛ්‍ය පිළිබදව ඇති අවධානම් තත්වය කළමණාකාරිත්වය පිළිබදව අධ්‍යයනය කිරීම සහ පුහුණු කිරීම. මෙම ක්ෂේත්‍රය මගින් රෝග සහ ශාරීරික සෞඛ්‍ය පිළිබදව සමාජයෙන් ඇති කරන බලපෑම පිළිබදව විශේෂ අවධානය යොමු කරයි. මෙමගින් එන්නත්කරණය , පානීය ජලය ක්ලෝරිනීකරණය, රථවාහනවල ගමන් කිරීමේ දී ආරක්ෂක පටි පැලදීම සහ දුම්පානයෙන් වැළකීම සදහා නීති ඇති කිරීම වැනි ක්‍රමෝපායන් මගින් සමාජයෙහි සෞඛ්‍ය තත්වය වැඩි දියුණු කර ගැනීම සදහා අවධානය යොමු කරයි.

මහජන සෞඛ්‍යයෙහි ඉලක්කය වනුයේ රෝග සදහා ප්‍රතිකාර කිරීම හා වළක්වා ගැනීම මගින් ජීවිතවල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෞඛ්‍ය පිළිබදව සිදුකරන ලද නිර්වචනයකට අනුව සෞඛ්‍ය යනු “පුර්ණ ශාරීරික, මානසික සහ සමාජීය සුවතාවක් ඇති කරන තත්වයක් වන අතර එය රෝගයක් හෝ දුබලතාවයක් නොමැතිකම ම නොවේ.” 1920 දී C.E.A Winslow විස්තර කළ අන්දමට මහජන සෞඛ්‍ය යනු “සමාජයෙහි, සංවිධානවල, පොදු සහ පෞද්ගලික අංශවල, ප්‍රජාවන්හි හා තනි පුද්ගලයන්ගේ සංවිධානාත්මක ශක්තිය සහ තෝරා ගැනීම මගින් රෝග වළක්වා ගැනීමේ , දිර්ඝායුෂ ලබාගැනීමේ සහ සෞඛ්‍ය වැඩි දියුණු කරගැනීමේ විද්‍යාවක් සහ කලාවකි.”

මහජන සෞඛ්‍ය සදහා යොදා ගන්නා ක්‍රියාකාරකම් මිනිසුන් කීපයක් සදහා හෝ සියළුම මානව ජනගහනය සදහා සිදුකළ හැකිය. මහජන සෞඛ්‍ය වසංගතවේදය, ජෛව සංඛ්‍යානය , සෞඛ්‍ය සේවය, අවට පරිසරය, වෘත්තීමය සෞඛ්‍ය සහ සමාජීය හා චර්යාත්මක ලෙසට උපක්ෂේත්‍රයන්වලට‍ මූලික වශයෙන් බෙදා වෙන්කළ හැකිය.


"https://si.wikipedia.org/w/index.php?title=මහජන_සෞඛ්‍යය&oldid=222198" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි