බිමල් ජයකොඩි
බිමල් ජයකොඩි Bimal Jayakody | |
---|---|
උපත | ජයකොඩිගේ දෝන ධනුක බිමල් ජයකොඩි 21 ජූනි 1978 (age 45) |
රැකියාව | නළුවා, ගායකයා |
සක්‍රීය වසර | 2000–වර්තමාන |
කලත්‍රයා(යන්) | සුජානි මේනකා (m. 2007)[1] |
ඥාතීන් | ගීතා කාන්ති ජයකොඩි (නැන්දා) රත්න ලාලනී ජයකොඩි (නැන්දා) සම්පත් තෙන්නකෝන් (මාමා) පබෝදා සංදීපනී (ඥාති සහෝදරිය) |
ජයකොඩිගේ දෝන ධනුක බිමල් ජයකොඩි (උපත: ජුනි 21),[2] ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි. ඉතා බහුවිධ නළුවෙකු වන ජයකොඩි බොහෝ නාට්‍යමය චරිත සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර චිත්‍රපට උළෙලවල සම්මාන නාමයෝජනා සඳහා බොහෝ අවස්ථාවල ලක්විය.[3][4][5]
Personal life
ජයකොඩි පවුලේ වැඩිමලා ලෙස උපත ලැබූ අතර, ඔහුගේ පියා ප්‍රාදේශීය දේශපාලනඥයකු මෙන්ම නළුවකු ද වේ. ඔහුගේ සහෝදරයා සංගීතඥයෙක්. ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය සහ චිත්‍රපට නිළියක් ද වන ඔහුගේ බිරිඳ සුජානි මේනකා ඔහුට මුණගැසුණේ 2000 වසරේ “රම්‍යා සුරම්‍යා” ටෙලි නාට්‍යයේදීය.[6] They married in 2007
ඔහුගේ පියාගේ සහෝදරියන් දෙදෙනා - ගීතා කාන්ති ජයකොඩි සහ රත්න ලාලනී ජයකොඩි ද ශ්‍රී ලාංකේය සිනමාවේ, රංග කලාවේ සහ රූපවාහිනියේ සම්මානනීය නිළියන් වේ. ජනප්‍රිය නිළි පබෝදා සංදීපනී ගීතා කාන්තිගේ දියණියයි.[7] රත්න ලාලනී විවාහ වී සිටියේ නළුවෙකු වන සම්පත් තෙන්නකෝන් සමඟයි.[8]
පෞද්ගලික ජීවිතය
ජයකොඩි ප්‍රධාන වශයෙන්ම රූපවාහිනී නළුවෙකි, ඔහු විවිධ මාදිලියේ රූපවාහිනී කතාමාලා රාශියකට දායක විය.[9] රූපවාහිනිය හැරුණු විට ඔහු "අපහු එන්න බා" වැනි වේදිකා නාට්‍ය කිහිපයක ද රඟපෑවේය.[10]
ජයකොඩි සිය සිනමා දිවිය ආරම්භ කළේ 2006 වසරේදී සුළු චරිතයක් වුවද "අලි පැටියෝ ඔයයි මමයි" චිත්‍රපටියෙනි.[11] ඉන් පසුව ඔහු සිනමාවේ ‘‘සංක්‍රාන්ති’’,[12] ‘‘ගාමණී’’,[13] ‘‘අබා’’, ‘‘සිරි පැරකුම්’’, ‘‘සක්කරං’’ වැනි අවස්ථා රැසක ප‍්‍රමුඛ සහ විචාරක පැසසුමට ලක්වූ චරිත රාශියක රඟපෑවේය. 2008 දී ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් චිත්‍රපටය වන "හෙටවත් මත ආදරය කරන්න" හි රඟපෑවේය. මෙම චිත්‍රපටය 2008 පෙබරවාරි 14 වැලන්ටයින් දිනයේ Dialog Television හි Citi Hitz Satellite චිත්‍රපට නාලිකාව හරහා විකාශය විය.[14]
ගායන දිවිය
ජයකොඩි 2014 දී ඔහුගේ පළමු ගීතය "ඔබ ආයේ දවස" නිකුත් කළේය.[15]
චිත්‍රපටකරණය
වසර | චිත්‍රපටිය | චරිතය | කරුණු |
---|---|---|---|
2006 | අලි පැටියෝ ඔයයි මමයි | ||
2007 | සංක්‍රාන්ති | ||
2008 | අබා | ||
2008 | පුතුනි හඹා ගියා' | ||
2009 | පායා එන්න හිරුසේ | ||
2010 | ඉර හඳ ඉල්ලා | ||
2010 | ස්තූතියි නැවත එන්න | ||
2010 | බඹර වලල්ල | ||
2011 | මහින්දාගමනය | දික්කඳ සෙනවි | |
2014 | සිරි පැරකුම් | ||
2015 | ඇඩ්‍රස් නෑ | පොලිස් පරීක්ෂක | |
2016 | සක්කාරං | සුභේ | |
2016 | ආදරණීය කතාවක් | උවිඳු |
ටෙලිනාට්‍යය
- අමා
- ආලියා
- ඇහිපිල්ලමක් යට
- තබපාට හැන්දෑව
- දෙගං මැදියාව
- පබළු
- පැනි කුරුල්ලෝ
- මිහිඳුම් සෙවණැලි
- යකඩ දෝලී
- රම්‍ය සුරම්‍ය
- රැල්ල වෙරලට ආදරෙයි
- වරාමලී
- විසුවියස් කදු පාමුල
- සත් පතිනි
- සිතින් සියවර
- සී රජ
- හුස්ම සහ ඔක්සිජන්
සම්මාන
ඔහු 2012 වසරේ රයිගම් ටෙලීස් හි හොඳම නළුවාට හිමි සම්මානය "සැනකෙළියයි මායා" චිත්‍රපටයේ රංගනය උදෙසා දිනා ගන්නා ලදි.[16] ඔහු දේශීය වේදිකා නාට්‍ය උළෙලවල් සහ රූපවාහිනී උත්සවවලදී සම්මාන කිහිපයකදී හොඳම සහය නළුවා සඳහා ද නිර්දේශ වී ඇත.
රයිගම් ටෙලීස්
වර්ෂය | නිර්දේශිත පුද්ගලයා/කෘතිය | සම්මානය | ප්‍රතිඵලය |
---|---|---|---|
2012 | සෙනකෙලියයි මායා | හොඳම නළුවා | දිනාගති |
References
- ^ "Chat with Sujani". Sarasaviya. 31 අගෝස්තු 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 නොවැම්බර් 2017.
- ^ "Need good understanding for better family life". Hiru FM. සම්ප්‍රවේශය 24 මාර්තු 2017.
- ^ "Bimal Jayakodi NFC". National Film Corporation. සම්ප්‍රවේශය 24 මාර්තු 2017.
- ^ "Air Flash at Iranamadu". Sri Lanka Air Force. සම්ප්‍රවේශය 24 මාර්තු 2017.
- ^ "Nominated Popular Film Actress 2014". Hiru Golden Film Awards. සම්ප්‍රවේශය 24 මාර්තු 2017.
- ^ "නිවැරදිම තීරණේ විවාහය – Chat With Bimal Jayakodi". Gossip Lanka. සම්ප්‍රවේශය 24 මාර්තු 2017.
- ^ "Pabodha : 'I'll quit after marriage'". Sunday Times. සම්ප්‍රවේශය 25 අප්‍රේල් 2019.
- ^ "My drama school was the SLBC". methinksatnation. 12 දෙසැම්බර් 2013. සම්ප්‍රවේශය 25 අප්‍රේල් 2019.
- ^ "මම සුජානිට රගපාන්න එපා කිව්වේ නෑ – Bimal Jayakody". Gossip Lanka. සම්ප්‍රවේශය 24 මාර්තු 2017.
- ^ "NO RETURN "APAHU HARENNA BA"". Youth Create. 24 මාර්තු 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 මාර්තු 2017.
- ^ "BIMAL JAYAKODI". Cinema.lk. සම්ප්‍රවේශය 24 මාර්තු 2017.
- ^ "The Tender Trap (Sankranthi) Room for maturity". The Sunday Observer. සම්ප්‍රවේශය 24 මාර්තු 2017.
- ^ "Rear Admiral (Dr) Sarath Weerasekera's debut cinema creation 'GAMANI' in cinemas island-wide". Ada Derana. සම්ප්‍රවේශය 25 පෙබරවාරි 2017.
- ^ "Lanka's first digital film on show". Sunday Times. සම්ප්‍රවේශය 12 දෙසැම්බර් 2019.
- ^ "Oba Aye Dawasaka". Hiru FM. සම්ප්‍රවේශය 24 මාර්තු 2017.
- ^ "Raigam Tele'es 2011 award winners". Sarasaviya. 12 සැප්තැම්බර් 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 ජූලි 2019.
External links
- සුජානි එක්ක, එක වහලක් යටට ආ දින
- ලබන අවුරුද්දේ තුන්වැනියෙක් බලාපොරොත්තු වෙනවා සංරක්ෂණය කළ පිටපත 11 නොවැම්බර් 2020 at the Wayback Machine
- දස වසක් සපිරෙන බිමල් – සුජානි ආදර කතාවේ රහස සංරක්ෂණය කළ පිටපත 31 ජනවාරි 2020 at the Wayback Machine
මූලාශ්‍ර
අවවාදයයි: "ජයකොඩි, බිමල්" පෙරනිමි සුබෙදුම් යතුර විසින් පූර්ව පෙරනිමි සුබෙදුම් යතුර වූ "Jayakody, Bimal" අතික්‍රමණය කරයි.