දේශපාලන සංස්කෘතිය

විකිපීඩියා වෙතින්

දේශපාලන සංස්කෘතිය යනු රටවැසියන්ගේ දේශපාලන හැඩ ගැස්ම,දේශපාලන ‍නෛතික භාවය පිළිබදව ඔවුන්ගේ හැඩ ගැස්ම,දේශපාලන ක්‍රියාවලියේ සම්ප්‍රදායන් සහ දේශපාලන සමාජයක් ගොඩනැගීම සඳහා තෝරා පත් කරගත් පුද්ගලයන්ගේ අදහස් ය.

දේශපාලන සංස්කෘතිය යනු කුමක්ද? එය රාජ්‍යය, දේශපාලන හා ආර්ථික කටයුතු කර ගෙන යාම පිළිබද විශ්වාස පද්ධතයකින් සමන්විත වූ විශේෂ රටාගත දේශපාලන දර්ශනයකි.දේශපාලන සංස්කෘතිය,ජාතීන්ට,රාජ්‍යයන්ට සහ වෙනත් කණ්ඩායම්වලට අනන්‍ය දේශපාලන වෙනසකට රාමුවක් සකසයි. දේශපාලන සංස්කෘතිය දේශපාලන මත වාදයෙන් වෙනස් වේ. පුද්ගලයන්ට මතවාදයකට විරුද්ධ වීමෙන් දේශපාලන සංස්කෘතියක් බෙදා හදා ගැනීමට හැක.එහෙත් සමහර මතවාදයන්ගෙන් පවත්නා තත්ත්වයන්ට අභියෝග කර රජය කටයුතු කරන ආකාරයේ විශාල වෙනසක් බලාපොරොත්තුවේ. එවන් විටක ඔවුන් දේශපාලන සංස්කෘතියේ ද වෙනසක් අපේක්ෂා කරයි.

දේශපාලන සංස්කෘතිය යන යෙදුම දේශපාලන විද්‍යාවට රැගෙන ආවේ ඇමරිකානු දේශපාලන ක්‍රමය ප්‍රචලිත කිරීමටය. 50 දශකයේදී ගේබ්‍රියල් ආමන් මෙය භාවිත කල අතර එය “ ද සිවික් කල්චර් ” 1963 ආමන්ඩ් සහ වර්බා ” කෘතියේද සඳහන් විය. එහෙත් ගර්හාඩ් ලෙම්බෲක් සහ අරෙන්ඩ් ලයිපාට් යන යුරෝපීය දේශපාලන විද්‍යාඥයන් දෙදෙනා මෙම සංකල්පයට විරුද්ධ වූහ. ලෙම්බෲක් ස්විට්සර්ලන්තය සහ ඔස්ට්‍රියාව ඇසුරින්ද,ලයිපාට් නෙදර්ලන්තය ඇසුරින්ද විශ්ලේෂණය කොට පවසා සිටියේ ඇමරිකානු දේශපාලන ක්‍රමයට වඩා ප්‍රබල ක්‍රම ලොව පවතින බවය.

සටහන්[සංස්කරණය]

| Political culture |}

"https://si.wikipedia.org/w/index.php?title=දේශපාලන_සංස්කෘතිය&oldid=388311" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි