දේශපාලන සංස්කෘතිය
දේශපාලන ක්‍රමයක ව්ධ්මත් ආයතනික පිළිවෙළ (formal instrutinal arrangment) සහ සැබෑ චර්්‍යාව අතර ඇති සබඳතාව අවබෝධ කරගැනීමට උපකාරී වන සංකල්පයක් වශයෙන් 'දේශපාලන සංස්කෘතිය' (political Culture) යන සංකල්පය හදුන්වා දිය හැකිය.
දේශපාලන සංස්කෘතිය යන සංකල්පය දේශපාලන විද්වතුන් අතර වඩාත් ජනප්‍රිය වන්නේ 1950 දශකය තුළදීය.දේශපාලන සංස්කෘතිය යන සංකල්පය කේන්ද්‍රකරගෙන එදා සිට මේ දක්වා දේශපාලන විද්‍යා විෂය භූමිය තුළ ලියවිලි විශාල ප්‍රමාණයක් එකතු වී ඇත.'දේශපාලන සංස්කෘතිය' සංකල්පයේ පුරෝගාමී දේශපාලන විද්‍යාඥයන් වන ආමන්ඩ් හා වර්මා විසින් දේශපාලන සංස්කෘතිය 'දේශපාලන ක්‍රමයක් තුළ ජීවත් වන සාමාජිකයන්ගේ,දේශපාලනය උදෙසා යොමු වූ පුද්ගල ආකල්ප වල රටා විලාශය' (pattern of individual attitude) ලෙස හදූන්වාදෙන ලදි. එය දේශපාලන ක්‍රියාවලට පුද්ගලයන් යොමුකරන්නා වූ මනෝබද්ධ විෂය ප්‍රදේශය (subjective realm) වේ. ආමන්ඩ් හා වර්මා දේශපාලන ක්‍රමය සම්බන්ධයෙන් ඇති වන මේ මනෝබද්ධ පුද්ගල යොමු වීමෙහි අංග ලක්‍ෂණ කිහිපයක් හදුන්වා දුන්හ.ඉන් පළමු වැන්න නම් දේශපාලන විෂය වස්තු (political objective) සහ විස්වාස (beliefs) පිළිබඳ ඇති දැනුමයි. දෙවැන්න වන්නේ, දේශපාලන විෂය වස්තු වලට පුද්ගලයාගේ ඇති සමබන්ධතාවය (attachment) ය. එනම් ඇතුළත්වීම (indvent) ප්‍රතික‍්ෂේප කිරීම (rejection) සහ ළැදියාව වේ. තුන්වැන්න නම් දේශපාලනික විෂය වස්තූන් සම්බන්ධයෙන් ඇති මතිමතාන්දර (opinions) තීන්දු, (judgment) ආදිය වේ. මෙය බොහෝ විට දේශපාලනයට අදාළ සංසිද්ධි, සංකේත හා උපකරණ පිළිබඳව පුද්ගලයන් ව්‍යවහාර කරන ඇගයුම් මිනුම් දඬු (political objects) ආමන්ඩ් සහ වර්බාගේ ඉහත ප්‍රකාශයෙහි මූලික යෙදූම් කිහිපයක් ඇතුළත් වේ.ඒවානම් රටා විලාසය (payyern),ආකල්ප හා යොමුවීම් (attitudes and orientations) සහ දේශපාලනික විෂය වස්තු (politicl objects) යනාදිය වේ.
ආකල්ප හා යොමුවීම් පුද්ගලයාගේ මනෝ විද්‍යාත්මක (individual psychology) අංශයට සම්බන්ධ වේ. පුද්ගලයන් ඔවුන් පිළිබඳ ව ඔවුන් වටා ඇති දේශපාලන ලෝකය පිළිබඳව සිතන්නේ කෙසේද යන්න ප්‍රශ්නය එයට සම්බන්ධ වේ. පුද්ගලයන්ගේ මේ දේශපාලන මානසිකත්වය අවබෝධ කර ගැනීමෙන් ඔවුන්ගේ දේශපාලන චර්්‍යාව කුමන ආකාරයක් ගනීදැයි සම්ප්‍රේෂණය කළ හැකිය. පුද්ගලයන් විශේෂ වූ දේශපාලන ක්‍රියාවකට මැදිහත්වන්නේ යම් කිසි දේශපාලන ආකල්පයක් හෝ ආකල්ප වල සමුදායක් විසින් කරනු ලබන පෙළඹවීම මතය. ආකල්ප හා යොමුවීමේ රටා විලාශය (pattern of attitudes and orientaion) පිළිබඳව අවධානය යොමු කිරීමෙන් එය අවබෝධ කර ගත හැකිය.
තුන්වන මූලිකාංගය වන දේශපාලන විෂය වස්තු (political object), යම් දේශපාලන ක්‍රමයක සිටින සාමාජිකයන්ගේ දේශපාලන මානසික චර්්‍යාව හැඩගැසීමට බලපෑම් දක්වන මූලිකාංගය වේ. දේශපාලන විෂය වස්තු වලට දේශපාලන සංකේත, දේශපාලන සංසිද්ධි, ආයතන හා පුද්ගල ප්‍රතිරූප පවා අයත්ය. දේශපාලන සංස්කෘතියක් නිර්මානය වන්නේ දේශපාලන සමාජීයකරණ (political socialization) ක්‍රියාවලිය පදනම් කරගෙනයි. ලූසියන් පයි හා සිඩ්නි වර්බා දක්වන පරිදි දේශපාලන සංස්කෘතිය යන වචනය මෑතකාලීන යෙදුමකි.එය දේශපාලන මතවාදය (political ideology), ජාතික සාරාත්මය (national ethos) හා ජාතික අධ්‍යාත්මය (national spirit) ජාතික දේශපාලන මනෝ භාවය (national political psychology), ජනතාවක ගේ මූලික ඇගයුම් (fundamental valuss of a people), යන අංශ පිළිබඳව ඇති අවබෝධය සමඟ සම්බන්ධ වේ.
මේ අනුව දේශපාලන සංස්කෘතිය යනු ස්ථතික දෙයක් නොව නිරන්තර වෙනස්වීම් වලට භාජනය වන්නා වූ දෙයකි.
මූලාශ්‍ර
[සංස්කරණය]- කීර්ති ආරියදාස මහතාගේ දේශපාලන න්‍යාය සංකල්ප මතවාද කෘතිය