තිම්පු
තිම්පු ཐིམ་ཕུ་ (ද්සොන්ඛා) | |
---|---|
තිම්පු නගරය | |
ඛණ්ඩාංක: 27°28′20″N 89°38′10″E / 27.47222°N 89.63611°Eඛණ්ඩාංක: 27°28′20″N 89°38′10″E / 27.47222°N 89.63611°E | |
රට | භූතානය |
දිස්ත්‍රික්කය | තිම්පු දිස්ත්‍රික්කය |
ආණ්ඩුව / පරිපාලනය | |
• අධිකරණ වර්ගය | ව්‍යවස්ථාමය රාජාණ්ඩුව |
• දෘක් ග්යාල්පෝ | ජිග්මේ ඛේසර් නම්ග්යෙල් වැන්ග්චක් |
උන්නතාංශය | 7,656 ft (2,320 m) |
ජනගහණය(2005)නගර සීමාව (2015) | |
• නගරය | 79,185 |
• ඝණත්වය | 7,850/වර්ග සැත (3,029/කිමී2) |
• පුරවර | 115,260 |
කාලගුණය | අර්ධනිර්වතන උස්බිම් කාලගුණය |
වෙබ් අඩවිය | නගරය සඳහාම වූ වෙබ් අඩවියක් නොමැත; http://www.tcc.gov.bt (තිම්පු දිස්ත්‍රික්කය සඳහා) |
තිම්පු හෝ තීම්ඵු (/tɪmˈpuː/;[1] ටිබෙට් වර්ණමාලාව: ཐིམ་ཕུ[2][3] [tʰimpʰu]), හෙවත් කලින් උච්ඡාරණය කල පරිදි තිම්බු,[4][5] යනු භූතානයේ අගනගරය සහ විශාලතම නගරයයි.[6][7] එය පිහිටා ඇත්තේ භූතානයේ මධ්‍යම බටහිර ප්රදේශයේය. එය වටකරගෙන ඇති නිම්නය භූතානයේ එක් ද්සොන්ඛාග් පරිපාලනමය ඒකක වලින් එකක් වන තිම්පු දිස්ත්‍රික්කයයි. තිම්පු නගරය භූතානයේ අගනුවර බවට ප්‍රකාශයට පත් කරනු ලැබූයේ 1961 වසරේදීය. 2005 වසර වන විට එහි ජනගහනය 79,185ක් වූ අතර සමස්ත තිම්පු දිස්ත්‍රික්කයේම ජනගහනය 98,676ක් විය.
භූතානයෙදී වැන්ග් චූහෝ තිම්පු චූ ලෙස හඳුන්වන රයිදාක් ගංගාවේ බටහිර ඉවුරේ ඇති නිම්නයේ උතුරු-දකුණු දෙසට පාර්ශවිකව විහිදුනු ආකාරයට නගරය පිහිටා ඇත. තිම්පු නගරය 2,248 මීටර (7,375 ft) සිට 2,648 මීටර (8,688 ft) දක්වා වූ උන්නතාංශ පරාසයක විහිදී ඇත.[8][9][10][11][12] සාමාන්‍යයෙන් අගනගරයකට ගුවන්තොටුපලක් තිබුනද තිම්පු අගනුවර ගුවන්තොටුපලක් නොමැත. එහෙත් 54 කිලෝමීටර (34 mi) පමණ දුරින් පිහිටි පැරෝ ගුවන්තොටුපළ සමග නගරය මාර්ගයකින් සම්බන්ධ කර ඇත.
තිම්පු නගරය භූතානයේ දේශපාලනික සහ ආර්ථික මධ්‍යස්ථානය වන අතරම දැවැන්ත කෘෂිකාර්මික සහ සත්ව නිෂ්පාදන පදනමක්ද ඇති නගරයකි. තිම්පු නගරය රටේ දල ජාතික නිෂ්පාදිතයෙන් 45%කට හිමිකම් කියයි.[13]සංචාරක කර්මාන්තය රටේ ආර්ථිකයට දායකත්වයක් සැපයුවද එය දැඩි ලෙස සීමා කර තිබේ. ඊට හේතුව වන්නේ සම්ප්රදාය, සංවර්ධනය සහ නවීකරණය යන ඒවා අතර සමබරතාවයක් පවත්වාගැනීමයි. තිම්පු නගරයේ දේශපාලනික වැදගත්කමින් යුතු ගොඩනැගිලි රැසක් ඇත. රට තුල අලුතෙන්ම ස්ථාපනය කරන ලද පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයේ සංකේතය වන ජාතික සභාව සහ රජුගේ නිල නිවස වන නගරයට උතුරින් පිහිටා ඇති දෙචෙන්චොලින් මාලිගය ඒ අතර ප්‍රධාන වේ. තිම්පු නගරය සංවර්ධනය කිරීම සඳහා "තිම්පු ව්‍යුහ සැලැස්ම" (Thimphu Structure Plan) නමින් නගර සංවර්ධන ව්‍යාපෘතියක් 1998 වසරේදී ඇරඹිණි. තිම්පු නිම්නයේ නොඉඳුල් පරිසරය ආරක්ෂා කිරීමද එහි එක් අරමුණකි. ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යාධාර සපයයි.
භූතානයේ සංස්කෘතියට අදාළ සාහිත්‍යය, ආගම, සිරිත් විරිත්, සාම්ප්‍රදායික ජාතික ඇඳුම්, ආගමික ස්ථානවල ආගමික කටයුතු, සංගීතය, නැටුම් ආදී දේ තිම්පු නගරයෙන් සම්පූර්ණයෙන්ම විද්‍යාමාන වේ. ත්ශේචු යනු භූතානයේ වැදගත් උත්සවයක් වන අතර චාම් නැටුම් ලෙස හැඳින්වෙන වෙස් මුහුණු නැටුම් ඊට සමගාමීව තිම්පු නගරයේදී දැකිය හැක. එම උත්සවය භූතාන දිනදර්ශනයට අනුව නියම වන දින හතරක කාලය තුල සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස වලදී සමරනු ලබයි.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Thimphu | Definition of Thimphu by Merriam-Webster". Merriam-webster.com. සම්ප්‍රවේශය 2015-10-13.
- ^ "DDC Dzongkha-English Dictionary: THI". Dzongkha Development Commission. 2010-05-14. සම්ප්‍රවේශය 2015-10-13.
- ^ "Romanization System for Dzongkha" (PDF). www.gov.uk. සම්ප්‍රවේශය 2015-10-13.
- ^ "Thimbu - definition of Thimbu by The Free Dictionary". thefreedictionary.com. සම්ප්‍රවේශය 2015-10-13.
- ^ http://www.nytimes.com/2008/03/21/world/asia/21iht-bhutan.1.11312503.html?pagewanted=all
- ^ "Thimphu". Encyclopædia Britannica. සම්ප්‍රවේශය 2010-06-05.
- ^ Parekh, N (1986). Himalayan memoirs. Popular Prakashan. p. 67.
- ^ "Thimpu Dzongkhag". Government of Bhutan. සම්ප්‍රවේශය 2010-06-08.
- ^ "Bhutan". Tourism Council of Bhutan:Government of Bhutan. සම්ප්‍රවේශය 2010-06-07.
- ^ "Introduction: Understanding Natural Systems". Government of Bhutan. සම්ප්‍රවේශය 2010-06-07.
- ^ Brown, p. 97
- ^ Palin, p. 245
- ^ "Economy". Tourism Government of Bhutan.