ඒව
Appearance
ඒව | |
---|---|
කලත්‍රයා(යන්) | ආදම් |
දරුවන් | කායින් ආබෙල් සෙත් වෙනත් අඥාත දරුවන් |
මූලික ලිපිය: ආදම් සහ ඒව
ඒව (හෙබ්‍රෑ: חַוָּה, සම්භාව්‍ය හෙබ්‍රෑ හී හාවා , නූතන ඊශ්රායෙල හෙබ්‍රෑ හී කාවා, අරාබි: حواء) යනු, ආබ්‍රහමීය ආගම් වල මැවීමේ මිථ්‍යාව ප්‍රකාර, උප්පත්ති පොතෙහි මැවීම් කථාන්තරයෙහි එන පරිදී දෙවියන්වහන්සේ විසින් මවන ලද පළමු ගැහැණියයි.
නම සහ සම්භවය
[සංස්කරණය]බයිබලයේ, ඒව (හෙබ්‍රෑ: חַוָּה, හාවා; අරාබි: حواء, හවා; ගීආඊස්: ሕይዋን හිය්වාන්; "ජීවමාන තැනැත්තිය" හෝ "ජීවයේ ප්රභවය", හායා යන්නට බැඳි, "ජීවත් වීමට"; අත්‍යන්ත වශයෙන් සැමිටික් මූලය හීව් වෙතින්[1]; ග්‍රීක: Εὕα[2], heúā) යනු ආදම්ගේ භාර්යාවයි. ඇයගේ නම සඳහන් වන්නේ අවස්ථා හතරකදී පමණයි; පළමු අවස්ථාව වන්නේ උප්පතිති 3:20: "මිනිසා සිය බිරිඳට ‘ඒව’ යන නම දුන්නේය. මන්ද, ඈ ජීවමාන සියල්ලන්ගේ මාතාව බැවිනි" (බැබිලෝනියානු මැවුම්කාරිනිය ටියමාට් විසින් පෙරදී දැරූ අභීධානයකි).
අධෝසටහන්
[සංස්කරණය]- ^ ඇමරිකන් හෙරිටේජ් ශබ්දකෝෂය
- ^ "1 තිමොති, පරිච්ඡේදය 2, වාක්‍යය 13". Perseus.tufts.edu. සම්ප්‍රවේශය 2012-03-14.