නිදහස් මෘදුකාංග

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
නිදහස් මෘදුකාංග
GNewSense screenshot.png
While most GNU/Linux distributions are composed almost entirely of free software, only a minority of them, such as gNewSense, meet the FSF's more strict guidelines, by completely eschewing proprietary components.

නිදහස් මෘදුකාංග යනු තහනමකින් තොරව භාවිත කල හැකි අධ්‍යනය කල හැකි සහ නවීකරණය කල හැකි මෘදුකාංග වන ඒවා තහනමකින් තොරව නවීකරණය කර හෝ නොකර පිටපත් කල සේම නැවත බෙදා හැරීමටද හැක. සමහර මෘදුකාංග පිටපත් ලබන්නන්ටද මෙම වෙනස් කිරීමට අවශ්‍ය වන සේ ඉතා අවම තහංචි පනවා ඇත. මෙම මෘදුකාංග නොමිලේ බෙදාහැරිය යුතු අතර පුද්ගලයකු‍ට භාවිත කල හැකි වන සේ වැඩසටහන් කේතයන් සහ අවසර ලබා සදන අවසරපතක් ලබන්නා වෙතට මෘදුකාංග සමඟ පත්කල යුතුය. මෙම අවසර පත “නිදහස් මෘදුකාංග අවසරපත” නම් වන අතර එමගින් කියැවෙන්නේ අදාල මෘදුකාංගයේ කේත මහජනකරණය කළ බවයි. සෑම පරිගණක භාවිතා කරන්නකුටම නිදහස ලබා දීමේ උදාරචේතනාවෙන් මෙම “නිදහස් මෘදුකාංග ව්‍යාපාරයේ” 1983 දී රිචඩ් ස්ටෝමන් විසින් ඇරඹීය. 1990 ගණන්වල සිට මේ ආකාරයේ මෘදුකාංග හැඳින්වනු ලබන්නේ “විවෘත මූලාශ්‍ර මෘදුකාංග” Open source software" යන යෙදුමෙනි තවද FOSS සහ FLOSS" යන යෙදුම්ද නිතරම භාවිත වේ. එසේම “නිදහස් නොවන මෘදුකාංග” යන යෙදුම් ඊට විරුද්ධාර්ත පදයයි. අන්තර්ජාලය හරහා මුදල් ගෙවීමකින් තොරව ලබා ගත හැකි මෘදුකාංග (freeware) වලින් නිදහස් මෘදුකාංග වෙනස් වේ. නිදහස් මෘදුකාංග වලට හිමිකාරීත්වයක් ලැබීම මෙම වෙනසයි. එසේම නිදහස් මෘදුකාංග මෙන් අන්තර්ජාලයෙන් මුදල් ගෙවිමකින් තොරව ලබා ගන්නා මෘදුකාංග අධ්‍යයනයට ,නවීකරණයට පෙර නැවත බෙදාහැරීමට පරිශීලකයාට හැකිනොවේ. මෙම වර්ග 2 අතර ඇති එකම සමාන කම වන්නේ ඕනෑම අයෙකුට භාවිත කිරීමට හැකිවීම පමණි. නිදහස් මෘදුකාංග නොමිලේ බෙදාහැරීම ඇරඹූ දා සිටම එය ගාස්තුවක් අය නොකර හෝ ඉතාම අවම ගාස්තුවක් අයකරගෙන ලබාදේ. නිදහස් මෘදුකාංග ව්‍යාපාර ආකෘති පදනම්ව ඇත්තේ සහාය ලබාදීමේ ,පුහුණු කිරීමේ, නවීකරණ කිරීමේ, ඒකාබද්ධ වීම් ,හෝ හතික කිරීම් වැනි වටිනාකම් එක් කිරීමෙනි. එමෙන්ම සමහර ව්‍යාපාර ආකෘති හරහා හිමිකාරීත්ව මෘදුකාංග ලබා දුන්නද ඒවා නිදහස් මෘදුකාංග වලින් වෙනස් වන්නේ එකී හිමිකාරීත්ව මෘදුකාංග නීත්‍යානුකූලව භාවිතයට ලබා ගත යුතු අවසර පත්‍රය ගෙවීමකින් අනතුරුව ලබාගත යුතු නියාවෙනි.

ඉතිහාසය[සංස්කරණය]

1950, 1960 හා 1970 දශක වල සාමාන්‍ය පරිගනක පරිශීලකයින් නිදහස් මෘදුකාංග භාවිත කළහ. මෘදුකාංග බොහෝ දුරට පරිශීලකයින් හා දෘඩාංග නිෂ්පාදකයින් මෘදුකාංග බෙදාහදා ගත් අතර එමගින් ඔවුන්ගේ දෘඩාංගවල ප්‍රයෝජනත්වය වැඩි කරනු ලැබීය. මෘදුකාංග බෙදා ගැනීමට සංවිධාන පවා පිහිටුවා ගත්හ. මෙමගින් මෘදුකාංග බෙදා හදා ගැනීම් වලට මනා සහයක් ලැබින. නමුත් 1960 න් පසු මෙම තත්වය වෙනස් විය. මෘදුකාංගයන්හි මිල විශාල වශයෙන් ඉහල ගියේය. දෘඩාංග නිපදවන සමාගම් වලට මෘදුකාංග නිපදවන සමාගම් සමග ඉතාමත් තියුනු තරගයක නියැලීමට සිදු විය. දෘඩාංග නිපදවන සමාගම් තම දෘඩාංග සමග මෘදුකාංග ලබා දෙනු ලැබුවේ එම මෘදුකාංග සදහා වන වියදමද එම දෘඩාංගය සදහා එකතු කිරීමෙනි. එහෙත් කල් යත්ම පරිශීලකයන් විසින් තම අවශයතාවයට ගැලපෙන මෘදුකාංග වෙනත් සමාගම් වලින් ලබා ගැනීමට හුරු විය. 1970 පමණ වනවිට මෘදුකාංග සමාගම් තම මෘදුකාංග එහි කේතය සමග බෙදා හැරීම නවතා දැමීය. එමගින් එහි වෙනස්කම් කිරීම හා එය අධයයනය කර නව නිෂ්පාදන සිදු කිරීම අවුරණ ලදී. 1980 වන විට මෘදුකාංග සදහාද බුද්ධිමය දේපල නීති අදාල විය.

1983 දී MIT කෘතිම බුද්ධිය සදහා වූ පරීක්ෂණාගාරයේ හැකර් ප්‍රජාවේ දීර්ගකාලීන සමාජිකයෙකු වූ Richard Stallman, විසින් GNU ව්‍යාපෘතිය ගැන හෙලි කළේය. මෘදුකාංග භාවිතය නිදහස් කිරීම ඔහුගේ අරමූණ විය. GNU මෙහෙයුම් පද්ධතිය සංවර්ධනය කිරීම 1984 දී ආරම්භ විය. තවද 1985 ඔක්තෝබර් මාසයේදී නිදහස් මෘදුකාංග පෙරමුණ පිහිටුවන ලදී. ඔහු ගේ අරමුණ වුයේ අයිතීන් ඇතුලත් නොවන නිදහස් මෘදුකාංග නිර්මාණය කිරීමයි. මෙහි ආර්ථික වටිනාකම විශාල ආයතන වන IBM, Red Hat, and Sun Microsystems විසින් වටහා ගන්නා ලදී. බොහෝ සමාගම් තම කටයුතු සදහාද මෙම නිදහස් මෘදුකාංග භාවිත කරන ලදී. අඩු වියදමක් දැරීමට සිදුවීම මෙහිදී කැපී පෙනෙන වාසිය විය.Creative Commons හා නිදහස් මෘදුකාංග පෙරමුණ මෙම නිදහස් මෘදුකාංග ව්‍යාපාරයට මහත් පිටිවහලක් ලබාදුනි.


තවද බලන්න[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=නිදහස්_මෘදුකාංග&oldid=263107" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි