TISM

විකිපීඩියා වෙතින්
TISM
මෙලෙසින් ද හැඳින්වේThis Is Serious Mum, The Frank Vitkovic Jazz Quartet, Machiavelli and the Four Seasons, Late for Breakfast
සම්භවයමෙල්බර්න්, වික්ටෝරියා, ඕස්ට්‍රේලියාව
ප්‍රභේදවිකල්ප රොක්, විකල්ප නර්තන, සින්ත්පොප්, නර්තන-රොක්
සක්‍රීය වර්ෂ1982–1983, 1984–2004, 2010–2011
ලේබලඑල්විස්, මියුසික්ලන්ඩ්, Phonogram, Shock, FMR, මෑඩ්මන්, සෝනි බීඑම්ජී, genre b.goode
සම්බන්ධිත රඟපෑම්Root!
ජොක් චීස්
The DC3
ඩේමියන් කොවල්’ස් ඩිස්කෝ මැෂීන්
වෙබ් අඩවියtism.com.au
අතීත සාමාජිකයින්

TISM (This Is Serious Mum යන්නෙහි සංකේත නාමයයි) යනුවෙන් හැඳින්වුණේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි සප්ත පුද්ගල නිර්නාමික විකල්ප රොක් සංගීත කණ්ඩායමකි. 1982 දෙසැම්බර් 30 දින මෙය ගොඩනගන ලද්දේ ගායක/බෙර වාදන ශිල්පී හම්ෆ්‍රී බී. ෆ්ලෝබර්ට්, බේස් ගිටාර් වාදක/ගායක ජොක් චීස් සහ යතුරු පුවරු වාදක/ගායක ඉයුජීන් ඩි ලා හොට් ක්‍රොයිස් බන් විසිනි. ඔවුන් විශාල අසම්මත/ස්වාධීන අනුගාමිකයන් පිරිසක් ආකර්ෂණය කරගැනීමට සමත් වූහ. ඔවුන්ගේ තෙවන ඇල්බමය වූ Machiavelli and the Four Seasons 1995දී ඕස්ට්‍රේලියාවේ ඉහළම ඇල්බම 10 අතරට එක් විය.

TISM කණ්ඩායම ප්‍රකට වූයේ ඔවුන්ගේ නර්තන සංගීතය සහ රොකෙන් රෝල් දෙමුහුම් සංගීතය, මනා ජවයෙන් යුත් සජීවී සංදර්ශන සහ හාස්‍යජනක ගී පද හේතුවෙනි. TISM ගීත මගින් නිතරම නූතන සංස්කෘතිය, ජනප්‍රිය පුද්ගලයින් සහ රසවින්දන ක්ෂේත්‍රය, සම්භාව්‍ය සාහිත්‍යය සහ කලාව, එදිනෙදා සම්බන්ධතා, දේශපාලනය සහ ක්‍රීඩාව උපහාසයට ලක්කෙරරිණි‍. ඔවුන්ගේ ගීතවල තේමා බොහෝවිට පොප් සංස්කෘතිය හා සම්බන්ධව බුද්ධිමත් වචන යෙදූ වචන හරඹයන් විය. (උදාහරණයන් ලෙස, "Would the Last Person to Leave Please Turn Out the Enlightenment?", "Jung Talent Time" සහ ඇල්බමය Machiavelli and the Four Seasons)

කාලරේඛාව[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:

සැකිල්ල:TISM

"https://si.wikipedia.org/w/index.php?title=TISM&oldid=591168" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි