S. Thomas' Preparatory School

විකිපීඩියා වෙතින්
ශාන්ත තෝමස් කණිෂ්ඨ විදුහල
පාසැලේ ප්‍රධාන ගේට්ටුව
Address
Map
98 Steuart Place, Kollupitiya

Colombo
,
Western
,
00300

ඛණ්ඩාංක6°55′0.6″N 79°50′50.4″E / 6.916833°N 79.847333°E / 6.916833; 79.847333
තොරතුරු
වර්ගයපුද්ගලික
ආදර්ශ පාඨයThe Lord is my Shepherd
ආගමික සබැඳියා(ව)Christianity
DenominationAnglican
Patron saint(s)St. Thomas
ආරම්භ කලේ17 මැයි 1938; වසර 85 කට පෙර (1938-05-17)
ආදිකර්තෘWilliam Thomas Keble
HeadmasterNihal Fernando
ශ්‍රේණි1 - 11
බාලක/බාලිකාපුරැෂ
වයස් පරාසය6 - 16
Enrollment900
LanguageSinhala, Tamil, English
Hours in school day07:45 - 13:45
Campus typeUrban
වර්ණ(ය)Dark blue, light blue and white
            
පාසල් ගීතය"Cheer Cheer Prep School Boys"
NewspaperPrep News
අනුබැඳියChurch of Ceylon, S. Thomas' College, Mount Lavinia
Alumni nameS. Thomas’ Preparatory School, Old Boys’ Union
Brother SchoolsS. Thomas' College, Mount Lavinia
S. Thomas' College, Gurutalawa
S. Thomas' College, Bandarawela
වෙබ් අඩවියstps.edu.lk/

ශාන්ත තෝමස් කණිෂ්ඨ විදුහල, කොළඔ, කොල්ලුපිටියේ පිහිටා ඇති පුද්ගලික පිරිමි පාසලකි. මෙම පාසලේ භාරකත්වය, ඇන්ග්ලිකානු ලංකා සභාව හා සතුය. ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලද, බණ්ඩාරවල ශාන්ත තෝමස් විදුහලද, ඇන්ග්ලිකානු ලංකා සභාවේ භාරකත්වය යටතේ පවතින අනිකුත් පාසල්ය.

ආරම්භය[සංස්කරණය]

මෙම පාසැල 1938 වසර, මැයි මස 17 වෙනි දිණෙහි, ඩබ්ලිව් . ටී . කීබල් මහතා විසින් අරභන ලදී. බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වූ එතුමා, මින් පෙර, ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ දී, ගුරුවරයෙක් ලෙස සේවය කළහ.

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල මෙන්, මෙම පාසැල පිරිමි පාසැලකි. ආරම්භයේදී ඇතුල්වීම, වයස හැවිරිදි පහත්, එකොලහත් අතර ශිෂ්‍යයන්ට සීමාවුවද, වත්මන් ශිෂ්‍යත්වය, පළවෙනි වසර සිට, සාමාණ්‍ය පෙළ විභාගය දක්වා පුලුල් වී ඇත. 2000 වසර වන විට, මෙම පාසලෙහි ශිෂ්‍යයින් 1100 ක් බැඳී සිටි අතර, ගුරුවරැන් 90ක් සේවය කළහ.

පරිපාලනය හා කළමනාකරණය[සංස්කරණය]

1930 වසරේ ශාන්ත තෝමස් විදුහල් පාලක මණ්ඩලයෙන් නිකුත් වූ නොම්බර 7 දරණ ආඥාපනත මගින් මෙම පාසැලේ පරිපාලනය, ඇන්ග්ලිකානු ලංකා සභාව සභාපති දූරය දරණ පාලක මණ්ඩලයකට භාරය.

මෙම පාලක මණ්ඩලයේ උපදෙස් අනුව දය්නික කළමනාකරණ, විදුහල්පති වරයා වෙත පවරා ඇත. එලෙස පත්වූ ප්‍රථම විදුහල්පති තුමා, එන්.ජී. අබේනායක මහතා ය.

අධ්‍යාපන පහසුකම්[සංස්කරණය]

ශිෂ්‍යයන්ගේ භාවිතයට පාසැල තුල ශ්‍රවණාගාරයක්, පංති කාමර 50 ක්, ක්‍රිස්තියානි පල්ලියක්, පරිගනක පහසුකම්, සංගීත කලා පංති 2 ක්, චිත්‍ර කලා පංති 3 ක්, ක්‍රීඩා පිටි 2 ක්, පැසිපන්දු ක්‍රීඩා පිටි 2 ක් සහ ආපනශාලාවක් පිහිටා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=S._Thomas%27_Preparatory_School&oldid=581792" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි