MySQL

විකිපීඩියා වෙතින්
MySQL
ගොනුව:MySQL.png
MySQL Logo
සංවර්ධක(යෝ)Oracle (පෙර Sun, පෙරMySQL AB)
ප්‍රථම නිකුතුව23 මැයි 1995 (23 මැයි 1995)
ස්ථායි නිකුතුව
5.6.10 / 5 පෙබරවාරි 2013; වසර 11 කට පෙර (2013-02-05)
පූර්ව දර්ශන නිකුතුව
5.6.9 / 11 දෙසැම්බර් 2012; වසර 11 කට පෙර (2012-12-11)
Repository
ක්‍රමලේඛන භාෂා(ව)C, C++
මෙහෙයුම් පද්ධතියCross-platform
ලබාගත හැකි භාෂා ගණනEnglish
වර්ගයRDBMS
බලපත්‍රයGNU General Public License (version 2) or proprietary EULA
වෙබ් අඩවියwww.mysql.com
dev.mysql.com

MySQL (කියවීම:මයි එස්.කියු.එල් හෝ මයි සීක්‍යුවල්) යනු (2008 සංඛ්‍යා ලේඛන වලට අනුව) ලොව වැඩිම වශයෙන් භාවිතා කරනු ලබන නිදහස් සබැඳි දත්ත සමුදා කළමණාකරණ පද්ධතිය (relational database management system (RDBMS)) මෙය වේ. දත්ත සමුදායන් විශාල සංඛ්‍යාවකට පරිශීලකයන් කිහිපයකට වුවත් සම්බන්ධ විය හැකි server එකක් ලෙස මෙය ක්‍රියා කිරීම මෙහි විශේෂත්වයයි.

මෙහි සම-නිර්මාතෘ වූ මයිකල් විඩෙනියස් ගේ දියණියගේ නමට අනුව My යන්නත් Structured Query Language යන්න සඳහා SQL යන්නත් භාවිතා කරමින් මෙය MySQL ලෙස නම් කර ඇත.

GNU පොදු මහජන බලපත්‍රය (GNU General Public License) යටතේ මෙන්ම තවත් විවිධ ස්වාම්‍ය (proprietary) එකඟතාවයන් යටතේ MySQL සංවර්ධන ව්‍යාපෘතියේ මූලාශ්‍ර කේතය ප්‍රකාශයට පත් කර ඇත. MySQL ව්‍යාපෘතිය MySQL AB නම් ස්වීඩන සමාගමකට අයත්ව තිබූ අතර එය වර්තමානයේදී ඔරකල් (Oracle Corporation) ආයතනයට අයත් වේ.

MySQL යනු වෙබ් වැඩසටහන් සඳහා ජනප්‍රිය තේරීමක් වන අතර LAMP වැනි නිදහස් වෙබ් යෙදුම් මෘදුකාංග කැටි තුල භාවිතා වන ප්‍රධානම සංරචකයකි. එවැනි පැකේජයන් පොදුවේ AMP ලෙස හඳුන්වන අතර එය Apache, MySQL සහ PHP/Perl/Python සඳහා කෙටා යෙදුමකි. එමෙන්ම කාර්යක්ෂම දත්ත හැසිරවීම් ක්‍රියාකාරකම් සහිත බොහෝ නිදහස් මෙන්ම ස්වාම්‍ය මෘදුකාංග පවා මෙය බහුල වශයෙන් MySQL භාවිතා කරයි. එමෙන්ම වාණිජ්‍ය භාවිතය සඳහා අතිරේක පහසුකම් සහිත මිලදී ගත හැකි සංස්කරණද පවතී.

MySQL භාවිතා කරන යෙදුම් සඳහා උදාහරණ නම් : TYPO3, Joomla, WordPress, phpBB, MyBB, Drupal ඇතුළු තවත් බොහෝ මෘදුකාග ද Wikipedia, Google (සෙවීම් සඳහා නොවේ), Facebook, Twitter, Flickr, Nokia.com, සහ YouTube වැනි මහා පරිමාණ විශ්ව විසිරි වියමන් (World Wide Web) යෙදුම් සඳහා ද MySQL යොදා ගනී.

අතුරු මුහුණත්[සංස්කරණය]

Windows තුළදී MySQL Workbench දිස්වන අයුරු

MySQL යනු සබැඳි දත්ත සමුදා කළමණාකරණ පද්ධතියක් වන අතර දත්ත සමුදායන් නිර්මාණය හෝ කළමණාකරණය කිරීමට එය සමඟ GUI (Graphical User Interface) එකක් නොලැබේ. පරිශීලකයන්ට MySQL සමඟ ලැබෙන command line interface එක හෝ MySQL සඳහා ඇති ඉදිරි කොණ මෙවලම් (front-end tools) වෙනම ස්ථාඵිතා කරගත හැක. මේවා මගින් දත්ත සමුදා නිර්මාණය සහ කළමණාකරණය, දත්ත සමුදා ආකෘති නිර්මාණය, දත්ත සමුදා උපස්ථ (back-up) කිරීම ආදී කාර්ය්‍යන් පහසුවෙන් සිදු කල හැක.
MySQL Workbench සහ MySQL Query Browser යනු නොමිලයේ බාගත කරගත හැකි එවැනි මෘදුකාංග වේ.

චිත්‍රක[සංස්කරණය]

නිල MySQL Workbench යනු MySQL AB සමාගම විසින් නිර්මාණය කරන ලද සංගෘහිත පරිස්ථිතියක් යන අතර එමගින් පරිශීලකයන් හට පහසුවෙන් චිත්‍රක (Graphics) ආධාරයෙන් MySQL දත්ත සමුදායන් පාලනය කිරීමට සහ ඒවායේ ව්‍යුහයන් දෘශ්‍ය ලෙස නිර්මාණය කිරීමට අවස්ථාව ලබා දේ. මෙම මෘදුකාංගය මීට පෙර තිබූ MySQL GUI Tools නම් මෘදුකාංගය වෙනුවට නිකුත් වූවකි. අනෙක් තෙවන පාර්ශවීය පැකේජ හි බොහෝ සෙයින් සමාන වුවත් දැනට භාවිතා වන MySQL ඉදිරි-අන්ත (front-end) මෘදුකාංග අතරින් වැඩි ඉල්ලුමක් පවතින්නේ මෙයටයි. මන්ද යත්, මෙමගින් දත්ත සමුදායන්හි සැලැස්ම, ආදර්ශක, SQL සංවර්ධනය (MySQL Query Browser එක වෙනුවට) සහ දත්ත සමුදායන් පරිපාලන කිරීම (MySQL Administrator එක වෙනුවට) යන සියළු දේ පහසුවෙන් සිදු කර ගත හැකි නිසාය.

MySQL Workbench මෘදුකාංගය MySQL වෙබ් අඩවිය මගින් නොමිලයේ බාගත කල හැකි නිදහස් සහ විවෘත වූ මහජන සංස්කරණයකින් සහ මහජන සංස්කරණයේ ඇති යෙදුම් වැඩි දියුණු කර නිර්මාණය කරන ලද ස්වාම්‍ය වූ සම්මත සංස්කරණයකින් ලබා ගත හැක. එමෙන්ම දෘශ්‍යමය වශයෙන් දත්ත සමුදායන් වෙනස් කල හැකි වෙනත් තෙවන-පාර්ශව පරිපාලන මෘදුකාංග (ඉදිරි-අන්ත [front-end] මෘදුකාංග)ද දැක ගත හැකිය. ඒවා සඳහා උදාරණ පහත දැක්වේ.

  • Adminer – එකවර දත්ත සමූදායන් කිහිපයක් කළමණාකරණය කල හැකි, PHP භාවිතා කරමින් ලියා ඇති, විවිධ CSS මුහුණත් සහිත නිදහස් ඉදිරි-අන්ත මෘදුකාංගයකි.
  • DaDaBIK – MySQL සඳහා වන, කැමති අයුරින් වෙනස් කල හැකි PHP භාවිතයෙන් ලියා ඇති CRUD (Create, Read, Update & Delete) වර්ගයේ ඉදිරි-අන්තයකි.
  • DBEdit – MySQL සහ වෙනත් දත්ත සමුදායන් සඳහා භාවිතා කලහැකි නිදහස් මෘදුකාංගයකි.
  • dbForge GUI Tools — සංක්ෂිප්ත නිරූපණ (Schema) සැසඳීම (Synchronization), දත්ත සැස සහ සමමුහූර්තකරණය සහ විමසුම් (queries) නිර්මාණය කිරීම ආදිය සිදුකල හැකි වෙන් වූ වැඩසටහන් සමූහයකි.
  • HeidiSQLMicrosoft Windows මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වන ඉදිරි-අන්ත මෘදුකාංගයක් වන අතර මෙමගින් පරිස්ථානීය (local) මෙන්ම දුරස්ථ MySQL දත්ත සමුදායන්ට සම්බන්ධ වී ඒවා කළමණාකරණය කල හැක. එමෙන්ම දිනය/වේලාව ක්ෂේත්‍ර සහ ප්‍රකණනය වූ බහු-අගයන් ගෙන් යුතු ක්ෂේත්‍ර වැනි විශේෂිත ලක්ෂණද මෙහි අඩංගු වේ.
  • LibreOffice Base - LibreOffice Base මගින් පරිශීලකයන්ට පහසුවෙන් දත්ත සමුදා නිර්මාණය සහ කළමණාකරණය, පෝරම සහ වාර්තා නිර්මාණය වැනි දේ සිදුකර ගැනීමට හැකිය. Access මෙන් මෙමගින් Access (JET), ODBC දත්ත මූලාශ්‍රයන් සහ MySQL හෝ PostgreSQL වැනි විවිධ වර්ගයේ දත්ත සමුදායන් සඳහා ඉදිරි-අන්තයක් ලෙස භාවිතා කල හැක.
  • Navicat – Windows, Macintosh සහ Linux සඳහා නිර්මිත ස්වාම්‍ය දත්ත සමුදා කළමණාකරණ මෘදුකාංගයකි.
  • OpenOffice.org – මුළු පද්ධතියම ස්ථාපනය කල විට OpenOffice.org Base මගින් MySQL දත්ත සමුදායන් කළමාණාකරණය කල හැක.
  • phpMyAdmin – PHP භාවිතයෙන් නිර්මාණය කර ඇති නිදහස් මෘදුකාංගයක් වන මෙය වෙබ් අඩවි ආශිතව බහුලව භාවිතා වන අතර එනිසාම LAMP stack, MAMP, XAMPP සහ WAMP වැනි මෘදුකාංග පැකේජ සමඟ ඇතුලත් කර ඇත.
  • SQLBuddy - PHP භාවිතයෙන් නිර්මාණය කර ඇති MySQL සඳහා ඉදිරි-අන්ත නිදහස් මෘදුකාංගයකි.
  • Sequel Pro - Mac OS X සඳහා වන නිදහස් සහ විවෘත මෘදුකාංගයකි.
  • SQLYog - MySQL සඳහා වන ප්‍රජා-සංවර්ධිත නිදහස් පරිශීලක අතුරු මුහුණතකි.
  • Toad for MySQLQuest Software මගින් නිර්මාණය කරන ලද නිදහස් ඉදිරි-අන්ත අතුරු මුහුණතකි.

තවත් ස්වාම්‍ය MySQL ඉදිරි-අන්ත මෘදුකාංග ලෙස dbForge Studio for MySQL, DBStudio, Epictetus, Oracle SQL Developer, SchemaBank, SQLPro SQL Client, Toad Data Modeler වැනි මෘදුකාංග දැක්විය හැක.

විධාන පේළිය[සංස්කරණය]

MySQL සඳහා බොහෝ විධාන පේළි වැඩසටහන් නිර්මාණය වී ඇති අතර ඒව අතුරින් ප්‍රධානතම එක වන්නේ mysql කමාන්ඩ් ලයින් ක්ලයන්ට් යන්නයි. එමෙන්ම තෙවන පාර්ශවයන් විසින්ද MySQL සේවාදායකය කළමනාකරණය කලහැකි, වේගවත් කලහැකි, විශ්ලේෂණය කලහැකි මෙන්ම රක්ෂිත (backup) කලහැකි මෘදුකාංග නිර්මාණය කර ඇත. මේවා බොහෝමයක් *NIX වර්ගයේ මෙහෙයුම් පද්ධති වලද, කිහිපයක් වින්ඩෝස් වලද ක්‍රියාත්මක වේ.

Maatkit
මෙය Perl පරිගණක භාෂාව මගින් නිර්මාණය කර ඇති අතර MySQL, PostgreSQL and Memcached සඳහා වන cross-platform වැඩසටහනකි. ප්‍රත්‍යක්තිය (replication) නිවැරදිව ක්‍රියාකිරීම සනාථ කිරීමටත්, විකෘති වූ දත්ත නිවැරදි කිරීමටත්, පුනරාවර්තී ක්‍රියාවන් ස්වයංක්‍රීය කිරීමටත්, servers වේගවත් කිරීමටත් මෙය භාවිතා කරයි. Maatkit මෘදුකාංගය CentOS සහ Debian වැනි GNU/Linux බෙදාහැරීම් වල අන්තර්ගත කර ඇති අතර Fedora සහ Ubuntu වැනි ඒවා සඳහා පැකේජ වශයෙන් ලබා ගත හැක. 2011 අග භාගය වන විට Maatkit තවදුරටත් සංවර්ධනය වීම නැවතුනු අතර, Percona විසින් එය Percona Toolkit නම් ළෙඳ නාමය යටතේ සංවර්ධනය කිරීම සිදු කරන ලදී.
XtraBackup
MySQL සඳහා විවෘත සංරක්ෂණ මෘදුකාංගයකි. InnoDB සඳහා අගුළු නොවන (non-locking) සංරක්ෂණ ද, වෘද්ධි (Incremental backups), ප්‍රවාහයන්,සමාන්තර-සම්පීඩිත සංරක්ෂණ (parallel-compressed backups), තත්පරයකට සිදුවන ආදාන-ප්‍රතිදාන ක්‍රියාවන් ගණන මත පදනම් වූ අවකරණය වැනි විශේෂ ලක්ෂණ රාශියක් මෙහි අඩංගු වේ.
MySQL::Replication
Perl නම් පරිගණක භාෂාව මගින් නිර්මාණය කරන ලද අතර එය MySQL හි ඇති ප්‍රත්‍යක්තිය සඳහා ආදේශකයකි.MySQL::Replication මගින් peer-to-peer සහ multi-master MySQL replication network නිර්මාණය කිරීමේ හැකියාවද පවතී.

Programming[සංස්කරණය]

AIX, BSDi, FreeBSD, HP-UX, eComStation, i5/OS, IRIX, Linux, Mac OS X, Microsoft Windows, NetBSD, Novell NetWare, OpenBSD, OpenSolaris, OS/2 Warp, QNX, Solaris, Symbian, SunOS, SCO OpenServer, SCO UnixWare, Sanos සහ Tru64 වැනි විවිධ platform මත ක්‍රියාත්මක වේ. OpenVMS සඳහාද MySQL තීර්ථයක් (port) ඇතුලත් කර ඇත.

MySQL නිර්මාණය කර ඇත්තේ C සහ C++ පරිගණක භාෂාවන් භාවිතා කරමිනි. එහි SQL ව්‍යාකරණය විග්‍රහකය (parser) ලියවී ඇත්තේ ඔවුන් විසින්ම නිර්මාණය කරන ලද yacc නම් ශබ්දකෝෂ විශ්ලේෂකයක් (lexical analyzer) මගිනි. භාෂා විශේෂිත උපයෝග වැඩසටහන් අතුරු මුහුණත් (API-Application Programming Interface) ඇති පරිගණක භාෂාවන් මගින් MySQL දත්ත සමුදායන්ට ප්‍රවේශ වීමට අවශ්‍ය ලේඛනාල (libraries) අඩංගු වේ. උදාහරණ ලෙස Microsoft Visual Studio (C# සහ VB) සඳහා MySQL Connector/Net ද,ජාවා පරිගණක භාෂාව සඳහා JDBC ධාවකයද දැක්විය හැක. MyODBC නම් ODBC අතුරු මුහුණත උසුරුවන වෙනත් පරිගණක භාෂාවන් (ASP සහ ColdFusion) MySQL දත්ත සමුදායන් සමඟ ගණුදෙනු කිරීමට හැකිය.

සංස්කරණ[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=MySQL&oldid=263365" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි